මේක ලියන්න වාද නැද්ද කියල මම හිතහිතා ඉන්න විට අද උදේම මම නිදා ගෙන ඉන්න කොට මගේ ඉතාම හිතවතෙක් වු ආදරයට අපි හැමෝම කියන ” පැටී අයියා ” කියපු කතාවෙන් මගේ හිතට හරිම වේදනාවක් දැනුනා.
ලංකාවේ මිනිස්සුන්ට එංගලන්තය ගැන ඇත්ත කිවයුතුයි කියලා . ඒත් …….සත්‍ය භාර ගැනීමට ලෝකයේ අකමැතිම ජාතිය ශ්‍රි ලාංකිකයෝ. සම- හරක් ඒත් මා ගේ වැදුමව ශ්‍රි ලංකාව නම් මා හැදු මව එංගලන්තයයි. ලංකාවට කුමණ හෝ ව්‍යසනයක් ආවොත් ඒ සමඟම එන බරපතලම කුණු කන්ද තමා ජාතිවාදය මොකද ලාංකිකයෝ වසර 30 තිස්සේම සිංහල දෙමල යුද්ධයක්ට මුහුණ දුන්න නිසාම ඔවුන් ගේ ජාතිවාද දැන් කිදා බැස ඇත්තේ ලේ වලටය.
මේ ජාතිවාදයට කිති කවන්නේ ලාංකීය දේශපාලකයන්ය. අවස්ථාවාදී පට්ට හොරු රැලක් ඉන්න ලෝකයේ එකම රට වු මේ ශ්‍රි ලංකාව මේවනවිට කෝවිඩ් -19 උවදුරට ලක්වෙමින් ඇති රටකි. ඒත් දැන් ඒ රටේ ජනතාව කාලක්න්නි සතුටක් ලබන්නේ අපි දිනුම් ඔන්න කියාය.
සුද්දට කෙලවෙලා:…………..
හැබැයි එහෙම සිතන මිනිසුන් බ්‍රිතාන්‍ය ගැන මොනවාද……….? දන්නේ වරෙක අනුකම්පාවක් ඇතිවනවා නොදන්නා එකම දේ මේ බ්‍රිතාන්‍ය තුල විවිධ ජාතින් ,ආගමිකයන්, පුදුමාකාර ” නිදහසේ ” වචනයේ පරිසමාර්ථයෙන්ම නිදහසේ තමතමා ගේ සංස්කෘතින්ට අනුගතව රටේ නිතියට ගරුකරමින් එකම එක්සත් රාජධානියේ වැසියන් ලෙසට සිටීම ලාංකිකයන් නොදන්නා දෙයකි.මේ එංගලන්තය හරිම පුදුමයි මගේ දරුවන් පාසලට භාරදීමට සිය විටක හෝ මගේ දරුවන් විශ්වවිද්‍යාලයට තේරී මේ රටේ පුර්වැසියන් ගේ දරුවන්ට හිමි විශ්වවිද්‍යාල මුදල් ගෙවීමේදීවත් කිසිම දවසක් මා කුමණ ජාතිකයෙක්ද කුමන රට වැසියකුද නොබලීම ලාංකිකයන් නොදන්නවා ඇති.
මේ වනවිට ඇති තත්වය ගැන පැටී අයියා කිව දෙයින් මාගේ හද සසල වුයේ ඒ නිසාවේනි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි කැපවීමෙන් රෝහල්වලට යමින් පසුගිය දිනවල කල සේවය කීමට වචන නැති නිසාම ඔහු කොරෝනා රෝගය වැලදී ඇතැයි කීවිට මට සිතු නේ බුදුසරණින් ඉක්මනින්සුවය ලැබේවා කියාය. ඒ ඔහු මේ වෙලාවේ මේ රටේ සමස්ථ ජාතියේම දිවිරැකීමට ගන්නා තීරණ හා කැපවීම නිසාමයි ඒත් ලංකාවේ 219 දෙනාම කොරෝනා හැදියන් කියා සමාජ මාධ්‍ය වල දැකිය හැකි සටහන් අනන්තයි.
ඒත් මේ රට ගැන අමුලික බොරු ලාංකී ජන්තාව වෙතට පත් කිරීම ඉතාම නින්දිත වැඩක් වන්නේ මේ රටේ සියළු සැප සම්පත් බුක්ති විදිමින් ඉතාම අසත්‍ය පුවත් පැතිරීම පිලිබදව මේ වන්විටත් අවධානය යොමු කොට ඇත. මා මෙන්ම මෙරටේ සිටින සිංහල ,දෙමල ,මුස්ලිම් විශාල ජනකොට්ඨාශයක් මෙරට ජාතික සෞඛ්‍ය සේවාව පිලිබදව ඉතාම උසස් ඇගයීමක් ඇත. මෙරට ඇති NHS තුලින් තත්පර ගනනක් තුලදී අවශ්‍ය ප්‍රතිකාර නිවසටම වෛද්‍ය කණ්ඩායම් සමඟම පැමිණෙන බව මා දින පතාම දෙනතට දකින්නේ මාද මෙරට අත්‍යවශ සේවාවක් රැකියාව කරන නිසාවෙනි.
