උණුසුම් පුවත්

ශ්‍රි ලංකාව ණය නොදිය යුතු රටක් ලෙසට ෆීච් රෙටින් B (Fitch Ratings) වර්ගීකරණය කරයි

Spread the love

පුද්ගලයෙකුට ණයක් දීමට පෙර එම පුද්ගලයාට එකී ණය දරාගත හැකිද ? ඊට සරිලන ආදායමක් තිබේද ? වියදම කෙසේද යන්න පිලිබදව බලන ආකාරයටම ලෝකයේ (චීනය හැර ) සෑම රටක්ම දැඩි අවධානය යොමු කරයි.

එවනි රටවල් වර්ගීකරණය සිදුවන්නේ විවිධ පුද්ගලික ආයතන වලින් ඒවා මැනිය යුතු සම්මත දත්ත අනුවය. ඒත් චීනය එවනි කිසිවක් පිලිබදව අවධානය යොමු නොකරන්නේ චීනයේ ණය දීම හුදෙක් මානුෂීය නොවන නිසාවෙනි. චීනය බොහෝවිට ලෝකයේ රටවලට ණය දෙනු ලබන්නේම අසාමාන්‍ය ආකාරයටය ඒවා ගෙවා ගැනීමට නොහැකි වෙන් ආකාරයට චීනය ණය දීම (Chinese Money Trap )  වේ

 

https://www.youtube.com/watch?v=4qzEVyYCOV0

 ඒත් අනිකුත් රටවල් එවනි පරමාර්තයන් නොමති නිසාම ණය ලබා ගන්නා රටට එය ගෙවි හැකිදැයි මේ ණය වර්ගීකරණය කරණ ආයතන වලින් විස්තර ලබාගනී. අවසානම වාර්ථාවට අනුව ශ්‍රි ලංකාව ණය නොදිය යුතු රටක් නොවෙසේනම් B (NEGATIE ) ගනයට දමා ඇත.

මේ ආකාරයටම ග්‍රිසිය ,ලෙබනනය රටවල් බැංකු කඩා වැටෙන්න ආසන්නතම අවසථාවෙදී මෙවනි ණය වර්ගීකරණය කරණ ආයතන පුරෝකතනය කර තිබුණි. ඊට ආසන්නතම උදාහරණය ශ්‍රි ලංකාව මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ඇමරිකානු ඩොලර් මිලියන 222 ක් ඉල්ලා සිටිය නමුත් ඔහුට ලොකයේ ණය දෙනු ලබන මුල්‍ය ආයත්න වලින් ලබා ගැනීමට හැකිවු යේ ඇමරිකානු ඩොලර් මිලියන 22 වැනි ඉතාම අඩු මුදලකි. ( එයද දැන් නොගත්ත බව කියා ඇත ). මෙවනි ෆිච් රේටින්  (Fitch Ratings) ආයතන වලින් ඒ ඒ රටවල් පිලිබද ලේකණ ගත කිරීම ඉතාම ඉහල ප්‍රමිතිඅකින් සිදු කරණ බව ලෝක මුල්‍ය ආයතන පිලිගනී.

ශ්‍රි ලංකාව පිලිබදව ඇති ඉතාම අවාසනාවන්තම මුල්‍ය තත්වය නම් ලබාගන්නා සියලු ණය ඔවුන් ලබාගන්නේම ප්‍රාග් ධන වියදම් ( රජයේ වැටුප්,ඉන්දන වියදම් හා අනිකුත් රාජ්‍ය වියදම් ) පියවීමටය. ලෝකයේ ප්‍රාග් ධන වියදම් පියවීමට ණය ගන්න රටවල් වල ජනතාව මිය යන තුරුත් උපදින් දරුවනුත් එම ණය ගෙවීමේ කොටස් කරුවන් වීම ඉතා අවාසනාවකි.

මෙවනි තත්වයක් ශ්‍රි ලංකාවට උදාවීමට වසර 72 තිස්සෙම රට පාලනය කල දේශපාලකයන් ඊට රට තල්ලුකිරීමට අඩු හා වැඩි ලෙසට දායක් වී ඇත.

ඉන් බොහෝ ප්‍රාදේශිය සිට ජාතික තලය තෙක් සියළු දේශපාලකයන් අසාමාන්‍ය ලෙසට කොමිස් උපයා ඇති නමුත් රටේ ජනතාව ඊට එරෙහි වන්නේ ඉතාම බිය ගුළු ආකාරයට වීම නිසාම දේශපාලකයන් තවතවත් රටේ ශාරය උරාබීමට පෙලබී ඇත.

පහත දිගුවෙන් ඔබට ඒ පිලිබදව සොයා බැලිය හැක.

https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-to-b-outlook-negative-24-04-2020


Spread the love

Leave a Comment

You may also like