යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඉතාම තිරනාත්මක ලෙස රාජපක්ෂ වරු හා චීන ඔත්තු සේවා විසින් අටවන ලද උගුලක පැටලී තිබේ .ඒ යුදහමුදාවට බෝම්බ නිෂ්ක්‍රිය කරනු ලබන රොබෝ යන්ත්‍ර 135ක් චීන ණය මුදල් භාවිතා කරමින් මිලදී ගැනීමට උත්සහ මේ වනවිට ගෝඨාභය කැබිනට් අනුමතිය ලබා ගැමීමට ක්‍රියාකරමින් සිටි කැබිනට් මංඩලයට ගෝඨාභය ඉතිරිපත් කරන සියල්ලම අනුමතවන්නේ කිසිදු විමසීමකින් තොරවයි.
ලංකාවේ යුද හමුදාව සතුව බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට භාවිතා කරනු ලබන රොබෝ යන්ත්‍ර මුළු ඉතිහාසය පුරාම තිබී ඇත්තේ එකකි .එය ලංකාව තුලදී එක වරක්වත් භාවිතයට නොගෙන ඇති අතර එය එක්සත් ජාතීන්ගේ මාලි රජයේ මෙහෙයුම් වලට යවා මේ වන විට අක්‍රියව පවතී .
යුද්දය පවතින විටදීත් උපයෝගිතාවයක් නොතිබූ බෝම්බ නිෂ්ක්‍රිය කරනු ලබන රොබෝ යන්ත්‍ර (බිම්බෝම්බ සදහා භාවිතා කල නොහැකි ) 135 ක් ලංකාවේ යුද හමුදාව සදහා මිලදී ගැනීමට යුද හමුදාපති වරයා යුද හමුදාවේ Master-General of the Ordnance හරහා මිලදීගැනීමට උත්සහ කරමින් සිටි .මෙය ලෝක වෙළද පලේ මිල අනුව එක රොබෝ යන්ත්‍රයක් වන්නේ ඩෝලර් ලක්ෂ එකහමාරක් පමණය .
නමුත් හමුදාපතිවරයාට මෙම ගනුදෙනුව රැගෙන පැමිණි චීන පාර්ශ්වය එහි මිල නියම කොට ඇත්තේ ඩොලර් ලක්ෂ දෙකහමාරකටය. නැතහොත් රුපියල් වලින්නම් මිලියන 26ක් නැතහොත් ලක්ෂ 300පමණ වේ .
මේ අනුව සැම රෝබෝයන්තරයකින්ම ඩොලර් ලක්ෂයක් අතර මැදි පාර්ශ්වයකට බැරවිය යුතුය .එය බොහෝ විට හමුදාපතිවරයා විය හැකිය එසේනොවුනද එය ගිණුම්ගත වන්නේ හමුදාපති වරයා නමිනි .
මෙවැනි රොබෝ යන්ත්‍ර 135ක් සත්‍ය වශයෙන්ම යුද්දයක් නොමැති කිසිදු රටකට අවැසි නොවන අතර ලංකාව තුල තිබු රොබෝ යන්ත්‍රය 30 වසරක යුද්දය තුල එක වරක්වත් භාවිතා කොට නොමැත .
මෙය මිලදී ගැනීමට හමුදාපති වරයා ඉදිරිපත් කරන ලද යෝජනාවලියට අනුව ලංකාවේ රජයට කිසිදු මුදලක් වැය නොවන බව ප්‍රකශ කලද එය චීන ණය වැඩසටහනකි .ණය යනු නැවත රටක් ගෙවිය යුතු ඒවා වන අතර පොලිත් සමග ගෙවිය යුතුය .
මේ ලියුම් කරුගේ අදහස වන්නේ මෙම මිලදී ගැනීමේ වැඩ පිලිවෙලම හමුදාපතිවරයාට ඇටවූ උගුලක් විය හැකි බවයි .
හමුදාපතිවරයා මෙම ගින් ඩොලර් මිලියන 3.5 අධික ලාබයක් ලැබීමට ආශාවෙන් පසු වුවද එයට මහා භාණ්ඩාගරයේ අනුමැතියට ඉදිරිපත් කල යුතුය .ලෝකයේ අනිකුත් රටවලට වඩා රාජපක්ෂලා චීනයට මෙපමණ ඈළුම්කමක් දක්වන්නේම වෙනත් කිසිදු යුරෝපිය රටකින් කොමිස් කියන වචනයක් හෝ ඔවුනට ඇසීමට නොහැකි නිසාමය.
අනිවාර්යෙන් මේ තිබෙන තත්ත්වය අනුව හමුදාපති වරයා උගුලේ පැටලෙනු ඇත .
සමහර විටක මෙය රාජපක්ෂලා විසින්ම ශවින්ද්‍රට අටවන් ලද උගුලක් වීමට බැරිත් නැත ඒ මේ වන්විට ගෝඨාට වඩා ශවින්ද්‍රට මිනිසුන් ගේ විශාල කැමැක්තක් හා භක්තියක් ඇතිව තිබෙන නිසාය. ෆීල්මාෂල් ෆොන්සේකාටද මේ ආකරයටම ගෝඨාභයලා සිදුකල නිසා අපි පුවත් පතක් ලෙසට කියාසිටින්නේ ඔබ හමුදාපති ලෙසට මොලේ කලදක් හෝ ඇත්නම මෙවනි මිල දී ගැනීමකට නොයන ලෙසයි ඊටත් වඩා ඔබ ධුරයෙන් ඉවත්වන්න එවිට රටේ ජනතාව ඔබව තැබිය යුතු තැන තැබීමටත් රාජපක්ෂලාව කුණු බක්කියට දැමීමටත් ක්‍රියා කරනු ඇත.
හමුදාපතිවරයාගේ අධික තණ්හාව ඔහුගේ ඉරණම විසදීමට ඉතාම ආසන්න බව ලියා තැබිය හැකිය
07/25
![]()
හමුදාපතිවරුන් වෙත ආරක්ෂක අමාත්‍යංශයෙන් යවන ලද ලිපිය
ෆ්බ් ඇසුරෙන්