.
ඔයාට ගොඩාක්ම හිරිහැර කරේ චීනය බව අපි දන්නවා .මොකද ? ස්වභාව ධර්මය දායාද කල බල්ලන් ,බළලුන් පමණක් නොවේ පනුවන් ගෙම්බන් ,එකි මෙකී,නොකී සියළු සතුන් පණ පිටින්ම ගිල දැමුවත් ඔයා ඇවිත් යන්න ගිය ගමනම දැන් බල්ලන් ,බළලුන් පමණක් නොවේ පනුවන් ගෙම්බන් ,එකි මෙකී,නොකී සියළු සතුන්දැන් යහමින් එලියට එමින් සිටී.
ඒ ඔයා චීන සංචාරයේදී රටේ ජනතාවට විශාල වු දඩුවමක් ලබාදීමෙන් වනසතුන් පුදුම උත්තේජනයක් ලබාඇති බව මා අද දුටුවා.ඒත් MR. කොරෝනා මටහරිම පුදුමයි ලෝකයේ ඉතිහාසයේ ආරම්භය යම්දවසක්ද රෝම අධිරාජ්‍යයේ ආරම්භයත් ඒ හා සමානවම තිබියදීත් ඉතාලි ජනතාව 500 ක්600 මරාදමන්නේ එදා ඉතාලි පාලකයන් හිට්ලර් ගේ නාසි හමුදාව සමඟ එක්ව දසදහස් ගනන් ජන්තාව මැරු පාපයටදැයි වරෙක් මට සිතෙන්නේ ඉතිහාසයේ එවනි වරදක් සිදුව තිබීම නිසාදැයි වරෙක සිතේ.
ඇමරිකාව ,බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඇතුළු සමස්ථ යුරෝපයම මේ වනවිට ඔබ ගේ පැමිණීමෙන් අකර්මන්‍යවී ඇති බව ඔබ හොදටම දන්නවා ඇති. MR කොරෝනා , ……ඒත් මැදපෙරදිගටත් එතනින් ඔබ අගනිදිග ආසියාවේ සංචාරය නිසා මා යම් තිගැස්මකට පතව සිටිමි.
ඒ මන්ද මා උපන් ලංකාවේ ජනයා හරිම අහිංසකයි, ඔවුන් හරිම පාරම්පරිකයි, ඒජන්තාව ඔබේ පැමිණීම නිසා එදා වේල නොකා තම දරුමල්ලන් එක්ක පණ බයේ නිවසට වී සැඟව සිටී. MR කොරෝනා ඔයාඇත්තටම්දැනගෙනම ආවද මන්දා මේ දවස්වල අපේ රටේ මැතිවරණය.
අනේ මන්ද ඔයා දැන ගෙන ආව ගමනකද කියලා …….හැබැයි ඔයා එනවා කියලා අපේ දොස්තර මහත්තුරු එහෙම කීව ඔන්න මෙහෙට එන්න පිටත් උනා එයාර් පොර්ට ඒක වහලා රට ඇතුළට නොගෙන ඉමු කියලා………..කෝ ඇහුව යැ මොකද ඔයා දන්නැතුවට මෙයා තනියම ඊළම් යුද්දෙ ඉවරකරේ.
ඒ නිසාම අපේ නායක තුමා ඔයා ගෙන් ගේම ඉල්ලුව බව දන්නවා එය දොස්තරල ගේ කීම ගනන් ගන්නැතුව ඔයාට එන්න කීව ඔයාව කම්මුතු කම්මුතු කරලම දානව කියලා කීව එක දවසින් , අනේ මන්දා ………අපේ රටට ඔයා මීට ඉස්සෙල්ලත් ආවද මනදා ………… මොකද අපේ ඇමති තුමියට දැන් කියන්නේ “ඉම්බා දේවි ” කියලා මේ කොල්ලො කියන කතා. කොහොම උනත රටේ අහිංසකයෝ ටික පණ බයෙන් ඉන්නේ ඔයා අරන් යයි කියලා.
ඒත් රටේ ඉන්නවා ඔයා ගේ වාසස්ථානය වු ස්වභාව ධර්මයට විනකොරන උන් ටිකක හැබැයි එයාලා ඉන්නේ හමුදා , පොලිස් මුරකාවල දා ගෙන ඒත් මම දන්නවා ඔයාට ඒව වැඩක් නැති බව …….මගේ රට ලෝකෙන් උතුම් සුන්දරම රටක් ඒත් MR කොරෝනා, දැන් ඒක නනනත්තාර කරලා අහින්සක මිනිස්සු එකිනෙකා කොටවලා උන්ට උත්පත්තියෙන්ම දැන් උපදින කොට දෙන නමට අමතරව උගේ අප්ප ගේ වහල් භාවයේ පාට කුත් උගේ ඔළුවට දානවා .
මේ සේරම කරන්නේ අර හැංගිලා ඉන්න 225 හේ සෙට් එක, මේ දවස්වල උන් එක තැනක නෑ අනේ MR කොරොනා අපිට කරන ලොකුම උපකාරය ඔබතුමාට පුළුවන් උන්ටික එකින් එකා අරන් යන්න මොකද උන්තමා ජනතාවට වින කටින්නෙ ,කඩොලාන කපන්නේ, ඔක්සිජන්දෙන් විල්පත්තුව ,යාල සත්තු ,මරන්නේ ගස්කපන්නේ ……..ඔයා වැඩිදවසක් මගේ රටේ ඉන්නැතුව යනබව මම දන්නව.
ඒත් ඔයා යන කොට උන්ටිල තොලොන්චිකරලා මගේ සුන්දර රටේ අහිංසක් මිනිස්සුන්ට ඉස්සර වගේම එකට සන්තෝසෙන් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හදලා දීල යනන එතකොට ආය කවම දාවත් මගේ රටේ මිනිසුන් කරන වැරදිවලට දඩුවම් දෙන්න ඔයාට එන්න වෙන්නේ නෑ.
ඒ නිසා දැන් අපි දන්නවා MR කොරෝනා අපි දැන් දන්නවා අපි කරන ,කියන හැම දේ ගැනම ඔයා බලන් ඉදලා අපේ වැරදි වලට එකතුවෙන් පොලියත් එක්ක දඩුවම් දෙන් එක ස්ථිරයි කියලා දැන් අපි ඔනිවටත් වඩා තේරුම් අරන් ඉන්නේ .
අපි පොරොන්දු වෙනවා ස්වාභාව ධර්මයට මුල්තැන දීලා අපේ දේවල් මින් ඉදිරියට කරන්න MR කොරෝනා ඔනිවටත් වඩා තේරුම් අරන් ඉන්නේ ඔයා බලවත් කියලා,
ඒ නිසා දැන් ඇති ඔයා ගේ ගමන නිමා කරන්න .
අජිත්….