උණුසුම් පුවත්

රටක සම්පූර්ණ මූල්‍ය බලය ඇත්තේ එරට පාර්ලිමේන්තුවට – විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක් සමග පැවති සාකච්ඡාව..

Spread the love

1978  ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව රටක සම්පූර්ණ මූල්‍ය බලතල පාර්ලිමේන්තුවට ලබාදී ඇත්තේ 148 වන ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාවට රටේ සියලුම මූල්‍ය කටයුතු කළ යුත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් පමණයි.

මෙම අවස්ථාවේදී රට තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ මෙහිදී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටකට විදේශ ආධාර හෝ විශේෂ කටයුතු සඳහා රටකින් රටකට අපේ රටට (ශ්‍රී ලංකාවට  )ලැබෙනවා නම් කුමන හෝ ආධාරයක් සියල්ලම  ඒ රටේ   පාර්ලිමේතුවේ පිටුවා ගත් ඒකාබද්ධ අරමුදලට,     ඒකාබද්ධ අරමුදල කියන එක පිහිටුවා ගත යුත්තේ පාර්ලිමේන්තුවේ.

පාර්ලිමේන්තුවෙන් තොරව පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට මේ කළ නොහැකි දෙයක්,  එසේ කරනවා නම් ඒක නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්, මෙහිදී උද්ගතව ඇති තත්ත්වය අනුව දැනට රටවල් වලින් ලැබෙන විදේශාධාර කිසියම් පුද්ගලයෙකුගේ නමට පුද්ගලයින් කණ්ඩායමකගේ නමට බැරවීම කිසිසේත් නොකල යුතුයි.

මේ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේදී ්‍ය හා විශේෂ රාජ්‍ය සේවක වැටුප් සහ විශේෂ අවස්ථාවලදී කියලා කොටස් දෙකකට වෙන් කිරීමෙන් පසු ඒවා වියදම් කිරීමේ හැකියාව ව්‍යවස්ථාව  151  ව්‍යවස්ථාව එහිදී  ඒකාබද්ධඅරමුදලේ ඇති  මුදල් වලින් ජනාධිපතිට මේ විශේෂ අවස්ථාවේ මුදල් ගෙන වියදම් කල හැකියි. ඒත් අද එවැන්නක් කිරීමට ඔහුට කිසි සේත් නොහැකියි ඒ දැනට පාර්ලිමේතුව අත්හිටුවා ඇති නිසායි.

වියදම් කිරීම කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ඉදිරි වර්ෂය සඳහා ඉදිරි වර්ෂය සඳහා විශේෂිත වියදම් පිළිබඳව එම අරමුදලෙන් මුදල් ලබා ගෙන හැකි වියදම්කුමන හෝ විශේෂ තත්ත්වයක් ඇති වුවහොත් එහිදී විශේෂ ඒකාබද්ධ අරමුදලෙන්  විශේෂ අවස්ථා සඳහා වෙන්කරන ලද මුදලින් ජනාධිපතිවරයාට ඕනෑම කටයුත්තක් සඳහා වියදම් කිරීමේ බලයක් ලබාදී තිබෙනවා.

සමස්තයක් වශයෙන් මේ සියල්ලම කළ හැක්කේ පාර්ලිමේන්තුවක් තුළදී පමණයි.

සමස්ත ජනතාවටම අපේ දැනුම් දීමට කැමති එසේ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 සිට 151 දක්වා සියලුම මූල්‍ය කටයුතු කල හැක්කේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් භාරදී ඇත්තේ පාර්ලිමේන්තුවටයි.

පාර්ලිමේන්තුවකින් තොරව මේ කිසිදු කාර්යයක් රටේ සේනාධිනායකයා වූ පමණින් ජනාධිපතිවරයාට හෝ වැඩබලන දැනට භාරකාර රජයක් වශයෙන් ලංකාවේ   අග්‍රාමාත්‍යවරයා විසින්කිසිවක් කළ නොහැකි පාර්ලිමේන්තුව කැඳවීමකින් තොරව කිසිවක් කිසිවකුට වියදම් කිරීමේ නිතියානුකූල අයිතියක් හිමි නොවේ..

කතෘ සටහන්;

අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබදව හසල දැනුමක් ඇති විශ්‍රාමික විනිසුරුවරයා ඉතා කෙටියෙන් රටේ ජනතාවට   තේරුම් ගත හැකි ලෙසට එය පහදා දීම වෙනුවෙන් ලංකාදවසේ විශේෂ ස්තුතිය.


Spread the love

Leave a Comment

You may also like