දෙරණ රුපවාහිණියේ “දිලිප් ජයවීර “යනු බුදුන් ගේ රස්තියාදුව කියාත් ,සිදුහත් ගේ ආතල් එකක් බව කිම දෙරණේ අසුජි බුදින චතුරලාට කිසිදු ප්‍රශ්ණයක් නැත.
ඒත් ඊයේ පාසැල් කාලයේ පටන් “චතුර ගේ යට කලිසමමේ ” ඇබයක් මහත් වීරියක් නොදාම ඉතාම සැහැල්ලුවෙන් විනිතව ගලවා දැමු යුධ හමුදාපති ශවින්ද්‍රසිල්වාට ජනතා පුවත් පතක් ලෙසට අපේ ගෞරවය හා ස්තුතිය පුදකරනුයේ ජඩ මාධ්‍ය කලාවට හමුදා විනය ඉදිරියේ දණ ගැසීමට් සිදු විය.
එය මෙසේ විය (චතුර )…………….
“ඔබ තුමා ගේ සේනාංකය 2008 දි ඉතාම වේගයෙන් සතුරු ප්‍රදේශ අත්පත් කර ගනිමින් කිලිනොච්චිය දෙසට යනවා ඒත් කිලිනොච්චිය අල්ල ගන්න පෙර එම සටන් අඩාල වෙනවා,මෙහෙම වුනේ යුධහමුදාවෙ ඉහලින් ලැබුණ අණක් අනුවද ….? කිලිනෝච්චිය අල්ලා ගැනීමේ ගෞරවය වෙනත් නිලධාරියෙකුට ලබා දීමේ අරමුණින් ඔබව වැලැක්කුවාද……? ඇත්තටම හමුදාපති තුමනි මේ ප්‍රශ්ණය මම පාසැල් යන් කාලේ ඉදම්ම හරියට හිතේ හිරවේලා තිබුණ ප්‍රශ්ණයක් ඒත් දැන් ඔබතුමාට ඒකට පිලිතුරක් දෙන්න පුලුවන් වෙයි කියලා මම හිත්නවා……… #
( හමුදාපතිශවින්ද්‍ර සිල්වා පිලිතුරු දෙමින් )
අපරාදෙනේ චතුර මෙච්චර කාලයක් ඕක හිරකරන් හිටියේ අපෙන් ඇහුවනන් කියනවා නේ……….. ඇත්තටම මේකයි උනේ ඔව් අපි 2008 ඉතාම වේගයෙන් ඉදිරියට යමින් තිබුණේ. එක්තරා තැනකදි ෆීල්ඩ් මාෂල් තුමා මට උපදෙස් දුන්න කිලිනොච්චියට කලින් මම හිටපු තැනින් නැගෙනහිර දෙසට ගිහින් පරන්තන් අල්ලන් කියලා.
අපිට යුධ බිම පෙනුනේ කුඩා පරාසක් තුලින් ඒත් ඒකේ ගැඹූරුම විශාලම පරාසයකින් ඒක දැක්කේ ෆීල්ඩ් මාෂල් තුමා එතුමා සතුව තමා. යුද්ධය පිලිබදව විශාලම අදහස තිබුණේ.ඉතිං අපි මුලින පරන්තන් ගත්ත ,ඊට පසුව මට උපදෙස් ලැබුණා කිලිනොච්චිගන්න.
ඒත් ඒ වෙද්දි ජගත් ඩයස් ගේ බලසේනාංකය හිටියේ කිලිනොච්චියට බටහිරින් මම ඇහුවා ෆීල්ඩ් මාෂල් තුමා ගෙන් අපි ඔහුට කිලිනොච්චිය ගන්න දෙමු කියා. ඊට ඔහුත් කැමති උනා ඉතිං චතුර මෙන්න මේ දේ තමයි උනේ……..”
රටේ ජනතාව භේද භින්න කරමින් යුද්ධය කල රටේ හමුදාව භේද භින්න කරන මෙවන් තුප්පැහි ජාතිවාදි , වර්ගවාදී හා ආගම්වාදී මාධ්‍ය කලාවටම නිගාවකි.
අවම තරමින් මාධ්‍ය ආචාර ධර්මවත් නොදන්න චතුරගේ හිරව තිබු ඇබේ වසර ගනනාවකට පසුවත් ගැලවීම නිසා දැන්වත් හරියාවිදෝයි අපිනම් විශ්වාස නොකරමු.
ඒ වගේම රටේ යුද්ධ සමයේ නිවරදි දේශපාලන නායකතවයක් දීමට අගමැති මහින්ද රාජපක්ෂට තිබු කොන්දත්, ඒ කොන්ද කෙලින් තියා ගැනීමට ශක්තියක් වු ජනතාවිමුක්ති පෙරමුණත් ,චම්පිකරණවක වැනි අය සමඟම දේශපාලකයා හා පරිපාලකයා ගේ නියාමනය කල එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේත් දායක්තවය, තිබු බව සටහන් කිරීමට අපි කුහක නොවෙනවා සේම හරි දේ හරි කීමත් වැරැදි දේ වැරදී කීමත් අපේ පුවත් පත් කලාවයි.
ඒත් දිලිප් ජයවීර ගේ සල්ලි ,බලය ළඟ අභීත “සෙන්පති ෆීල්ඩ් මාෂල් තුමා ” කීමට තරම් ” ශවින්ද්‍ර සිල්වාට කොන්දක් ” තිබීම මතු පරම්පරාවටත් වහලුන් සේ සිතන උන්ටත් ගැසු තවත් කම්මුල පහරකි.