උණුසුම් පුවත්

” විරුවා ගේ තවත් හෙළුවක් ” සියලුම රාජ්‍ය ඇමතිවරුන්ට මැතිවරණයට රජයේ වාහනයක් දීමට කැබිනට අනුමතිය………!!

Spread the love

කොරෝනා අස්සේ හිටපු කැබිනට් ඇමතිවරුන්ට අමතරව හිටපු රාජ්‍ය ඇමතිවරුන්ටත් රු.100,000 පමනක් ගෙවා නිළ රථ සහ රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරනය සඳහා භාවිතයට කැබිනට අනුමතිය ලැබී ඇත.
වර්ථමානයේ ශ්‍රී ලංකාවට බලපා ඇති covid-19 ජාතික ව්‍යවසනය දිලිඳු මධ්‍යම සහ බහුතරයක් සමාජ පන්ති වල ජනතාවට මරු පහරක් වී ඇත.රජයෙන් ලබා දෙන රු.5000 සහනාධාරය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර එයද සාර්ථක ක්‍රමවේදයකින් බෙදා දෙන්නේ නැත, මේ පසුබිම තුල දැනටම ජනතාව ඇඳිරිනීතිය නොතකා කෙසේ හෝ අවම ජීවත් වීමේ ප්‍රශ්නය විසඳා ගැනීම වෙනුවෙන් එලියට බැසීමට පවා යොමු වී ඇත.
මෙවන් වාතාවරණයක් තුල වගකීමක් සහ සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනැම අයෙක්ට මැතිවරණයක් ගැන සිතිය නොහැක,ඒත් නුදුරු දිනක අගමැතිතුමා රැස් කල සෙල්ලං පාර්ලිමේන්තුවේ ගත් තවත් ප්‍රාථමික තීරණයක් වන්නේ හිටපු කැබිනට් ඇමතිවරුන්ට මෙන්ම හිටපු රාජ්‍ය ඇමතිවරුන්ටත් තම මැතිවරණය ප්‍රචාරන වැඩකටයුතු සඳහා රු.100,000 වැනි ඔවුන්ගේ වැටුප අනුව ගත්කල සොච්චම් මුදලක් ගෙවා නිල වාහන සහ රාජ්‍ය දේපල පරිහරණයට අවස්ථාව ලබා දීමය…
ඒ රාජ්‍ය ඇමතිවරුන්ට ඔවුන්ගේ රු.250,000 දීමනාවෙන්ම රු.100,000 ක් මෙවැනි අප්‍රයෝජනවත් මැතිවරණ ප්‍රචාරනයට යෙදවීමට අවස්ථාව සලසනා වේලේ එක් රාජ්‍ය ඇමතිවරයෙක්ගෙන් එම රු.240,000 අමතර දීමනාව කප්පාදු කලොත් පවුල් 48 කට රු.5000 බැගින් බෙදා දිය හැකි බව සුනිල් හදුන්නෙත්ති මහතා අවධාරණය කලේය.
රටේ දුක්විඳින ජනතාව ගැන නොහිතා මෙලෙස රටට කිසිදු වැඩක් නැති රාජ්‍ය ඇමතිවරු හට අසීමිත ලෙස දීමනාවන් ලබා දෙමින් රාජ්‍ය සේවකයන් හට පටි තද කරගන්න යැයි පවසන ආණ්ඩුවේ රෙදි කොහිදැයි අපට ගැටලුවකි.
දර්ශණ
ඉතාලියේ සිට…

Spread the love

Leave a Comment

You may also like