උණුසුම් පුවත්

ජනාධිපති ගෝඨාභය හා ඉන්දියා අගමැති අතර දුරකථන සාකච්ඡාවේදී කොළඹ නැගෙනහිර ජැටිය විකිණීමට එකඟවේ……!!

Spread the love

කොළඹ නැගෙනහිර ජැටිය පිළිබඳව මීට කලක පටන්ම ඉන්දියාවේ උකුසු ඇස යොමු ව තිබූ බව පසුගිය කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ  මෝදු වෙමින් පැවති ප්‍රශ්නයකි. නැගෙනහිර ජැටිය විකිණීමට කිසිසේත් ඉඩ නොතබන බවට වරාය වෘතිය සමිති පැවති මෛත්‍රි -රනිල් යහපාලන රජයට ප්‍රකාශ කොට වරාය විකිණීම එවකට පැවති රජයට හකුලා ගැනීමට සිදු විය. 

  කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හෝ වෙනත් රටකට දීමට එකඟ නොවී එය ශ්‍රී ලංකා රජයේ යටතේ පවත්වාගෙන යාමෙන් ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් මෙය රජයේ ආදායමට එක්විය. කොළඹ නැගෙනහිර ජැටිය( ECG )පරියන්තය තුළින් උපයන ආදායම වෙනත් ලංකාවේ කිසිදු වරායකින් ඉපයීමට හැකියාවක් නොමැති බව වෘතිය   සමිති විශේෂයෙන්ම පෙන්වා ඇත.

පසුගියදා ඉන්දියා අගමැති හා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවැති දුරකතන සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා   කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම මෙම සාකච්චාවේදී  එකඟවී ඇත.

සාර්ක් කලාපීය ණය අරමුදල සදහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 1.1 වැය කරන්නේ නම් කොළඹ ජැටිය පිලිබදව සලකා බලා වහාම ඉන්දියාවට දීමට එකඟව ඇත. මේ අනුව පෙනී යන්නේ නැගෙනහිර කොළඹ නැගෙනහිර ජැටිය ඉතාම ඉක්මනින් ඉන්දියානු රජයේ පාලනය යටතේ ද එක් කිරිමට ගෝඨාභය ආණ්ඩුව කටයුතු කරන බවයි.

මෙයින් පෙනී යන්නේ පසුගිය යහපාලන රජය මෙන්ම මෙම ගෝඨාභය ද දිගින් දිගටම රටේ සම්පත් විදේශිකයන්ට විකිණීම සිදු කරන බවයි මේ අනුව ඉදිරියේ දී ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් වන කොළඹ කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමක් වෙත ලබා ා දීමටත් මෙය ආර්ථිකයේ නව නැම්මක් වශයෙන් ශ්‍රී ලංකා රජය හැඳින්වීමටත් බොහෝ දුරට ඉඩ ඇති බව අපගේ වරාය සම්බන්ධ සමිතිවලින් මේ වන විට තොරතුරු ලැබී ඇත.

කොළඔ වරාය ලෝකයෙන්ම අඩි 24 කන්ටේනර හැසිරිවීම පිලිබදව ශ්‍රේණිගත කිරීමේ 24 වන් ස්ථානය හිමිකරගෙන ඇති නැගෙනහිර ජැටිය ශ්‍රි ලංකාවේ විශේෂ ස්ථානයකි. මේ පිලිබ්දව පාලකයන් හට ඇත්තේ රටෙරි දේපල විකුනාකා රටත් ජනතාවත් විනාශ කොට උන්ට රටින් පැනීමේ මානසිකත්වයකි. 

දැන් ඉතාම පැහැදිලි වන තවත් එක් දෙයක් ඇත. ඒ විශ්‍රාමික හිටපු හමුදාපති දයා රත්නායකව මෙහි සභාපති කලේත් රටේ සම්පත්  විකිණීමට ගෝඨාභයලාට අවශ්‍ය වටපිටාව සැකසීමට බවපැහැදිලිය. වරාය විකුණන විට ඔහු රඟ දක්වන භූමිකාව අනුව  රටේ ඇතිවන තත්වය මත ඔහු ඓතිහාසික ද්‍රෝහියෙකු කීමටත් අනාගතේ බැරි නැත.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like