උණුසුම් පුවත්

69 නම් කම් නැත….හැරෙන හැරෙන අතට ගජබ්න්නා ඇද අන්ත අසරණ ජනතාව කබලෙන් ලිපට ඇද දමා කොමිස් කුට්ටියට වෙනුවෙන් දැවෙන අවශ්‍යතාව ඉටු කරන්න යන -ආචාරී බන්දුල

Spread the love

පහත දැක්වෙන වීඩියෝවට අදාලව ගෝලීය වසංගතය තත්වය හමුවේ ලෝක ආර්ථිකයම අර්බුධකාරී තත්වයක ඇති හෙයින් ලොව දියුණු රටවල් පවා යෝජිත සැලසුම් කල හා ක්‍රියාත්මක වූ මහාපරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපෘති පවා අතර මග නවතා ජන ජීවිතයේ මූලික අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් සාමූහිකත්වයෙන් දේශපාලණිකව හා විද්‍යාත්මකව විසදුම් සොයමින් සිටී.
එහෙත් වත්මන් රජයේ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන සූරීන් කලින් කලට පිල් මාරු කරණ තම වාසිය වෙනුවෙන් සමස්ත රටවැසියා රවටන දේශපාලකයෙක් වන අතර ජනාධිවරනයේ දී ඔවුන්ගේ රජයක් මත සහන ලභා දීමත් ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශ ප්‍රකාරව සියලු කටයුතු ඉටු කිරීමට හැකිබවත් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ප්‍රකාශ කලද, ඔහු දැන් පවසනේ රජයේ සේවක වැටුප් පවා ගෙවා ගත නොහැකි තත්වයක් උද්ගතව ඇති බව සීරුමාරුවට ප්‍රකාශ කලහ..

ගැටලුව නම් ඉතා වැඩි විශ්වාසයක් තබා මොවුන්ගේ බොරු පුරසාරම් අසා අසරණ වූ ජනතාව ඉතා දුක්ඛිත තත්වයක හෙලා දෛනික ජන ජීවිතය හෝ සාමාන්‍යය පරිදි යතා තත්වයට පත්කරනවා විනා මහා පරිමාන අනවශ්‍ය ඉදිකිරීම් සිදුකිරීමට පිඹුරුපත් සැකසීමයි…
රජයේ සේවක වැටුප්
© ගෙවීමට නොහැකියාවක් ඇති මොහොතක,
© පාසල් යතා තත්වයට පත් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොමැති ( වැසිකිලි කැසිකිළි හා පානීය ජල අවශ්‍යතාව ) පාසල් දහසකට(1000 ) අධික වූ මොහොතක
© දිවයින පුරා අත්‍යාවශය බෙහෙත් ද්‍රව්‍ය හිග තත්වයක් තුල
© තවමත් කොරෝනා ආසාදිතයින් හමුවෙන අවදානම සම්පූර්ණයෙනම පහව නොගිය අවස්තාවක..
© මහ ජනතාවගේ අනේකවිධ දෛනික අවශ්‍යතා පියවාගැනීමට තිබුනත් ඔවුන්ගේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීම් කර ඇති මොහිතක..
© තවමත් ජන ජීවිතය සුපුරුදු ලෙස ජනගත නොවී නිවාස වල බියෙන් සැකෙන් සිටින මොහොතක
© එදිනෙදා දෛනිකව කුළී වැඩකින් බත සරි කරගන්නා බහුතරයක් විරැකියාවෙන් පෙලෙන මොහොතක
© පෞද්ගලික අංශයේ මහා පරිමාණ මධ්‍ය පරිමාණ සුළු පරිමාණ හා ස්වයං රැකියාවේ නියුතු ව්‍යාපාරික ප්‍රජාවගේ ආර්තිකය බිද වැටී ඇති මොහොතක…….

ආර්ථික ඔස්තාර්වරයෙක් ලෙස මුදල් අමාත්‍යවරයෙක්ද කිහිප වරක් කරයුතු කල ආචාර්‍ය බන්දුල මේ මොහොතේ ජනජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් හදුනාගත් දැවෙන අවශ්‍යතාව නම් යෝජිත ශ්‍රී ලංකාවේ විශාලම ක්‍රීඩාංගණය ඉතා කෙටි කලෙකින්  ඉදිකිරීමයි…
අපට ඇසීමට ඇති පැණය නම්රටේ නව ජනාධිපතිවරයකු පත්කරගනිමින් ඔබ අපේක්ෂා කලේ මෙවන් ක්‍රියාවන්දැයි පමණි..

මෙම හෙළිදරව්ව මෙන්ම නැගෙන විරෝධය හරහා වහාම ජනාධිපතිතුමාගේ අණින් මෙය අත්හිටවා එම මුදල් සමස්ථ ජනතවගේ ජනජීවිතය යතාවත් කිරීමට හා ව්‍යාපාර හා ඒ ආශ්‍රිත රැකියා සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමට බල කිරීම ලංකාදවස අප අපේ අත්‍යාවශය මොහොතේ මැදිහත්වීම ලෙස දකිමු..

විශේෂ ස්තුතිය

හෙඩ්ලයින් නිවුස් වෙතට විඩියෝව ලබාගැනීම වෙනුවෙන්..

https://www.facebook.com/111328059025621/posts/1601056296719449/

සුමුදු මද්දුමආරච්චි
මිලානෝ


Spread the love

Leave a Comment

You may also like