මේ වන විට ශ්‍රී ලංකා ජනතාව අසීමිත දුක්ගැහැටකට පත්ව තම දරු මල්ලන් සමග ජීවිකාව ගෙවන්නේ දහසකුත් ප්‍රශ්න මධ්‍යයේ මේ මධ්‍යම පංතියේ ජීවත්වන රජයේ සේවකයින් වැටී ඇත්තේ කබලෙන් ලිපටයි.
එවැනි අවස්ථාවක විශ්‍රාමික හමුදා මේජර් ජෙනරල්ලාව රටවටේ පත්කරමින් ඔවුන්ට රටේ ආර්ථිකයේ විශාල කොටසක් වෙන් කරමින් පඩිනඩි ගෙවීමට අනෙකුත් සුඛෝපභෝගී වාහන ලබාදීමට ගෝඨාභය අලුත්ම සිස්ටම් චේන් (system change ) එක මේ වන විට කටයුතු කරමින් ඇත.
මෙහි ඇති අපූර්වතම ජවනිකාව නම් ගෝඨාභයගේ system change එකට ඇතුල්ව ඇති විශ්‍රාමික මේජර් ජෙනරාල්, බ්‍රිගේඩියර් සියලුදෙනාම පට්ට දූෂිත යන්ය ,ඉන්නේ කටක් ඇර හොඳයි කියා කීමට හැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පත් කරන ලද මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ පමණි.
ඔහු කාර්යශූර සහ වචනයේ පරිසමාප්තියෙන්ම ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ඔබින පුද්ගලයකු බව නොබියව අපි කීමට කිසිවිටෙකත් පසුබට නොවෙමු. ඔහු ඒ නිලයට සහ ඔහුගේ විශේෂඥ සෞඛ්‍ය වෛද්‍ය දැනුමට ගරු කරමින් අනෙකුත් අය පිළිබඳව විටින් විට අපි පැවසීමේදී,
අලුත්ම දූෂිතයා වශයෙන් ත තොරතුරු ලැබී ඇත්තේ හිටපු හමුදාපති මේජර් ජෙනරාල් දයා රත්නායක යුද්ධය පවතින කාලයේ දී අසීමිත ධනස්කන්ධයක් හම්බකර ගත් පුද්ගලයෙකි දයා රත්නායක මේ වනවිට වරායේ සභාපති වශයෙන් පත් කිරීමෙන් මාස කීපයක් යාමට පෙර පසුගිය සිකුරාදා දින ලක්ෂ එක්දහස් අටසීයක් ( 1800 ) ගෙවා සුපිරි නිවසක් කොළඹ ප්‍රදේශයෙන් මිලට ගෙන ඇත.
දයා රත්නායක මෙය නොකළේ යැයි කියනවා නම් එය ඔප්පු කිරීමේ හැකියාව අප සතු බවත් ඉදිරියේදී මේ පිළිබඳව අවශ්‍ය ඡායාරූප ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරමු.
මෙවැනි අන්ත දූෂිතයෙකු වරාය වැනි ආර්ථික මර්මස්ථාන වලට පත් කිරීමෙන් ගෝඨාභයගේ system change එක මනාව රටේ ජනතාවට පැහැදිළි ය.
ඒ මහින්දගේ අයියා එක පැත්තකින් හොරකම් කරනවා වෙනුවට තවත් පැත්තකින් ගෝඨාභයගේ ( general ) ජෙනරල්ලාගෙ සෙට් එක රට කෑම දැන් පටන් ගෙන ඇත.
මේ නිසා දයා රත්නායකගෙ ලක්ෂ 1800ක් වටිනා නිවසට ඔහු ලක්ෂ එක්දහස් අටසීය එකවරම නුදුන්න බව ඔප්පු කිරීම සඳහා කර ඇත්තේ අපූරු සංදර්ශනයකි .ඒ පුද්ගලික ගිණුමෙන් අවස්ථා තුන හතරක චෙක්පත් නිකුත් කොට ඔහු ඒ බව නිවස අයිතිකාරයාට හඟවා ඇත්තේ ඔහු අහිංසක හම්බ කරගත් මුදල් ඉන් ගෙවන බව ය.
කෙසේ වෙතත් එක් දෙයක් පැහැදිලිය, දැන් නම් 69 ලක්ෂය හිතුව විදිහටම සිස්ටම් චේජය.මිනිස්සුන් ගේ චේන්ජ්විය යුත්තේ මොලයයි ඒ තාක්කල් මුන් චෙන්ජ් වෙවී රට කාදැමීම නතර නොවෙන් බව අපිට සහතිකය.
07/25.