උණුසුම් පුවත් දේශපාලන

රටේ ජනතාවට වඩා අරලියගහ මන්දිරයේ බල්ලොත් පින්කරලා……….නාවික හමුදාවෙන් අරලිය ඟහ මන්දිරයේ බල්ලන්ට වායුසමනයකල බලු කුඩු………!!

Spread the love

ශ්‍රී ලංකාවට Covid-19 වෙනුවෙන් ලද මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය මිලියන ලක්ෂ 02 ක් ඉක්මවද්දී රු.5000 ක් තෝරාගත් පවුල් වෙනුවෙන් පමනක් වෙන් කරමින් රාජපක්ෂවරු ඇරඹූ බළුගාය  පිලිබදව රාජපක්ෂ පවුලේම ඥාති පුත්‍රයෙකු ඉතාම පිලිකුලෙන් මේ පිලිබදව කරුණු හෙලිකර ඇත
රටේ සමස්ථ ජනතාවම කබලෙන් ලිපට වට්ටමින් Covid-19 ජාතික ව්‍යසනය ක්‍රියාත්මක වන වටපිටාවක රජය රටේ සමස්ථ ජනතාවට මූල්‍ය ශක්තියක් සපයන වැඩපිළිවෙළ අන්ත අසාර්ථක ය, තෝරාගත් පවුල් වලට පමනක් නිසි යාන්ත්‍රණයක් නොමැතිව රු.5000 ක් වැනි සොච්චම් මුදලක් ලබා දී රටට ගලා එන අති විශාල මූල්‍ය ආධාර ප්‍රමාණය ඔවුන්ගේ සාක්කු වලට පුරවා ගනිමින් සිටී…
ඒ අතර රාජපක්ෂ පවුල සතු මිල අධික බල්ලන් සිව්දෙනෙකු වෙනුවෙන් අරලියගහ මන්දිරයේ නාවික හමුදාව ලවා අධිසුඛෝපභෝගී ලෙස වායුසමීකරණය කල බළු කූඩූ සකසා එහි රැඳවීමේ පුවතක් වාර්තා වේ.
මෙයට චමල් රාජපක්ෂගේ පුතු විරෝධය පල කර ඇති නමුත් එය වැලකී නැත.
අප සැම වෙනුවෙන් කැප වන රණවිරුවා අට පාස් ආමිකාරයා ලෙස හංවඩු ගැසෙන්නේ ඔවුන් දේශපාලකයන්ගේ අවභාවිතාවට ලක් වීමෙනි, යුධ ජයග්‍රහණයෙන් හිමිවිය යුතු ගරුත්වය සහ ලැබිය යුතු ප්‍රසංසාව ඔවුන්ගෙන් උදුරා ගත්තේද දේශපාලකයන් වේ,කවදා වනතුරු රටේ ත්‍රිවිධ හමුදාව මෙලෙස දේශපාලකයන්ගේ උවමනාවන් වෙනුවෙන් භාවිතා වේවිද යන්න පිලිතුරු නොමැති ගැටලුවකි……..
දර්ශණ
ඉතාලියේ සිට..

Spread the love

Leave a Comment

You may also like