රුපියල් බිලියන 1.3 වියදම්කර පාර්ලිමේතු මැතිවරණය පැවැත්විය. රටක් පාර්ලිමේන්තු ක්‍රමය ගැන ජනතාවට දැන් එන්න එන්නම තිත්ත කදුරුවි ඇත. මේ හා විශාල මුදලක් නාස්තිකර රටේ පැවැත්මට නිති සම්පාදනය කිරිමට හා ජනතා ගැටලු සොයා බලා ඊට පිලියම් යෙදිමට පාර්ලිමෙන්තු මංත්‍රිවරුන් ගෙන්ජනතාව බලා පොරොත්තු වුවත් පාර්ලිමේන්තුවට පැමිණි දාපටන්ම මුන් කරන්නේ අහගන සිටිමට බැරිතරන් කුණුහරුප කියමින් බල්ලන් පොර කනවා සේ උදේ පටන් බලු පොර ඇල්ලිමය.
එදා පර්ලිමේන්තුව එසේ නොවුනේ ඇයි ? ඇන්.ඇම්. ලා කොල්වින් ලා, දහනායකලා, සර් ජොන්ලා, ඩඩ්ලි ලා, ජේ.ආර් ලා බණ්ඩාරනායකලා යනු මුලු ලොවක් පිලිගත් මිනිසුන්ය. එදා ජනතාවගේ ප්‍රශ්ණ ගැන කතාකරන හැම වෙලාවකම පක්ෂ විපක්ෂ හැම දෙනාම බැලුවේ වැඩිම කොටස ජනතාවට දිමටය. ඉතිහාසය පුරාවටම දැන් වගේ නින්දිත පර්ලිමේන්තුවක් ලංකාවි තිබි නැත.
අද මොවුන් හැමොම අපුරු මිතුරන් සේ සිටින්නේ එක් අවස්ථාවකදිය. ඒ මංත්‍රිවරුන් සියලුම දෙනාට ලැබෙන සැප සම්පත් වලදිය. පාර්ලිමේන්තු මංත්‍රි කම අද සුර සැප ලැබෙන කප් රුකකි. මේ වනවිටත් ලෝකයේ පාර්ලිමේන්තු ඉතාම භයානකම හා නිතීන් සම්ප්‍රධායන් නොරකින පාර්ලිමේන්තු වන සෝමාලියා, යුක්ක්‍රෙන් හා කොසෝවා යන රටවල් වර්ගීකරණය කරඇත.
ඉතාම නුදුරෙදීම ශ්‍රිලංකාවත් කොසොවා පර්ලිමේන්තුව දැන් වැජඹෙන තත්වයට ඔසවා තැබිමට අපේ රටේ මංත්‍රි වරුන් කටයුතු කරනු ඇත. ලංකාවේ අහිංසක ජනතාවගේ බදු සල්ලි වලින් පාර්ලිමේන්තුව රැස්වෙන සෑම දිනකටම රුපියල් ලක්ෂ 12 කට වඩා වැඩි වියදමක් දරණු ඇත. ඒ ඉන්දන , වැටුප්, වාහන,ආරක්ෂක නිලධාරින්ගේ වියදම් හා පාර්ලිමේන්තුවේ සියලුම වියදම් ඊට ඇතුලත් වනු ඇත.
මේ කාලකණ්නි නඩයම දවසකට රු;ලක්ෂ 12 ක් කාදමනවා නම් එවනි රටකට කිසිදාක ආර්ථික වශයෙන් ඉදිරියට ඒමට නොහැක. මුන්ට මේවා ප්‍රශ්නයක් නැත ඔවුන්ගේ ප්‍රශ්න ඇත්තේ ගතමනාව ගැනය. ජනතා වගේ අනාගත සුභ සිද්දියට යම් නිතියක් ,පනතක් ගෙනාවද ඔවුන් බලන්නේ පාර්ලිමේන්තුව තුල බලුපොරයක් මවා ඉක්මනින්ම පාර්ලිමේතුවෙන් එලියට ගොස් හොර අඹුවන් සොයා යාමය.
මේ නිසාම රට දිනෙන් දිනම පහලටම ඇදවැටිම සිදුවනවා ඇත. අද ලංකාවේ ඇතිවි ඇති තත්වය ඉතාම භයානකය මන්ද තව තවත් ජනතාව බලා නොහිදනු ඇත. එවිට සිදුවන්නේ ජනතාව පාර්ලිමෙන්තු ක්‍රමය තුලින් ඉවත්වීමයි. එය රටක් අරාජික වීමට ඉඩ ඇති බවවත් මොවුන් නොදන්නවා ඇති.
මිට ඇති එකම විසදුමනම් පාර්ලිමේන්තු මංත්‍රිකමට කිසිදු වැටුපක් නොගෙවා රැස්විම් වාරයකට වියදම ගෙවා ,වසර 5 හේ විශ්‍රාම වැටුප්, වාහන සියල්ල අහිමිකර රටට ගරු සේවාවක් ඉටුකිරීමට උගත්,බුද්ධිමත් පිරිසක් තොරාගැනිමට ජනතාවට ඉඩ සැලසීමයී.
ජාතියේ අවාසනාවනම් කිසිදු පක්ෂයක් මිට කැමතිනැතිවිමය.
අජිත්