උණුසුම් පුවත්

අධිකරණ අමාත්‍යාංශයටත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක්………?

Spread the love

 අද දින විභාගයට ගත්  පාර්ලිමේන්තුව අවසන් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ඇති පෙත්සම් පිළිබඳව විභාගය අද දින ආරම්භ විය මෙය ආරම්භ වීමත් සමඟම කරලියට පැමිණි අධිකරණ අමාත්‍යාංශයට විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙකු මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තෝරාගෙන තිබෙන බව අප වෙත ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.

ජනාධිපති අධිකරණ අමාත්‍යාංශයට මේජර් ජනරාල්වරයෙක් ලේකම් ලෙසට  පත් කිරීම සිදුකරන්නේ අධිකරණයට එක්තරා ආකාරයක බලපෑමක් සහ තර්ජනයක් දැයි ජනතාව වෙනුවෙන් ප්‍රශ්න කළ යුතුව ඇත.

ඒ රාජපක්ෂ වනාහි ලංකාවේ පවත්නා උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පිටුපා යුද හමුදාවේ බලයෙන් තමා වටා ඉන්න ගජබා රෙජිමේන්තුව හරහා රටක් ගෙන යා හැකි යැයි සිතන ඉතාමත්ම මනංකල්පිත පුද්ගලයෙකු බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

එසේම අධිකරණ අමාත්‍යාංශයට විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙකු  පත් කිරීමෙන් සිදුවන්නේ මේ හරහා සමස්ථ අධිකරණ පද්ධතියම භීතියට සහ කිසියම් තර්ජනයකට නතු කරගැනීම දැයි  විද්වතුන්ගේ අදහසයි. එසේම රටක අධිකරණය වූ කලී ස්වාධීන සහ නිදහස ස්ථානය විය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ අධිකරණයට මෙයාකාරයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙක් පත් කරන්නේ නම් මෙය  ලෝකෙට දෙන පණිවිඩය අධිකරණයක් යුධ හමුදාකරණය කර ඇති බව නොවේද ………?

ගෝඨාභය ජනාධිපති වරයා මේ ආකාරයෙන් තීරණ තීන්දු ගෙන කටයුතු කරන්නේ ඔහු අසීමිත බලයකින් වැජඹෙනවා  යැයි වැජඹෙනවා ඇතැයි ඔහු මනංකල්පිත ව සිතාය. ඒත් එදා ජේ.ආර්ට ප්‍රේමදාසලා ට තිබු බලතලවලින් විශාල ප්‍රමානයක් කපා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා තටු  කපා ඇති බවවත් ගෝඨාභය නොදන්නාකම පිළිබඳව අපට ඇත්තේ අපමණ දුකකි .

එසේම ජනාධිපතිවරයා කරන අධිකරණයට කරන තර්ජනය සමස්ත ජනතාව සහ බුද්ධිමත් සාමකාමී ජනතාව තරයේ හෙළා දකින බවද සටහන් කළ යුතුවම ඇත.

07/25


Spread the love

Leave a Comment

You may also like