උණුසුම් පුවත්

පොලිසිය ගෙනගොස් දේශපාලකයා ගේ අධෝ මුඛයේ ගැසීමේ භයට , විශ්‍රාමික පොලිස්පති වරුන්ට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට ආරක්ෂාව දෙන්නැයි ජාතික පොලිස් කොමිෂන් සභාව නැමති මහළු අම්බලමෙන් පොලිස්පතිට නියෝග කරයි………..?

Spread the love

 දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පින්සිද්ද වෙන්නට ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට කටයුතු සිදුවිය. එහිදී අවාසනාවන්තම කොමිසම වශයෙන් මේ වනවිට ඉතිහාසගත වන්නේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ජාතික පොලිස්  කොමිෂන් සභාව ය .මෙම  පොලිස් කොමිසමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙක් වරුන් දෙදෙනෙකුගෙන් ද යුක්තය. ඒ ජේ.නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න හා ජේ.නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක යන විශ්‍රාමකයන් දෙදෙනාය .

මේ දෙදෙනාම පොලිස්සේවාව වෙනුවෙන්  අම්බලමෙන් රේණුවක තරම් දෙයක්වත්  ඉටු නොකර දැන් පොලිස් නිලධාරින් අංග ආරක්ෂාවට ඉල්ලන්නේ 60 පැනපු මුන් ගේ තවත් රකින්න අංගයක් තියෙනවාදැයි ……? බොහෝ තරුණ නිලධාරින් අපෙන් ප්‍රශ්න කරමින් කරුනු කියා සිටියේ  පොලිසිය නැමති නිතියේ කොදුනාරටිය කඩා දැමුවේ ඔය හිවලුන් බවයි .

   මේ වන විට පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ පුදුමාකාර නියෝගයකි  කාලකන්නි දේශපාලකයින් පොලිසියේ අහිංසක නිලධාරීන් හිතුමතේ මාරුකරමින් තරවටු කරමින් ඔවුන් ගේ දෙපාමුල දණ ගැස්සවීම පිළිබඳව කටක් ඇර කතා නොකරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්ගෙන් සමන්විත මේ අනාථ මඩම්  ජාතික පොලිස් කොමිසන් සභාව නැමැති අම්බලමේ සිටින නාකි මහලුන් සිතා සිටින්නේ පොලිස් නිලධාරීන්  ඔවුන් ඔවුන්ගේ ගෙවල්වල වැඩකාරකමට ගතහැකි වහලු කියාය.

මේ නිසාම විශ්‍රාමික සියලුම පොලිස්පති වරුන්ට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට පොලිස් පරීක්ෂකවරයෙක්  සමග පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් නව දෙනෙක් ගෙන් යුත් බලඇණියක් ලබා දීමට නියෝග කර ඇත්තේ එම විශ්‍රාමිකයින්ගේ අහවල් එක රැකීමට දැයි අපිටනං නොතේරේ .

මෙවැනි  නියෝග නිකුත් කරන්නේ ඒ අම්බලමේ සිටින වයෝවෘද්ධ මහල්ලන්ගේ මොළේ ක්‍රියාකාරිත්වය අඩු නිසා බව නම් පැහැදිලිය.  පොලිස්පතිවරුන් ලංකාවේ මේ වනවිට හතර දිග් බාගෙම ඇති නමුත් ඔවුන් පොලිස්පතිවරුන් සිටින තාක්කල් පොලිස් නිලධාරීන් වෙනුවෙන් අබමල් රේණුවකවත් යමක් නොකරපු දේශපාලකයින්ගේ පස්ස ලෙව කාපු පුද්ගලයින් බව කිවයුතුය.

නමක් ඇති පොලිස්පතිවරයෙකු ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වූ පසු කිසිවෙක් ලංකා පොලිස් දෙපාර්තමේන්තුව උන්නතිය වෙනුවෙන් අබමල් රේණුවක දෙයක් නොකළ බව සහ සුදක් සේ පැහැදිලිය පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට ඇති දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය වත් අඩුම නොකල වයෝවෘද්ධ මහල්ලන් දැන් නැවතත් පොලිසිය හා පොලිසියේත් සිටිනතුරු පොලිසිය කා දමා නැවතත් පොලිසියේ යන්තමට හෝ ඉතිරිව ඇති ජීවය උරාබීමට මුන් සැරසෙන බව නම්  පෙනේ.

මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වෙනි සංශෝධනයෙන් අසීමිත බලතල සහ අසීමිත කශේරුකාවක් ගොඩනඟා වර්තමාන පොලිස්පතිවරයා ප්‍රධාන හිටපු පොලිස්පතිවරු සියලු දෙනාම දේශපාලකයින්ගේ බැඳීම කිසිවෙක් නතර කළේ නැත.පොලිසියේ පැවැත්ම වෙනුවෙන් නම් නෙවේ උන්ට තානාපති කමකට හෝ විශ්‍රාම ගිය විටජනාධිපතිඋපදේශකකමක්,කොමිසමකට හේත්තු වී කීයකහරි කඩා ගැනීමටය.

පොලිසියේ සිටින තුරු පොලිස් දෙපාර්තමේතුවටවත්,  රටටවත් ,උපන් බිමටවත් අබමල් රේණුවක් නොකල ඒ හම්පඩ රැලදැන් සිටින්නේ  වලපයි,  ගොඩ පයයි , මතයි. පොලිසියේ සිටින තුරු කලේම කඩවල් ගානේ ,ලීමඩු ගානේ ,මාළු මාකට්,මස් කඩවල් ගානේ නිලඇදුමින් අහිංසක  නිලධාරින් උදේ හවස යවා පොලි සල්ලි ඒකතු කිරීම හෝ උන්ගේ කැමට ඔනි සේරම පොලිස් කොස්තාපල්ලා ලවා එකතු කිරීමයි.

අවංකවම පොලිස් ආරක්ෂාවක් දිය යුතුම පුද්ගලයෙකු ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ය ඒ ඔහු අවංක නිලධාරියෙක් මෙන්ම රටට සේවය කල විරුවෙකි.

ඒත් කිසි දවසක ඔහුට ආරක්ෂාවක් දිය යුතුයැයි කියා පොලිස් කොමිසම නියෝග කර තිබුණාදැයි විමසිය යුතුය.

ඊට වඩා යමක් කරානම් චන්ද්‍රා ප්‍රනාන්දුලාට,බාලසුරියලට,වික්ටර් පෙරේරලාට,ගාමිණි නවරත්නලාට, අශෝක විජේතිලකලාට අභියෝග කරන්නේ අඩුම පොලිස් සන්හතියේ පැවැත්මට කල එකම දෙයක් කියන ලෙසයි.

ඒත් පොලිසියේ  අසුජි තැවරීමට ඔවුන් කල කීදේ නිසාම අද කාලක්න්නි දේශපාලකයන් මළ පහකරන්නේත් පොලිසිය තුලමය. ඊට උදාහරණ ඕනි තරන් ඇත.

රටමේ වනවිට වැටී ඇති ආර්ථික පරිහානික පිලිබද වගේ වගක් නැති මේ නාකි හම්පඩයන් රකින්න කියා ඉල්ලනවා වෙනුවට කලයුත්තේ තමන් ගන්නා වැටුප් 03 එකක්වත් පී.බී ජයසුන්දරට දී වෙසක් මාසේ පිණක් දහමක් කරගැනීමට වැඩියමක් දෙයක් නොදකින්නේ මොවුන් පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටියදී කලකී දේවල් ඉතාම හොදින් දන්න නිසාය.

පොලිසියේ සිටියදීත් ජනතාව මුන් ගේ පවුල් පිටින් රැක්ක පවු අදටත් ගෙවන්නේ  උත්තරීතර දෙපාර්තමේන්තුව  නාමය හා අහිංසක පහල නිලධාරින්ය.

ඔවුන්ව දුටු දුටු තැන නිලධාරින් කරන ආශිර්වාදය කොතෙක් දැයි කවහොත් වැසි දිනවල අකුණු සැරින් පවා ඔබලා ආරක්ෂාවිය යුතු යැයි අපි කියන්නේ පොලිසියේ අහිංසකයන් ගේ ප්‍රාර්ථනාවල් එපමණකට ප්‍රභල බව දන්න නිසාය.

හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ලියයි…..


Spread the love

Leave a Comment

You may also like