උණුසුම් පුවත්

ජාතිවාදයෙන් බලයට ආව ආණ්ඩුව මුස්ලීම් ජනතාවට පල නොකියා පලා බෙදයි…

Spread the love

වර්ථමාන ආණ්ඩුව බලයට ඒමේදී බහුල වශයෙන් යොදාගත් සංකල්පයක් වුයේ “ජාතිවාදය”යි, රට ගැන හැඟීම ජාතිකත්වයකින් මතු කරන්නා වෙනුවට දේශපාලන බලය උදෙසා එකම රටක ජාතීන් අතර බෙදීමක් මවමින් ජාතිවාදය මාර්කට් කොට බලයට පැමිනි වර්ථමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට මූලිකත්වය ගත් ජාතිවාදී කණ්ඩායම් වල සහ ජාතිවාදය වපුරවන මාධ්‍ය ආයතන වල පදයට නැටීමට පටන් ගෙන සිටී.
දිගින් දිගටම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍ය ජාතිවාදය උකහා දැක්වීම ඊට පැහැදිලි නිදසුනකි.
එසේම රාමසාන් අවසන් වූ වහාම ආණ්ඩුව මිල ගනන් ඉහල නැංවූ ආනයනික භාණ්ඩ ලැයිස්තුවට රටඉඳි ත් එක්කොට තිබේ,රටඉඳි මෙරට වගා නොකරන සේම වගා කල නොහැකි බව කවුරුත් දන්නා කාරනාවකි, මුස්ලීම් ජනතාව බෙහෙවින් භාවිතා කරන සහ ගුණාත්මක ආහාරයක් වන රටඉඳි මිල මෙලෙස ඉහල නැංවීමේ අරමුණ ගැටලුවකි…
මෙහිදී රටඉදි 1 කිලෝග්‍රෑමයක් සදහා ආයනික බද්ධ රුපි. 100 ක් කිරීමද අනෙකුත් ආහාර සමඟ සැසදීමේදී 15% පමණ ප්‍රමානයකි. ම්,එය හුදෙක් මෙවන් වකවානුවක සිදු කර ඇත්තේම මුස්ලිම් ජන්තාව ඉලක්ක කර බව ඉතාම පැහැදිලිය .
රජයේ මෙවනි අත්තොනෝමතික ක්‍රියා නිසා සිදුවන්නේ සිංහල ජාතිය කෙරෙහි වෛරයක් ඉපදවීම බව ඉතාම පැහැදිලිය.
දර්ශණ ඉතාලියේ සිට

Spread the love

Leave a Comment

You may also like