උණුසුම් පුවත්

ලෝක ඉතිහාසයේම එකම මොහොතක පොලිස් නිලධාරින් 600 කට වඩා මරා දැමු කරුණා අම්මාන් තාම නිදැල්ලේ මෙය ඉන් දිවි ගලවා ගත් නිලධාරින්ගේ ජිවිත වලට තර්ජනයක්

Spread the love

රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රභලම චරිතයක් වු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ නායක වින්‍යාග මුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් යහපාලන ආණ්ඩුවේ ද හුරතලකු වි සිටිම ලංකාවේ යුක්තිය ඉටුවන ආකාරයට හොඳම ලෝකයට පෙනේ.
මේ වනවිටත් ලංකා රජය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මංඩලයේ මහ කොමසාරිස් වරයාගේ පවා දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේත් මෙම රජයද පසු ගිය රජයේ ගමන් මගේම යමින් අපරාධ කරුවන් නිතියේ ඉදිරියට ගෙන එමට කිසිදු උත්සහායක් නොගනී.
මිට වසර 27 කට පෙරදී එනම් 1990 ජුනි මස 11 වන එ අවාසනාවන්ත දිනයේදි ලංකාවේ නිතිය හා සාමය අරක්ෂා කිරිමට කැපවීසිට් ඒ නිරායුධ පොලිස් නිලධාරින් 600 දෙනා රජයේම බස් රථ වලින් රැගෙන ගොස් එක දිගට හිට ගස්සවා වෙඩිතබා මරා දැමු ඒ කාලකන්නින් මෙහෙයවපු කරුණා අම්මාන්ව අත්වඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කිරිමට බැරි පොලිස්පති වරයෙක් ප්‍රධාන ආණ්ඩුවකින් තවත් කුමක් බලාපොරොත්තුවිය හැකිද….?
මෛත්‍රිපාල ජනාධිපතිට හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිට පොලිසියේ 600 මැරුණාට කම් නැත වුන්ගේ දේශපාලන යේදී කරුණා ඉතා වැදගත ඉත්තෙක් නිසාය.
කරුණා එදා රාජපක්ෂලා ලග සිටියාටත් වඩා හොදට දැන් යහ පාලන නඩය සමග සිටි. නමුත් නිතිය රකින පොලිස් නිලධාරින්ට දැන් ඇත්තේ මර බියකි. කරුණාට විරුද්ධව සාක්ෂි දිමට ඔන තරන් නිලධරින් සිටි. නිරායුධ සිවිල් වැසියන් මොරවැවදි මරාදැමිමට එදා එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් යොදවා සිටියේ ළමා සොල්දාදුවන්ය. එයම කරුණාට විරුද්ධව ඇති ප්‍රභල සාක්ෂියකි. එවනි මිනිමරුවකුට නිදහසේ සිටිමට ඉඩදි අහක බලාගෙන සිටින කාලකණ්නි පාලකයන් සිටින රටක ජනතාවට නිතියේ පිහිට කෙසේ වෙතත් දෙයියන්නේම පිහිටයි….
මොරවැව හිටපු පොලිස් ස්ථානාධිපති
ආනන්ද ධර්මපාල විසින් ලියයි.


Spread the love

Leave a Comment

You may also like