.වර්ථමාන ආණ්ඩුව රටේ පොදු ජනතාව සතු පොදු ජනතාවට හිමි රාජ්‍ය මුදල් පිලිබද දරන්නේ ප්‍රාථමික දෙබඩි පිලිවෙතකි,එනම් ;
01) 2019 අතුරු සම්මත ගිණුමක් හරහා 2020 වෙනුවෙන් රු. බිලියන 1469 ක් වෙන් කොට තිබියදී 2020 පලමු පාර්ලිමේන්තු සැසිවාරයේදීම එය ප්‍රමාණයවත් නොවන බව පවසමින් එම මුදල් ප්‍රමාණය සහ විදෙස් ණය ලබාගැනීම සඳහා වූ සීමාවන් තවදුරටත් වැඩි කිරීමට වර්ථමාන ආණ්ඩුව ඉල්ලා සිටියේය,නමුත් විපක්ෂයේ දැඩි විරෝධය මත ඔවුන්ට එම ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට සිදුවුනි.
02) එසේ ඉල්ලා අස් කර ගත් පසුව ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු ප්‍රකාශ කරේ පාර්ලිමේන්තුව විසුරුවා ඇති නිසා ජනාධිපතිතුමාට රිසි පරිදි මූදල් පරිපාලනය කල හැකි බවය.පාර්ලිමේන්තුව කල්පිරීමට පෙර කඩිනමින් විසුරුවා හැරීමත් රටේ ජාතික ව්‍යසනයක් ඇති මොහොතක ඒ වෙනුවෙන් හෝ රැස් නොකිරීමත් පසුපස ඇත්තේ මූල්‍ය මංකොල්ලයක් බව ඉන් තහවුරු වේ.
03) රජයේ වගකිවයුත්තන් සෑම විටකම පවසන්නේ ඔවුන්ට මුදල් නොලැබුන බවය, නමුත් ජාත්‍යන්තර ලේඛන මගින් තහවුරු වන්නේ මේ වන විට Covid-19 මූල්‍ය අරමුදල පමනක් රු.බිලියනය ඉක්මවා ඇති බවය,එම මුදල් පිලිබද තොරතුරු ඉදිරිපත් නොකර රාජ්‍ය සහ පුද්ගලීක සේවක මුදල් කප්පාදු කිරීමට උත්සහ ගැනීම ඔවුන්ගේ දෙබඩි පිලිවෙත පැහැදිලි කරයි.
04) මේ සියල්ල මෙසේ පවතින මොහොතක Covid-19 නිසා රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාව අන්ත අසරණ වී ඇති වටපිටාවක රජය අත්තනෝමතික ලෙස හෝමාගම ප්‍රදේශයේ සුවිශාල ක්‍රීඩාංගණයක් ගොඩනැගීම වෙනුවෙන් පිඹුරුපත් සකසමින් සිටී, මුදල් නෑ කියන ආණ්ඩුව ඒ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 30-40 වැය කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.
රටේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා මඟහැර ඔවුන්ගේ සාක්කු පිරෙන මේ ව්‍යාපෘතිය පිලිබද හිටපු ප්‍රවීණ ක්‍රීඩක මෙහේල ජයවර්ධන මහතා තම අදහස මෙසේ ඉදිරිපත් කොට ඇත.
දර්ශණ ඉතාලියේ සිට