මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ජුනි 20 ගැසට් නිවේදනය අවලංගු කිරීමටත්, මේවනවිට බල රහිත කොට ඇති පාර්ලිමේන්තුව නැවත කැදවීමටත් නියෝගකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙත්සන් කරුවන් ඉල්ලා ඇත,
එම පෙත්සම් විභාගයට ගන්නවාද …? නැද්ද…? යන්න පිලිබදව විමසීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කොට ඇත. අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පසුගියදා පත්කරන ලදී.
විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු වශයෙන් කටයුතු කරන්නේ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරියයි, ඔහු සමඟ බුවනෙක අළුවිහාරය , සරත් ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන , විජිත මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුළත් ව ඇත.
මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාද වගඋත්තරකරුවෙකු කොට ඇත.
බුවනෙක අලුවිහාරේ සහ ප්‍රියන්ත ජයවර්ධන දෙදෙනාම මීට ඉහතදී ගෝඨාභය රාජපක්ෂ සාමාන්‍ය පුරවැසියෙකු වශයෙන් සිටියදී , ඔහුට විරුද්ධව ඇති මහාධිකරණ නඩු ඇසීම නතර කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටි අවස්ථාවේදී බුවනෙක අළුවිහාරය පුද්ගලික හේතූන් මත ගෝඨාභය රාජපක්ෂගේ නඩු විමසීමෙන් ද ප්‍රියන්ත ජයවර්ධන විනිශ්චයකරු ද ඒ ආකාරයටම පුද්ගලික හේතු මත ඔහුගේ නඩු විභාග නොකිරීමට තීරණය කොට දෙදෙනාම එම විනිශ්චය මණ්ඩලයෙන් ඉවත් විය.
එහෙත් ඉතාම අවාසනාවන්ත තත්වය නම් මෙවැනි අවස්ථාවක ගෝඨාභය ජනාධිපතිවරයා සිටියදී, එදා බලපෑ පුද්ගලිකත්වය දැන් බල නොපාන්නේ දැයි රටේ ජනතාවට ප්‍රශ්ණයක් ඇති අතරම, මෙය පැහැදිලිවම සදාචාරාත්මක වශයෙන් ඉතාමත්ම කණගාටුදායකය,
එසේම ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණයේ තත්වය එසේනම් පහල අධිකරණවල කුමණ කතාදැයි අපිට සිතේ.
මේ අධිකරණයේ කරුණු පිළිබඳව ඇතිවන කුකුස කිසිවිටෙකත් මෙවැනි හේතු නිසා ඉවත දැමිය නොහැකි බවත් අපි ජනතා පුවත්පතක් වශයෙන් මතක් කරන අතරම අද එම විනිශ්චයකාරවරුන්ට මෙම නඩුව ඇසීමට සදාචාරාත්මක අයිතියක් ඇද්ද යන්න ප්‍රශ්න සහගතවය.
අජිත්…