ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පශ්චිම නීත්‍යානුකූලද පසුගිය ජනාධිපතිවරණය පැවති 2019 නොවැම්බර් 17 දින වනවිට ගෝඨාභය රාජපක්ෂ ස්ථිර වශයෙන්ම ඇමෙරිකානු පුරවැසි බව නිල වශයෙන් අද ඇමෙරිකාව නිකුත් කර ලද සහතිකය තුළින් පෙනී යනවා ඇත.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පුරවැසිභාවය අත්හළ පුද්ගලයින්ගේ නාම ලේඛනය ගෝඨාභය රාජපක්ෂගේ නම නිකුත් කර ඇත්තේ අද දින එනම් 08/05/2020 වන දින ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය පවසන ආකාරයට තම රටේ පුරවැසිභාවය ඉවත් කර ගන්නා ලද පුද්ගලයින්ගේ නාම ලේඛන ප්‍රසිද්ධ කරන්න අවස්ථාවන් වලින් මෙම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂගේ නම නිකුත් කර තිබීම මහත් ආන්දෝලනාත්මක සිද්ධියකි.
ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 17 දින වන විට දිවුරුම් ප්‍රකාශ දෙමින් තමා ශ්‍රී ලංකා පුරවැසියෙකු බවත් තමා ඇමරිකන් පුරවැසිභාවය නීත්‍යානුකූලව අත්හළ බවත් කියා සිටියා.
එහෙත් ඇමෙරිකාව, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඒ පිළිබඳව මුල සිටම මුනිවත මුනිවත රැකීම පුදුම සහගතය.
ගෝඨාභයට ඇමරිකානු පුරවැසි භාවය එල්ලවී යම්හෙයකින් තමාපේක්ෂකයා ගේ නාමයෝජනා අවලංගුවේ යැයි මහින්ද රාජපක්ෂ පවා ඒ පිලිබදව දැඩි අවිශ්වාසයකින් පසුවිය. ඊට චමල් රාජපක්ෂ පවා යෙදවීමට සුදානමව සිටි බවට එදා රටතුල පැවති වාතාවරණය විය. ඒත් ඇමරිකාව නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම නිසාම ඒ සියල්ලම වැලකී ගියේය.
ඇමරිකාව නිහඩ පිළිවෙතක් අනුගමනය කළේ කුමන කරුණක් නිසාද යන්න මේ වන විටත් හෙළිවී නැත.
එහෙත් ඇමරිකාවේ එවැනි පිළිවෙතක් අනුගමනය කරමින් සිටියේ තම පුරවැසියා රටේ රාජ්‍ය නායකයා වීම යම් අස්වැසිල්ලක් වනවා විතරක් නොව ඒ වනවිට ආන්දෝලනයට සිදුවී තිබූ එම MCC ගිවිසුම තම පුරවැසියෙකුම ක්‍රියාවට නැංවීමේ යටි අරමුණක් ඇමරිකාව සතුව පැවති බවයි .
ගෝඨාභය ගේ නම 6039 G දරණ ෆෙඩරල් රෙජිස්ටරයේ සදහන්ව ඇත..ඒ අනුව ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම සිදුවන්නේ 08/05/2020 දිනද යන්න දැන් ප්‍රශ්න ගතකරුනකි. ඒ නිසාම දැන් ඒ පිලිබදව නිතිමය ගැටළුවක් පැන නගිනවා ඇත.
ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා පුරවැසියකු නොවන කිසිවෙකුට ලංකාවේ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාර දීමේ හැකියාවක් නොමැති බව ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත.
එවැනි පසුබිමක් තිබියදීත් ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා බාර දීමේදී කිසිදු විරෝධතාවයක් හෝ විමසීමකින් තොරව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මුළුමනින්ම මැතිවරණ කොමිසම් ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව මෙයින් පෙනීකරුණකි.
මෙහිදී පැහැදිලිවම පෙනී යන ප්‍රධාන කරුණ නම් මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර කිසියම් සමීප සම්බන්ධතාවයක් ඇති බවයි ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය පිළිබඳව කිසිවක් ප්‍රශ්න කර නොමැති බව මෙයින් පැහැදිලිව ම පෙනී යන කරුණකි .
මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයෙකු මහාචාර්‍ය්‍ය් රත්නජීව හූල් ඒ අවස්ථාවේ දී කියා සිටියේ ඔහුට මැතිවරණය වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලංකා පුරවැසියෙකු වන බව ඔප්පු කළ යුත්තේ මැතිවරණයට ඉදිරිපත්වන නාමයෝජනා භාර දෙන පුද්ගලයා මිස වෙනත් අයෙකු නොවන බවයි.
ඒත් අවාසනාව කිසිවෙක් ඒ පිලිබදව විරොධතා ගොනු නොකර තිබීමය .
ෆෙඩරල් ලේකනය බැලීමට මෙම දිගුව ලබාගන්න
https://www.federalregister.gov/documents/2020/05/08/2020-09814/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g
අජිත්..
a
