සමස්ථ ලෝකයම තමා ගේ අණසකට නතු කරගෙන සිටින කෝවිඩ් 19 මේ වන් විට රජ ගෙදර සිට අහිංසකයා ගේ කටු මැටි ගේ දක්වාම එකම ආකාරයකට ව්‍යාපතව ඇත්. ඒ අතරින් ඉතාලඉය ,ඇමරිකාව ,එංගලන්තය හා ස්පාඤ්ඤය වැනි ඉතාම බලවත් රටවල් වලින්මේ වනවිට කොරෝනා ආසාධිතයන් වාර්තාවන්නේ දහස් ගානෙනි.
ඒ සමඟම දිනකට මිය යන ගනන සිය ගනනකි .එය 500 සිට 900 ද්ක්වා ඉහල ,පහල යමින් ඇත. මේ ලිපිය ලියන මාද එංගලන්තයේ සිට සෑම සිදුවීමක්ම ඉතාම තීක්ෂණව අධ්‍යනය කරමින් සිටිමි. ශ්‍රි ලංකාවේ ජනගහනයට සාපේක්ෂකව ගෝඨාභය ජනාධිපතිවරයා ඉතාම සැලසුම් සහගතව හා ඉතාම කාර්‍ය්යක්ෂමව එම කොරෝනා මර්ධනයට රාජ්‍ය යාන්ත්‍රනය හැසිරීම ඔහු ගේ හමුදා අණ දීමේ විලාසය ගෙනහැර පැමකි.
කුමණ ආණ්ඩුවක් බලයේ සිටියත් රාජ්‍ය යේ ආරක්ෂකයා ජනාධිපතිවරයාය. ඒ වගකීම ඉතාම හොදින් ඔහු ඉටුකරන බව නොබියව කිවයුතුය .ගෝථාභය ජනාධිපතිවරයා ගේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක් වන කොරෝනා මැඩලීමේ කාර්‍ය්‍ය් සාධක බලකායේ මෙහෙය වීමෙන් මේ වනවිට රටපුරාම ඇදිරිනිතිය පනවමින් ජනතාවට නිවාසතුලට වී සිටීමටත් තමාට අසනීපයක් ඇත්නම් වහාම රෝහල්වලට කතා කොට ඒ බව දැනුම් දීමටත්, දැනුම් දුන් වහාම රෝහල් වලට රැගෙනයාමටත් සකස් කොට ඇති යාන්ත්‍රනය ඉතාම ප්‍රසංසනීයය.
පොලිසිය ලවා ජනතාවට ශබ්දවාහිනී යන්ත්‍ර මගින් අසනීපව සිටීනම් වහාම රෝහල්වලට ඇමතීම ලබා දීමට ශ්‍රි ලංකා රජය ජනතාවට පින්සෙන්ඩුවීම පුදුම සහගතය.
ඒත් එංගලන්තයේ මේ වනවිට ඇතිවී ඇති දැඩි අර්බුදකාරි තත්වය මත මිලියන 68 කට ආසන්න ජනගහනයකට වෛද්‍ය පහසුකම් සැකසීම ඉතාම දුෂ්කර කාර්‍ය්‍යයක් වී ඇත.
ඒත් ඒ මිලියන 68 ක වු අතිවිශාල ජනතාව ගේ වගකීම කරට ගෙන ඇති එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවාව දිවා රාත්‍රි සිදුකරන දැඩි කැපකිරීම අතිවිශිෂ්ඨය.ඊට ජනතාවට ස්තුති කිරීමට වචන නොමති බව රැජිනගේ ජාතිය ඇමතීමේ දී ද ඇය සිහිපත් කලේය. එංගලන්ත රජය ජාතික සෞඛ්‍ය සේවයට ඒ වෙනුවෙන් කිසිකලකත් වෙන් නොකල පවුම් බිලියන 40 කට ආසන්න මුදලක් වෙන් කොට ජනතාවට තවතවත් පහසුකම සැකසීමට උත්සහ ගනිමින් ඇත.
ඒත් ලාංකීය ජනගහනයට සාපේක්ෂකව ජනතාවට ඉතාම හොද සේවාවක් රජයෙන් පිරිනමා ඇති බව කිවයුතුමය. හමුදා නිලධාරියෙකු ගෙන් දැකිය හැකි මනා කලමනාකරණය හා කැපවීම දේශපාලකයෙක් නොවන ජනාධිපති ගෝඨාභයගෙන් දැකීමට ලැබීම තවත් සතුටකි.
ඒ නිසාම දැන් ජන්තාව තේරුම් ගතයුත්තේ තමාට වෙනත් රටවල ජනතාව රෝහල වලට ගෙන යන ලෙසට කරන පින්සෙන්ඩුවීමක් නොමතිවම ඔබේ රෝගයට නොමිලේම ප්‍රතිකාර කිරීමට කැපව ඇති ශ්‍රි ලංකා සෞඛ්‍ය සේවයට පින් දී නොමිලේම ප්‍රතිකාර ගන්නා ලෙසයි.
ඔබේ සෞඛ්‍ය සේවාවේ වටිනාකම ඇඟට දැනෙන්න නම් ඔබ වෙනත් රටකට යායුතුමය. එතෙක් ඔබ දකින්නේ වෙනත් රටවල සේවාවන් වල වටිනාකමම බව කිවයුතුමය.
මේ සැබෑම වෙනස දකින්නේ විදෙස්වල ජීවත් වෙන අපිය ඒ නිසා ඔබ ගේ රෝගයට ඔබ ප්‍රතිකාර ගන්නවාද………?
නොවෙසේ නම් සැඟව සිට මිය යනවාදැයි තීරණයත් ඔබ සතුය.
අජිත්….