උණුසුම් පුවත්

සාසනය තුල විගඩම් නටන්නන් පිලිබද ගිහියකු කනස්සල්ලෙන් ..වොයිස් කට් කල්ලිත් නිහඩයි……..!!

Spread the love

ගෞතම බුදුන් වහන්සේ වරෙක දේශන කලේ මා දේශන කල ධර්මයත් සම්බුද්ධ සාසනයටත් යම් විනාශයක් අගතියක් කරන්නේ නම් එය සාසනය තුලින්ම මතුවන කෙනෙක්ගෙන් යනුවෙනි..
අද වන විට එය යථාර්ථයක් බවට පත් වෙමින් පවතී…
කලක සිටම තමා රහත් වූ බවත් ධර්ම කරුණු විකෘති කරමින් ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරන හිමිවරුත්…එසේම අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හිස් වචන යොදමින් බණ දේශනා කොට ජනප්‍රිය වී.
ඒ ජනප්‍රියතාව මතින් දේශපාලකයා වෙනුවෙන් පෙනීසිට වරදාන වරප්‍රසාද ලභාගන්න හිමිවරුත් මෙන්ම ආසන්න දිනක සිට බුද්ධත්වයට පත් වූ හිමි නමක් ගැනද ඉතා ආන්දෝලනාත්මක වීඩියෝ දර්ශන,චායාරූප හා සමාජයේ විශාල කැලඹීමක්  සිදු වී ඇත….
සැබවින්ම භික්ෂුව තම අග්‍රගණ්‍ය සාසනගත වගකීම පැහැර හරිමින් ඉතා පිලිකුල් ලෙස වර්ථමානය වන විට ක්‍රියාකරමින් සිටීමේ අහිතකර ප්‍රතිඵල ලෙස කලින් කලට සම්බුද්ධ සාසනය තුල මෙවන් විගඩම් වාර්තා වෙමින් පවතී…
භික්ෂුවකට නොගැලපෙන ආකාරයෙන් ප්‍රසිද්ධ නලු නිලියන් හා විව්ධ තරාතිරම් වල පුද්ගලයන් හා සමීප චායාරූප ගනිමින් ඉතාම සැපවත් ජීවිතයක් ගතකරමින් තවද දකින කෙනෙකුට බෞද්ධ දරශණය මෙවන් එකක් දැයි හැගෙන පරිදි කටයුතු කරමින් නොනැවතී තමන් බුදු වූ ලෙස හුවා දක්වන වීඩියෝවක් සමාජ ගතවී ඇති මොහොතක…
දේශපාලකාගේ පැවැත්ම වෙනුවෙන් ඉතා ඕනෑකමින් ජාති භේද ආගම් භේද නිර්මාණය කරමින් ක්‍රියා කරන භික්ෂුන් අද වනවින දැඩි නිද්‍රාශීලි තත්වයක සිටින මොහොතක එමෙන්ම මහානායක හා අනුනායක ස්වාමීන්වහන්සේලාගේද කිසිදු මැදිහත්වීමක් නොමැති මොහොතක ගිහි සමාජයේ සැබෑ බෞද්ධයකු සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ආරක්ශාව වෙනුවෙන් ඉදිරිපත් වී ඇති බව අපට වාර්ථා වී ඇත..
සැබවින්ම අසේල සම්පත් නම් ඔහු සමාජ අසාධාරණයන් වෙනුවෙන් අපක්ෂග්‍රාහීව අපක්ෂපාතීව තම හඩ අවදි කරන වත්මන් සමාජ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පුද්ගලෙකි..
සැබවින්ම තමා නියෝජනය කරන වරදාන වරප්‍රසාද ලභන දේශපාලකයන් හා හිතවතුන් වෙනුවෙන් පෙනී සිටින භික්ෂු කොටස් සිටිනා සමාජක එමෙන්ම සම්බුද්ධ සාසනයේ ඇවතුම් පැවතුම් භාර මහානායක ස්වාමීන්වහන්සේලා ද නිහඩ මොහොතක ඔහුගේ නිර්භීත අවංක සැබෑ බෞද්ධ හැගීමෙන් ඍජුව ක්‍රියා කිරීම අගය කරමු..

https://www.youtube.com/watch?feature=youtu.be&v=YdPBLHqxyrw&app=desktop#dialog

සුමුදු මද්දුමආරච්චි

මිලානෝ

Spread the love

Leave a Comment

You may also like