වෙනත්

රිය අනතුරුවලින් මියයන සෑම ජිවිතයකටම පොලිසිය හා අධ්‍යාපන අමාත්‍යංශය මුලුමනින්ම වග කිව යුතුයී.

Spread the love

2014 වසරේ දත්ත අනුව ශ්‍රිලංකාවේ සෑම පැයකටම පුද්ගලයන් දෙදෙනකුට තම ජිවිතය අහිමිවේ. ලංකාවේ මිනිස්සුන්ගේ තිබෙන මනුස්සකම දැන් දැන් තම හදවත් වලින් බැහැර වෙමින් තිබේ. වසර 30 ක් යුද්ධයේ දිත් මේ දේම සිදුවිය. මැරෙන්නේ තමන්ගේ එකෙක් වෙනකන්ම යුද්ධ යෙන් මියයන අය ගැන එදා මිනිසුන්ට වේදනාවක් තිබුනේම නැත.
පසුව මෙය සමාජයේම මතයක් ගොඩ නැගිමට හමුදාව හා පොලිසිය එක්ව විවිධ වැඩ සටහන් මගින් ජනතාවට මිය යන්නේ තමාගේම නොවුනත් ඔහු ඇය අපේම කෙනෙක් ලෙසට සිතිමට මනසක් ඇති කිරිමට සිදුවිය.
අද වන විට සිදුව තිබෙන්නේ යුද්ධයටත් වඩා භයානක තත්වයකි. එල්.ටී.ටී.ඊ යුද්ධ යේදි කවදාවත්ම සෑම පැයකටම එක් පුද්ගලයෙක් මියගියේ නැත. නමුත් රිය අනතුරු වලින් රටට අහිමි වන ජිවිත් වගේම එ නැතිවන ජිවිත ප්‍රධාන ආදායම් උපයන්න නම් ඒ මුලු පවුලම මහපාරේය. ඔවුන් අන්ත අසරණවේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2015 වසර අවසාන වනවිට ශ්‍රිලංකාවේ ලියාපදිංචි වාහන ලක්ෂ 64 ක්ද 2016 වනවිට එය ලක්ෂ 66 ක් දක්වා වැඩිවී ඇත.
ලංකාවේ පොලිසියේ වගකිම මහජනතාවගේ ජිවිත හා දේපොල ආරක්ෂා කිරිමය. නමුත් පොලිසිය පොලිසියක් ලෙසට නිතිය හා සාමය ආරක්ෂා කරමින් තම වගකිම හරිහැටි ඉටුකලේ 1864 වර්ෂයේ පොලිසිය බිහිවු මුල් කාලයේ දිය.
පොලිසිය මුළුමනින්ම දේශපාලනි කරනය විම ආරම්භ වුයේ 1972 ජනරජ ආණ්ඩුක්‍රමයෙන් පසුවය. එදා සිට අද වන විට මුළු පොලිස් දෙපාර්තමේන්තුවම දේශපාලනීකරණය වී හමාරය. ලෝකයේ සෑම පොලිස් දෙපාර්තමෙන්තුවකම අරමුණ මහජනතාවගේ ජිවිත හා දේපල ආරක්ෂා කිරිමය. එම අරමුණ මුලුමනින්ම ඉටු කරනු යේ බටහිර රටවල්ය. එහෙත් ලංකාවේ පොලිසියේ අරමුණ ඉදුරාම වෙනස්ය.
ලංකාවේ රිය අනතුරු වලින් ජනතාව බේරා ගැනිමට කිසිදු වැඩ පිලිවල නැත. රිය අනතුරු වලින් ජනතාව බේරා ගැනිමේ ඊළඟ අරමුණ තිබිය යුත්තේ පොලිසියට මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයටය. රටක මුලිකම අඩිතාලම දැමිය යුතු ප්‍රථමික අධ්‍යාපනයේදි ළමයා මිනිසෙකු වි සමාජ ගත විමට පෙරදීම ඒ ළමා අවදියේදිම රිය අනතුරු ඇතිවිමට හේතු හා විශේෂයේන්ම පාරේ විනය පිලිබදව දරුවාට ඉගැන්විය යුතුය. අද ලෝකයේ දියුණු රටවල් මිලියන ගනන් වාහන තිබුණත් ලංකාවේ තරමට කිසිදු රටක් වාහන වලින් මිනිසුන් මරාදමන්නේ නැත.
ලංකාවේ පොලිසිය අද තවත් පාර කපා ඇත්තේ ජනතාවට මරු වැල ද ගැනිමටය. පොලිසිය කල යුත්තේ මහජනයා මාර්ගයේදි නිතිගරුක විමට අවශ්‍ය වටපිටාව සැකසීමය. එත් පොලිස් නිලධාරින් අද උදේ හවස පාරට දමනුයේ ජනතාවගේ කිසිදු ආරක්ෂාවකට නම් නොවේ. ජනතාවට හෙණ ගැහුවත් රජයට ආදායමක් හොයාදිමටය. මෙන්න මේනිසාම අද ජනතාව විශාල ලෙස රිය අනතුරුවලින්ම් මිය යයී. එහෙත් පොලිසිය කිසිදු වගේ වගක් නැතුව මහජනතාවගේ තුට්ටු දෙක උදුරාගෙන රජයට ලබාදිමට උදේ හවස උත්සහ කරමින් සිටියි.
පොලිසිය දැන්වත් මේ නින්දිත ක්‍රියාව නතර කොට මාර්ග නිති ජනතාව පිලිපැද්දවිමට යොමුකල යුතුය. එසේම පොලිස්පති වරයා අධ්‍යාපන බලධාරින් එක්ව දරුවන්ට මුලික ඉගනීමේදිම රථවාහන නිති මාර්ග නිති පිලිබද දැනුම ලබාදිමට කටයුතු කලයුතුය.


Spread the love

Leave a Comment

You may also like