උණුසුම් පුවත්

අනිල් – පබා හතරවරන් නවතා එකක් කියනු…….!!

Spread the love

වසන්ගත රෝග විශේෂඥ වෛද්‍ය   පබා පලිහවඩන මහත්මිය හා කොරෝනා වසංගත මැඩලීමේ කමිටුවේ ප්‍රධානී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එක් කරුනක් සදහා පරස්පර මත දෙකක් මේ වනවිට ප්‍රකාශ කර ඇත…
එනම් දැනට වසා දමා ඇති පාසල් නැවත විවෘත කිරීමේදී පාසල් දරුවන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැලදිය යුතු බවය…
තවද වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසන්නේ එසේ පාසල් දරුවන් මුව ආවරණ පැලදීම අත්‍යාවශ්‍ය නොවන බවයි..
ගැටටුව නම් වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල ආසන්න වශයෙන් පාසල් 10012 ක පමණ පාසල් ශිෂ්‍යය ශිෂ්‍යයාවන් 4,037157ක් පමණ වන අතර මෙම පරස් පර විරෝධී ප්‍රකාශ මතින් අනතුරේ හෙළනුයේ රටේ මතු අනාගතය වන හතලිස් ලක්ෂයක් ඉක්මවූ අපගේ දුවා දරුවන්ගේ ජීවිතයි…
මෙය තවත් අතකින් විමසිල්ලෙන් නිරීක්ෂණය කලවිට මුව ආවරණ නිෂ්පාදනය ගෙන්වීම හෝ කුමන අයුරකින් සිදු කලද ඒවා යම් ලෙසකින් මුදලට මිලදීගැනීමක් සිදුවන්නේ නම් එයද තවත් ජාවාරමක නොඑසේනම් දේශපාලන බලපුලුවන්කාරයින්ගේ සාක්කු තරකර ගත හැකි පිඹුරුපතක් වීමටද ඉඩ ඇත..
කෙසේ වෙතත් වහාම එක්ව නිශ්චිත විද්‍යාත්මක පැහැදිලි කිරීමකින්  රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් සහතික කල හැකි සෞඛ්‍යමය තීන්දුවක් ගන්නා තුරු ලංකාදවස ඒ පුවත්පතේ අපි සීරුවෙන්…
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ

Spread the love

Leave a Comment

You may also like