පී.බී.ජයසුන්දර යනු ආර්ථික ඝාතකයෙක් බව පොහොට්ටු පිලේ විමල් වීරවංශම ප්‍රකාශ කරේ 2019 දීය ඒ එදාය………. ඒත් අද පචවිමලේ ………
එදා රාජපක්ෂ පාලන සමය තුල උතුරේ නිවාස සෑදීමට ආරම්භ කළ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ඒජන්සිය (RADA) මගින් කොටි සංවිධානයට මුදල් දුන්නැයි කියන චෝදනාවද සෘජුවම ඔහුට එල්ල වේ,
එසේම රටට විශාල මූල්‍ය හානියක් කල හේජින් ගණුදෙනුවටද මොහු වගකිව යුත්තෙකි.
බත්තරමුල්ල වෝටර්ස් එජ් ඉඩම් අත්පත් කරගැනීමේ නඩුවේ චූදිතයෙක් වන ඔහු සම්බන්ධයෙන් එම නඩු තීන්දුවේස්ම්දී කියවුණ එක් ප‍්‍රධාන කාරණාවක් වූයේ ඔහු රජයේ කිසිදු තනතුරක් දැරීමට නුසුදුස්සෙකු බවයි.
එසේම ඔහුගෙ සේවා කාලය තුල කැබිනට් අනුමැතියෙන් තොරව ලක් සතොසට ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වා රුපියල් බිලියන පහක් අවභාවිතා කල බවට තොරතුරු වාර්තා වේ.
ඔහුගේ කැරැට්ටුව පිලිබද අසීමිතව විස්තර කිරීමට හැක,නමුත් “ආර්ථික ඝාථකයෙක්” යන 100% ඔහුට ගැලපෙන ඒ සන්නම තුල ඔහුගේ යථාර්ථය පැහැදිලි වේ, එවැනි පට්ට හොරෙක් ජනාධිපති ලේඛම් ලෙස පත් කර ගැනීම වර්ථමාන ආණ්ඩුව ගත් ඉතා නොමනා ප්‍රාථමික තීරණයකි.
ඒ බව සනාථ කරමින් අද ඔහු රාජ්‍ය බලය අවභාවිතා කරමින් පුද්ගලීක ආයාචනයක් හැටියට ජනාධිපති කාර්‍යාලයේ නිල ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් ඉල්ලීමක් ඉදිරිපත් කොට තිබෙනවා මැයි මස රජයේ සේවකයන්ගේ වැටුපෙන් අවම අඩක පරිත්‍යාගයක් කරනා ලෙසට,මෙය පුද්ගලීක ඉල්ලීමක් නම් ජනාධිපති කාර්‍යාලයේ නිල ලිපි ශීර්ෂයක ලිඛිතව ඉදිරිපත් කිරීම සම්පූර්ණ නීතියට පටහැනි රාජ්‍ය බලය අවභාවිතා කිරීමකි…
එසේම එම ලිඛිත ලියවිල්ලේ පිටපත් විගණකාධිපති සහ නීතිපතිවරයාට යැවීමත් ජනාධිපති ලේඛම්වරයෙක් ලෙස බලතල ඉක්මවා යෑමකි.
ඒත් පසු කාලිනව ශ්‍රේෂ්ඨාධිකරණයට පී.බී ජයසුන්දර එවකට ජනාධිපති මහින්ද ගේ උපදෙස් අනුව ඉදිරිපත් කල ඇපෑලක් අනුව ශ්‍රේෂ්ඨාධිකරනයේ තවත් දුෂිතයෙක් වු විනිසුරු අශෝක ද සිල්වා ලවා ඒ අග්‍රවිනිශ්චයකාර සරත් එන්.සිල්වා දුන් නඩු තීන්දුව සම්පුර්ණවම ඉවත දමා පී.බී. ජයසුන්දර කියන හොරදෙටුවා නැවත රාජපක්ෂ රෙජමේ විසින් හොද මිනිහෙක් සේ බෞතිස්මය කොට නැවත පවුලට එක්කර ගැනීමේ වාසනාව උදාවිය. රටේ උත්තරීතර අධිකරණයක් නැති බවට තවත් කුමණ සාක්ෂි ද ……?
මැතිවරණය වියදම්,කැබිනට් ඇමතිවරුන්ගේ දීමනා සහ වැටුප්,ජනාධිපති සහ අගමැති වියදම් කිසිවක් කප්පාදු නොකර මෙසේ ස්වකැමැත්තට පුද්ගලීක ඉල්ලීමක් ලෙස මෙවැනි ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ජී.බී.ජයසුන්දර නම් ආර්ථික ඝාථකයාට කිසිදු නීතීමය හෝ වෘත්තීමය හෝ මානුෂීය අයිතියක් නොමැත,පැහැදිලි ලෙසම මෙය රටේ ජනතාව ගහෙන් වට්ටවා ගොනා ඇනීමක් වැනිය….
විශේෂ ස්තුතිය සදිසි විඩියෝව වෙනුවෙන්…..
දර්ශණ ඉතාලියේ සිට.
.