ඒත් පසුගිය දිනක ප්‍රචාරය කල ලාංකිකයා මිය ගියේ රෝහලට රැගෙන නොගිය නිසායැයි කියා පලකල අමුලික බොරු කුහකත්වය හා සුද්ධට කෙලවීමට තටමන තවත් ලාංකික මිනිස් වෙස් ගත් තිරිසනකු ගේ හෝ ඔහු ගේ මෑතක බිරිදක ගේ වැඩක් දැයි අපි තවම නොදනිතත් ඊට පරික්ෂණයක් ඉල්ලා ඇත.
ලංකාවේ ජනගහනය ට වඩා මිලියන් 68 මේ වනවිට එංගලන්තයේ ජීවත්වේ . ලංකාවේ රෝගීන 1000 ඉක්මුවිට රෝහල් ඉඩ ඇති ද……….? ලංකාවේ වෙන්ටලේෂන් අඩුන 5000 වත් තිබෙනවාද………? ඒත් බ්‍රිතාන්‍ය රජය ඒ සියල්ලඉතිහාසයේ මෙතෙක් වෙන් කල ලොකුම මුදල වු අවුම් බිලියන 40ක් හෝ බීටත් වඩා වෙන් කොට අවසන්ය .
එපමණක් නොව දැන් මේ රටම ලොක් ඩ්වුන්ය ඇත්තෙන්ම දිවා රාත්‍රි මාදකින්නේ ජන ශුන්‍ය වාහන නොමති පාරවල්ය සියල්ලෝම නිවාස වලය .එත් ඒ සියල්ලටම රැකියා කල නොකල සියල්ලටම රජයෙන් මේ වන්විට විශාල සහන කීපයක්ම ලබාදී ඇත. සෑම පුද්ගලයෙකුටම රුපියල් 70,000ක ට වැඩි මුදලක් එක් පවුලක 05 දෙනකු හෝ ඊට වැඩිනම් රුපියල් 1,50,000 කට වඩා වැඩි මුද්ලක් සෑම සති පතාම ගෙවීම් මේ වන්විට අපි ලබාඇත.
ඒත් සුද්ධට කෙලවීමට හදන කුහකන් අහිංසක ජන්තාවට අඩුම බත් ඇටයක් කැමට තබා රොටියක් කෑමට සතයක් ගෙවා තිබෙනවාද….? ඒත් NHS ඇදන් 4500 කින් යුතු නවීන අධිතාක්ෂණයකින් යුතු නයිටින් ගේල් රෝහල පසුගිය දින චාල්ස් කුමරු අතින් විවෘත විය . ඒ මෙරට ජනතාවට තවත් දායාදයකි. වයස 70 ඉක්මවු සියල්ලම රැක ගැනීම අපේ පරම යුතුකම ලෙසට සලකා මුලින්ම අගමැතිවරයා නිවේදනය කලේ මාස 06 යනතුරු ඔවුනට නිවසෙන් පිටතට නොයන ලෙසයි ඒ වැඩිහිටියන් රැකීමට එසේම ඔවුනට සියල්ලම සැපයීමට තවත්යාන්ත්‍රනයක් සකස් කර තිබෙනවා මා ඉතා හොදින් දනිමි.
ඉතාලියේ වයෝවෘධ රෝගින් මිය යාමට හරින් බව වරෙක ලංකාවේ වගකිවයුතු පුද්ගලයකු කී අතරම ඊට ඉතාලි රජය දැඩි අප්‍රසාදය පලකලේය ඇමරිකාවටත් ඔයහා සමානවම කියා ඇත . දැන් එංගලන්තයට කියයි.
චීන්නුන්ගේ කොළණිය;………
ජාති, ආගම් , රටවල් වල කවුරු මියගියත් එකම නිතියක් ඇත. එපමණක් පමණක් නොව මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මලකඩය ඒ නිසා මෙරට සිටින සියල්ලටම ඉතාම හොද සෞඛ්‍ය පහසුකම් සලසා ඇති බවත් ලාංකිකයන් ගේ දැන් මුදුන්මලකඩ වී ඇත්තේ දළදා මාලිගව නොව චීනය බව නම් සමස්ථ ලෝකම දැන් නොදන්නවා නොවේ
ඒත් ලාංකිකයා නොදනා එකම දෙය ඔබ දැන් දිවි ගෙවන්නේ චීන කොලණියකය. ලෝකයටම කොරොනා වසන්ගතයක් ගෙනා චීනය දැන් ලංකාව කොළණියක් කොට හමාරය ඔබට ඉතිරිව ඇත්තේ දැන් නොමිලේ ලැබෙන හුලං පමණි . ඒ නොමිලේ ලැබෙන එකම දේ මුහුදේ හුලං විදිමින් කට ඇර ගෙන චීනෙන් කන්න එනතුරු බලා සිටින ජාතියක් බවට ඔබේ රටේ පාලකයා ඔබව පත් කොට හමාරය.
ඒත් ඉරහද පවතින තුරුත් බ්‍රිතාන්‍ය නොවැටෙන බවත් මෙවන් වසන්ගත තවත් පැමිණියත් ඒ සියල්ලටම එක්සත් රාජධානියක් ලෙසට ඉතාම හොදින් මුහුණ දීමේ ශක්තියක් හා ධෛර්‍ය්‍ය්ක් ඇති බව සහතිකය.
අජිත්
එංගලන්තයේ සිට ලියයි……