උණුසුම් පුවත්

ආණ්ඩුවට වාහන 28ක් ලබා ගැනීමට ලක්ෂ 3000 කැබිනට් මණ්ඩලය අනුමත කරයි

Spread the love

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ සැබෑ වෙනසක් සිදු කරමින් මේ වන විට රට මුළුමනින්ම රාජපක්ෂකරණය ට යට කොට ඇති බව  69  ලක්ෂ ජනතාවට ඉතා සාතිශය සංවේගය සංවේගයෙන් දැනුම් දිය යුතු ව ඇත .

යහපාලන නඩය එළවා දමා 69 ලක්ෂක ජනතාවක් ශ්‍රී ලංකාව දියුණුවේ හිණිපෙත්තට ගෙන  යනවා යැයි පුරසාරම් දෙඩු ගෝඨාභය රාජපක්ෂ අපේ  ” විරුවා ” දැන් රටේ අපේ  “හෙලුවා  “බවට පත්වෙමින් ඇත. මීට ප්‍රධානතම හේතුව සිදුව ඇත්තේ ඔහු මේ වනවිට ගමන් කරන දිසාව ඹ්නෑවටත්   වඩා ජනතාවට පෙනී ඇති හෙයිනි.

පසුගිය බදාදා දින ඔහු ඉදිරිපත් කරන ලද විශේෂ කැබිනට් පත්‍රිකාවක් කියා ඇත්තේ රජයේ ආයතන වලට අත්‍යවශ්‍ය කටයුත්තක් සේ සලකා ලක්ෂ 3000  වෙන්කොට වාහන 28  මිලදී ගත යුතු බවයි.

මෙම වාහන මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් තබා ඇති සියළුම දෙනා එය අනුමත කරමින් ඉදිරියේ සති කීපය තුළදී ජපානයෙන් වාහන 28ක් ලබා ගැනීම සඳහා ලක්ෂ 3000 භාණ්ඩාගාරයෙන් නිකුත් කිරීමට මේවනවිට සුදානම් ම පවතින බව නම හෙළි කිරීමට අකමැති මහා භාණ්ඩාගාරය අපගේ හිතවතෙකු අප වෙත දැනුම් දෙන ලදී.

  රටේ ජනතාව වැඩි පීඩනය සහ ආර්ථික පරිහානියේ දිගින් දිගටම ගෙන යන්නක් බව කිවයුතුය මේ අතර රාජ්‍ය සේවයට නුසුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇති නීතිවිරෝධී පත්වීමක් ලබා ඇති ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර රජයේ සේවකයින්ගේ මැයි මාසේ  වැටුප පාරිපෝෂිත අරමුදලට තැන්පත් බැර කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

  දැන ගැනීමට ඇති කරුණු අනුව මේ පිළිබඳව ආයතන ප්‍රධානීන් වහාම කටයුතු කළ යුතු බවට ජනාධිපතිවරයා පුද්ගලිකවදැනුම් දී ඇත.

  අප වෙත තොරතුරු ලැබෙමින් පවතී ඉදිරි ලිපියකදී ඔබට සියලු තොරතුරු දැනුම් දීමට අපි කටයුතු කරමු.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like