මේ වන විට කොරෝනා ව්‍යසනය ශ්‍රී ලංකාවේ ත වෙමින් යම් තරමකට පාලනය කර ඇති අවස්ථාවකි .මේ සුවිශේෂී වගකීම පැවරී තිබුණේ සෞඛ්‍ය අංශයටය සෞඛ්‍ය අංශයේ වෛද්‍ය වරයාගේ සිට කාර්යාල කාර්ය සහයක දක්වාම සෑම ක්ෂේත්‍රයකම පහළම කම්කරු තෙක්ම ඔවුන් ඔවුන්ගේ වගකීම හදවතින්ම ඉටු කළ බව කිව යුතුය .
සමස්ත ජනතාවගේ ම ගෞරවයට පාත්‍ර වූ, සෞඛ්‍ය සේවයක යන්ට සමස්ත ලෝකයම විශාල වරප්‍රසාද සහ ඔවුන්ගේ දීමනා සහ අනෙකුත් සුබසාධන කටයුතු විශාල වශයෙන් මෙම කොරෝනා වසංගතය තුළ ඉහළ දැමීමට බොහෝ රටවල් කටයුතු කර ඇත.
ඒත් ලංකාවේ සෞඛ්‍ය විශාල කඩාවැටීමක් ඇති බව කිවයුතුය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙතෙක් ගෙවූ විශේෂ දීමනාව සහ අතිකාල දීමනා සියල්ලම මේ වන විට කපා දමා ඇති බව අප වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය සේවයේ එක් සාමාජිකයෙක් කියා ලදී ඔහු පවසා සිටියේ අඛණ්ඩ සේවා මුරයක් සිදුකිරීමෙන් පසු ඉතාමත්ම දුෂ්කර කාර්යයක නිරත වී නිවසට යාමට බස් රථයක් නොමැතිව ත්‍රීවිල් ලබාගෙන මධ්‍යම රාත්‍රියේ නිවෙස්වලට යන බවයි.
මෙය සත්‍ය කරුණක් බව ඕනෑම ලොකු කුඩා සෑම කෙනෙක්ම දන්නා දෙයකි කොරෝනා වසංගතය පැමිණි විට සෞඛ්‍යය වෛද්‍යවරුන් හෙදියන් අදාළ සියලුම කාර්යමණ්ඩලයේ පහළම කම්කරුවා තෙක්ම ඔවුන් ඔවුන්ගේ වගකීම නොපිරිහෙලා ඉටු නොකළා නම් කිසි දවසක ශ්‍රී ලංකාව අද මෙම ලබා ඇති යම් ප්‍රගතියක් ඇත්නම් එය කිසිසේත් ළඟා කරගත නොහැක.
ශ්‍රී ලංකාවේ අවාසනාව දේශපාලනඥයින් ඒ සියල්ල අභිබවා ඔවුන් සියල්ලටම වඩා හේතු පාදක කර ගනු ලබන්නේ දේශපාලනයේ ඡන්ද මගඩි යයි මේ වෙනුවෙන් සෑම නියෝජ්‍ය ඇමති වරයෙකුට ම රුපියල් දෙලක්ෂ 2,50,000 ඉන්ධන පොතක් ලබාදීමටත් රජයේ වාහනයක් ඔවුන්ට පාවිච්චි කිරීමටත් ඒ සඳහා ඔවුන් මාසික දීමනාවක් වශයෙන් ලක්ෂයක් රජයට ගෙවීමට කුලී පදනම මත වාහන ලබා දීමට මේ අනුව කටයුතු කරමින් ඇත .
අගමැති මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභයගේ නියෝග මත එම කටයුතු මේ වන විට සිදු වෙන අතර ඒ සඳහා අති විශාල මුදලක් වැය කිරීමට සිදු වීම හේතුවෙන් මෙම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම දීමනා සහ විශේෂ දීමනා අතිකාල දීමනා සියල්ලම කපා දැමීමට සිදුව ඇති බව නම හෙළි කිරීමට කැමතියි නියෝජිතයෙක් අප වෙත අදහස් දක්වමින් පවසා සිටින ලදි.
07/25