මුලින්ම චීන ජාතිකයන්ට වෛර කලා!
ඊට පස්සේ පිටරට ඉඳලා එන ශ්‍රී ලාංකිකයන්ට වෛර කළා!
ඊට පස්සේ නිරෝධායන මධ්‍යස්ථාන අපේ ගම් කිට්ටුවෙන් හදන්න එපා කියලා උද්ඝෝෂණ කළා!
ඊළඟට සමහර තැන්වල සෞඛ්‍ය සේවක සේවිකාවන්ව පොදු ප්‍රවාහන සේවාවලට නොගෙන හිටියා!
දැන් ජාතිය අනුව, ආගම අනුව, ප්‍රදේශය අනුව වෛර කරන්න පටන් අරන්!
ඒක ව්‍යාප්ත කරන්න ,උසිගන්වන්න පටන් අරන්!
අපිව තීරු තීරුවලට ඉරපු මේ ආත්මාර්ථකාමී, ජාතිවාදී ආගම්වාදී, ප්‍රාදේශීය වාදී, ගෝත්‍රවාදී වෛරසය, අපේ රට කොරෝනා වසංගතයෙන් බේරගන්න කරන සටන දුර්වල කරනවා. ජවය බිඳිනවා!
සුනාමියේදී ජනතාව නැගිටපු, නැගිටීම තවම අපේ සමාජයෙ වෙලා නැත්තේ , වසර ගණනාවක් තිස්සේ සමාජය තීරු තීරුවලට ඉරපු මේ වෛරසය තදින් අපේ සමාජය දුර්වල කරළ තියෙන නිසයි.
අපිට මේ වෙලාවේ ඕනේ corona පරද්දන ජයග්‍රහණ!
අපිට ඕනේ මිනිසුන්ගේ එකමුතුකම!
අපිට ඕන වෙන්නේ මනුෂ්‍යත්වය එකට අත්වැල් බැඳගෙන වසංගතය පරද්දන්න කරන සාමූහික වැඩ!
ඒ නිසා ලෙඩ වෙච්ච අයගේ ඡායාරූප දාන්න එපා!
මියගිය අයගේ ඡායාරූප දාන්න එපා!
ජාතිවාදය ,ආගම්වාදය, විදේශිකයන් කොන්කිරීම එපා!
වෙන කිසිවක් ම එපා!
කොරොනා පරදවමු!