උණුසුම් පුවත්

ඉතාලියේ සිටින ශ්‍රි ලාංකිකයන් ගේ ජීවිත අනතුර පිලිබදව රජය සොයා නොබලන්නේ ඇයි………….?

Spread the love

  • ඉතාලියෙන් ගිය මගියා ලංකාවේදි කොරෝනා ආසාධිතයෙකු වීමටත්,
    ඔහු ඉතාලියේ රැඳී සිටි නිවසේ අයවළුන් කිසිවෙක් ආසාධිතයින් සේ හමු නොවීමත්,
    වෙනත් රටවල අනෙකුත් ගුවන් මගීන් ආසාධිතයින් සේ හමු නොවීමත්
    එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන වලින් ඉතාලියේ සිට පැමිණියවුන් පමණක් ආසාධිතයන් ලෙස හමුවීමත්
    ඉතාමත් ඇදහිය  නොහැකි විපිළිසර කරුණකි.
    මෙය රජය හිතාමතා තම ජඩ මාධ්‍යය උපයෝගී කර ගනිමින් පැළ කරන ලද බොරුවකි.
    ඔවුන් ඉන් බලාපොරොත්තු වන අරමුණ වූයේ,
    1.  ඉතාලියේ සියළුම ශ්‍රී ලාංකිකයින් ආපසු ලංකාවට ගෙන්වා ගැනීමට ඇති නොහැකියාව වසා ගැනීමත්,
    2.  එසේ ගෙන්වා යම් හෙයකින් ආසාධිතයින් ලෙස හමුවූවොත්,ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ඇති නොහැකියාව සඟවා ගැනීමත්,
    ඉන් අත්වන අපවාදයෙන් මිදීමත් යන කාරණා ය.
    එහෙයින් රජය සැළසුම් සහගතව රටපුරා ඉතාලි විරෝධයක් මතුකරවීය.
    ඒ වෙනුවෙන් මාධ්‍ය සංදර්ශණ පැවැත්විය.
    රජයේ ඉහළ නිළධාරීන් ඊට දායක කරවා ගැණින.
    ඇත්තෙන්ම රටක පුරවැසියකු විදේශයකදී යම් කරදරයකට අවධානමකට ලක්වූ විටකදී,
    රජයක් තම පුරවැසියා ගේ තොරතුරු සොයා බලයි,
    ආපසු ගෙන්වා ගැනීමට හැකි උපරිමයෙන් යුහුසුළුව කටයුතු කරනවා කොතෙකුත් දැකගත හැකිමුත්,
    ඒ වෙනුවට ලංකාවේ අග්‍රාමාත්‍ය වරයා ඉතාලියේ පදිංචි තම රට වැසියන්ට නොපැමිණෙන්නැයි දන්වා සිටින්ට විය.
    මෙය කුමන ආකාරයෙන් ගත්තද නොවටිනා,නුසුදුසු ක්‍රියාවකි.
    ලජ්ජා විය යුතු අසමත් රාජ්‍යයක තත්වයකි….
    ටියුඩර් ප්‍රනාන්දු

Spread the love

Leave a Comment

You may also like