අප පෙර ඉදිරිපත් කරා සේ වර්ථමානයේ Covid-19 හේතුවෙන් පීඩිතව රටවල් වල සිරවී සිටින ශ්රී ලාංකීකයන් සම්බන්ධයෙන් රජය අනුගමනය කරන්නේ ප්රාථමික පිළිවෙතකි,එහිදී සැමට සමාන නීතිය ක්රියාත්මක වන්නේ නැත.
වර්තමාන රජයට සමීප කණ්ඩායමකගේ ඉල්ලීම මත එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි කළු සුද්දන් පිරිසක් ගුවන් තොටුපලේ සේවය කරමින් සිටි හා ආරක්ෂක නිලධාරීන්ට සහ සේවකයන්ට ඉතා නොසුදුසු අයුරින් බැන වදිමින් කලහකාරී ලෙස හැසුරුණු පුවතක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වේ.
ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ රජයෙන් ලැබුණු විශේෂ ඉල්ලීමක් පරිදි VIP පරිශ්රයෙනි…
එසේ කලහකාරී ලෙස හැසිරී ඇත්තේ කවුදැයි නිවැරැදිවම සනාථ කල හැකි සාක්ෂි නොමැති නමුත් එම පුවත පිලිබද බොහෝ අන්තර්ජාල පුවත්පත් සහ සමාජ ජාල එලිදරව් කරේ එසේ ගුවන්තොටුපළෙ යකා නැටුවේරජයේ ප්රභයකු ගේම එම ආණ්ඩු රස්නය ඇති අයෙකු බවනම් සහතිකය.
කෙසේ හෝ මේ මොහොත වන විට එසේ එලිදරව් වූ තොරතුරු බොහෝමයක් අන්තර්ජාලයෙන් අතුරුදන් වී ඇත, සත්ය තොරතුරු අනාවරණයට අපද ගරු කරමු,නමුත් එහි සත්ය අසත්යතාව නිගමනය කොට වරදකරුවන්ට දඩුවම් දීමට හෝ ඔවුන් කවුරුදැයි එලිදරව් කිරීමට තරම් ශක්තිමත් නීතියක් රටේ පවතී යැයි විශ්වාස කල නොහැක,එසේම සත්ය තොරතුරු වාර්තාකරණයට වැට බැඳීමද ක්රියාත්මක වන්නේදැයි පැහැදිලි ගැටලුවක් ඇත.
කෙසේ හෝ රටේ VIP පැලැන්තියේ ප්රභූවරුන්ට රටේ පවතින සාමාන්ය නීතිය ක්රියාත්මක නොවන බව අප දනිමු, මෙසේ ලංකාවට පැමිනි VIP ආගන්තුකයන් හටදියතලාවේ අති සුඛෝපභෝගී නවාතැන් පහසුකම් පෙර සිට ම සකසා තිබූ බව ද වාර්තා වේ,
මැදපෙරදිග සහ අනෙකුත් රටවල සිර වී ජීවිතය සමඟ සටන් වදින පීඩිත ජනතාව අමතක කොට ප්රභූපැලැන්තියේ VIP කණ්ඩායම් පමනක් ලංකාවට ගෙන්වා ගැනීම සාධාරණ නොවේ, අද (06/05) දිනට එක්සත් රාජධානියේ සිට තවත් 210 ක කණ්ඩායමක් ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත ය.
දර්ශණ ඉතාලියේ සිට