උණුසුම් පුවත්

නුතනයේ විශ්වාසයට වඩා විද්‍යාව වැදගත්……!!

Spread the love

ලෝකයේ මේ වනවිට ඉතාම බලවත් රටවල් පවාතම රටේ ජනතාව ගේ ජීවිතරැකදීමට පැය 24 පුරාවටම වෙහෙසෙන අවස්ථාවක් මින් පෙර ලෝකයේ කිසිදවසක් ඇතිව නැත.එවන් මොහොතක්දී ලෝකයා උත්සහා ගන්නේ මේ කොවිට්-19 වල ආරම්භය හා ඊට අවශ්‍ය පැතිරීම නැවැත්වීමට හා ඊට මුහුණ දීමට ජනතාව බේරා ගැනීමට කිසිදු ප්‍රථිකාරයක් නොතිබීම නිසාම එයට ප්‍රතිකාර සෙවීමට දියුණුරටවල් දිනපතාම ඩොලර් මිලියන් ගනන් වියදම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත.

එවන් මොහොතක ලංකාවේ දේශපාලකයන් කොරෝනා ආසාධිතායෙකු මිය යාමෙන් තම ආගමට අනුව මිහිදන් කලයුතුයැයි කීම විහිළුවකි. කුමණ ආගමක කුමක් සදහන් වුවත්  නවීන විද්‍යාව අභිබවා ආගමක් පිලිබදව සිතිය නොහැකිය.

ආගම ඇත්තේ ජිවත්වන පුද්ගලයන් මෙල්ල කිරීමට මිස මියගිවුන් ස්වර්ගයට හෝ නිවනට හෝ යැවීමට නොවන බව නුතන ලෝකයේ මතයයි. පසුගිය දා එම මුස්ලිම් ජාතිකයා ගේ මරණය පිලිබදව රජය ගත් ක්‍රියාමාර්ගයන් වල කිසිදු අඩුවක් නොවීය .

රජයක් ලෙසට මුලින්ම සිතිය යුත්තේ ජීවත්වෙන ජනතාව පිලිබදව මිස මිය ගොස් සිටින්න නිවන්දකීවිද  යයි දැයි ස්වර්ගයට නොයැයි දැයි නොවන් බව බුද්ධිමත්ව සෑම ජනප්‍රජාවක්ම සිතිය යුතුය . මේ මොහොතේ විද්‍යාව මුල් කොට සියල්ල සිදුවනවා මිස ආගමික ඇදහිලි සියල්ල සිදුවිය යුත්තේ දෙවනුවය.

බෞද්ධ ,ක්‍රිස්තියානි,හින්දු,මුස්ලිම් යන මේ සියලුම ආගමික විශ්වාසයන් සියල්ලම අභිබවා කොරෝනා වෛරසය ඉදිරියෙන් ඇති නිසා එවනි ආසාධිතයෙකු කුමණ්ආගමකට ,ජාතියකට අයත් වුවත් ජිවත්ව සිටින සමස්ථ ජාතියේ පැවැත්ම වෙනුවෙන් විද්‍යාත්මක පියවර ගන්නවා විනා කිසිදු ආගමකට ,ජාතියක සංස්කෘතික වත් පිලිවත් අනුව කිසිවක් නොකල යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවල් වලට අවවාද කොට ඇත. මේ නිසා ලෝකයේ අසාමාන්‍ය සිදුවීම් වලට රටක් ,එකම ජාතියක් ලෙසට අපි සියලෝම වෛරසයෙන් බේරීමට තමාට කල හැකි දේ කරමු.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like