උණුසුම් පුවත්

ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු උන්මත්තකයකු ලෙස හැසිරෙමින් ටෙලිකොම් එකත් කා දමයි………!!

Spread the love

ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීමත් සමගම බුද්ධිමත් මධ්‍යස්ථ ජනතාව බොහෝ සෙයින් ඔහුගේ ක්‍රියාමාර්ගයන් ගැන පැහැදී සිටියේ ඔහු කිසියම් විශේෂයක් පිළිබඳ ප්‍රාගුණ්‍ය පුද්ගලයන් ආයතන  අධ්‍යක්ෂක මණ්ඩල වලට පත් කරනු ඇතැයි සිතාය.

එහෙත් අද රට පුරාම සිදුව ඇත්තේ එහි කනපිටය බොහෝ ආයතන මේ වන විට  කඩා වැටී ඇති බව නොරහසකි. ප්‍රධාන වශයෙන් ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ටෙලිකොම් ආයතනයෙන් භාර විෂය භාර අමාත්‍යවරයා සහ ලේකම් වරයා පවා මේ උන්මත්තක රොෂාන් ප්‍රනාන්දුගේ වැඩපිළිවෙළ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරයි.

සාකච්ඡාව කැද වුවත් ඔහු කිසිදු සාකච්ඡාවකට සහභාගි නොවන ගෝඨාභය රාජපක්ෂගේ  උනෙන් හැසිරෙන මන්දබුද්ධික යෙකු බව තතු දත්තෝපවසති.

  රොහාන් ප්‍රනාන්දු  යනු රටේ ජනතාව ගේ සංඛියාත තුප්පැහි ආකාරයට පාවිච්චිකරන දෙරණ අයිතිකරු දිලිප් ජයවීර ගේ ව්‍යාපාර සහකාරිය වු දිලිණි අමුණුගමගේ සැමියාය

 දිලිත් ජයවීර  ජනාධිපති ගෝඨාභයට   නම කියා ආමන්ත්‍රණය කළ හැකි එකම පුද්ගලයාය. බොහෝ පිරිස් පවසන්නේ දිලිප් සහ වරුණි අතර ඇති සහසම්බන්ධතාවය හේතුකොටගෙන  රොහාන් ප්‍රනාන්දු නැමැතිවරුණි ගේ උන්මත්තක සැමියා මෙසේ ටෙලිකොම් ආයතනය තුළ යකා නටන බවයි.

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඔහු විසින් මේ වන විට සමූහ ප්‍රධාන විධායක නිලධාරී තනතුර ඇතුළු ඉතා වැදගත් තනතුරු ගණනාවක්  කිසිදු පිළිගත් සම්ප්‍රදායක  පරීක්ෂණයකින් තොරව හිතුමතේ පුද්ගලයින් පත්කර ඇති බව  විෂය භාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා සාක්ෂි දරනවා ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී කිසිදු නීතියකට අවනත නොවී ඔහු දිගින් දිගටම ටෙලිකොම් ආයතනයට පුද්ගලයින් බඳවා ගන්නේ  මැතිවරණ නීතියටපයි ගසාය.   මේ නිසාම ටෙලිකොම්  සේවකයන් කියා සිටින්නේ සභාපති ගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා ආයතනය තුල කිසිදු පරිපාලනයක් නැති බවයි මෙයත් අනෙකුත් සමාගම් සේ කඩා වැටෙනු ඇතැයි සේවකයන් බිය පලකරයි.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like