උක්ත කරුණ සම්බන්ධයෙන් මා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරණුයේ GMOA දොස්තර ගරු පාදෙණිය මහතා කරකියා ගත කිසිත් නොමැති හෙයින් ගජබ්න්නා සම්පාදනය කරන බවයි..
වෘතීයෙන් ගරු කටයුතු උවද ඔහු පසුගිය කාල වකවානුවේ තම පුද්හලික ලභාපේක්ෂාවෙන් පැවති රජයත් රටත් එහි ජනතාවත් සිතූ සිතූ සේ අසරණ කරමින් ඔහුගේ හා එම සංසදයේ ගරුකටයුතු උතුමාණන්ලාගේ සුකවිහරණයට රටේ ජනතාව බිල්ලට ගත් බව අපි දණිමු..
තවද මොවුන් සුවසැරිය ජනතා ගිලන් රථ සේවය ගෙන ඒමේදී ජනතාවට ලැබෙන ජීවිත සුරක්ෂිත කරගැනීමේ මහගු සහනය කඩාකප්පල් කරමින් කරන්ට් වැදී මියෙනවා කියා පවසා එම සත් ක්‍රියාව අඩාල කලේද ඔවුන්ගේ උතුම් ජඩ ගජබින්න ඇද දමමිනි..දැන් මයික්.අල්ලන උන්ටද මේ ව්‍යසනයේදී ජීවිත සුරකින එම.සේවාව වලංඟු ඇයිදැයි ඇසීමට කොන්දක් නැත..
සියල්ල එසේ සිදුවෙද්දී ජාතික ලයිස්තුවෙන් දියවනන්නාවේ දියබුං ගැසීමට නොහැකි අපාදෙණිය ඉතාලිය අලලා මඩ පුවත් ප්‍රාකාශනයේ නියලීම ඔහුගේ නලාවටත් කරපටියටත් නොගැලපෙන බව දන්නා ඔහු රතන සූත්‍රයේ ආනුභාව ජනතාවට දේශනා කරනා නිඝන්ඨයෙකි…
මේ මහා ව්‍යසනය නිසා ලේබනගත කල පෙර සූදනම් කල ශල්‍යකර්ම පවා කරගත නොහැකිව සිටින මොහොතක ඔහුගේ වගකීම විය යුත්තේ අඩුම තරමේ දරුවන්ගේ ශල්‍යකර්ම ටික.හෝ සිදු කරන්නට කටයුතු කරනවා විනා ඉතාලියේ වයස 70ට වඩා වැඩි මහලු ජනතාවට ඇදන් නොදෙනවා කියා ගජබ්න්නා පැවසීම නොව.
ගරු පාදෙණිය මැතිතුමනි ඉතාලි රජයේ යුතුකම් හා වගකීම් ඔවුන් දරණවා ඇත.. ඔබ කලබල නොවන්න.. අසත්‍ය පතුරවා ඔබ කලක් රටත් ජනතාවත් අපහසුතාවයට පත්කොට යා මට තැත්කල ඉලක්කය වැරදුන පසු ගජබින්නා අතහරිනවා විනා ඔබේ දැනුම ශ්‍රි ලාංකික ජනතාවගේ හිතසුව පිණිස යොමුකරනු මැන.
ඉතාලියේ එසේ සිදුවන බව සාක්ෂි සහිතව ඔප්පු කොට පෙන්වන්න..
කෙසේ නමුත් නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍යවරයකු වූ ඔබ පිරිතේ ගුණ වයන්නේ මහා බෞද්ධයකු ලෙස වුවද එකී මහාදර්ශණයට ද පටහැනිව මුදලට පෞද්ගලිකව රෝගීන් පරීක්ෂා කරණුයේ නොමිලේ නොවන වග දනිමි.
තවද ඉතාලියේ වෙසෙන නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන ඕනෑම වයස් තරාතිරමකින් තොරව මිනිසුන්ට ප්‍රතිකාර කරන බවට ඔබට සාක්ෂි අවැසි නම් පවසන්න…නමුත් මහ මග මියෙන්නට හෝ නිවෙස් මත හුදෙකලාව මියෙන්නට තරම් ඉතාලියේ වෙසෙන්නෝ අවාසනාවන්ත නොවනුයේ අප රටේ ඇති ගිලන් රථ සේවාවට වඩා ක්ෂනයෙන් ක්‍රියාත්මක වන ගිලන් රථ සේවා කීපයකි.
එසේනම් පාදෙණිය ගරු දොස්තර උතුමාණෙනි,…………………වසර ගානක රටේ සෞඛ්‍ය සේවය නහා සිටුවීමට ඔබ සංගමය කර ඇති සේවය රටේ මීහරකුන් වන අපි නොදන්නවා නොවේ. ඔබලා කුමන වසංගතයක් පැමිණියත් ප්‍රථමයෙන් ඉල්ලන්නේ මස් රාත්තලමය ඒත් ඇත්තෙන්ම දෛවයේ සරදමටදෝ ඔබ බලය ලබා දීමට ක්‍රියාකල ඔබේ නායකයාම රටේ ජනාධිපති වීම නිසාම ඒ සියල්ලම අද ඔබ හකුළුවා ගත් බවත් ඉතාලියේ සිටත් අපි නොදන්නවා නොවේ. ඔබේ කෙරුවාවන් පහත් පින්තුරයෙන් ඉතාම හොදට දැකිය හැකිවනවා ඇතැයි සිතමි.
කොරෝනා රෝගයට ගොදුරු වී ප්‍රථිකාර ලැබු
වයස 95 මිත්තනිය සුවවී නිවසට යාමට සුදානම
මේ ඉතාලියේ වයස අවුරුදු 80ක් වන අයද අදත් සුව වී නිවෙස් වල ඇත… ඉතිං ඔබ ඔබේ රැකියාව තුලින් ගතවූ වසර කීපය තුළ සිදු කලාවූ ක්‍රියාවන්ට ඔබේ බණ දේශනා අනුව කමාකල හැක්කේ මේ මොහොතේ හෝ ලංකා වාසී ජනතාව ඇදක් නොමැතිව බිම ඉටිකොල එලාගෙන දුක්විදින ඒ වගේම පංති භේදය මොනවට පහදමින් ප්‍රභූ කොරොනා මධ්‍යස්ථාන වලට එරෙහිව ඔබේ සැබෑ හැකියාව තුලින් සමාජය සුවපත් කරණ මෙන් ඉල්ලමි.
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලියේ සිට ලියන වග …….
29
Settings