උණුසුම් පුවත්

වසර හතර හමාරකට පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද සවස 6.00 ට ගෝඨාභය ජනාධිපතිවරයා විසින් විසුරුවා හරී.

Spread the love

 පසුගිය රජය පත්වීමෙන් පසුව ඇති කරන්න කරගන්නා ලද 19  වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාට වසර හතරහමාරක් ආණ්ඩුව කාලේ ගෙවූ පසු විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පත්වේ. ඒ අනුව අද සවස පැය 1800 ට අංක 2165/8 දිනති 2020 මාර්තු 02 වන දින අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව විසුරවා ඇත. 

අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද සවස 6.00 ට ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත  පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු දිනය මේ වන විට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වනවිට නිවේදනය කොට ඇත.

ඒ අනුව  අප්‍රේල් මස ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය මෙහිදී ජනතාවට සුවිශේෂ වූ කාර්යභාරයක් ඉටු කිරීමට පැවරෙන්නේ තමාගේ පුද්ගලික මතිමතාන්තර සහ පුද්ගලික ඕනෑකම් ගැනසිතා කටයුතු කරනවාද ?  නොඑසේනම් රටක් වශයෙන් ලෝකය සමග ඉදිරියට යා හැකි කණ්ඩායමක් තමාගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කර ඩීල් කරුවන්  නොවන කණ්ඩායමක් තෝරා ගෙන පාර්ලිමේන්තු යවනවද යන්න පිළිබඳව ජනතාව ඉතාමත් හොඳින් කල්පනා කර බලා තීන්දු කළ යුතු කාලය පැමිණ ඇත .

නොඑසේ නම් වසර හැත්තෑ දෙකක් තිස්සේ අඛණ්ඩව තට්ටුමාරු දේශපාලනයට යමින් රට දවසින් දවස අගාධයට ගෙන ගොස් ඔවුන්ගේ පවුල්වල මඩි තර කර ගත්තා මිස රටක් වෙනුවෙන් ඉදිරියට එකම එක අඟලක්වත් නොපැමිණි බව සමස්ත ජනතාවම අද මුහුණ පා ඇති දරිද්‍රතාවය තුළින් මනාව පෙන්නුම් කරයි .

මේ නිසාම ජනතාවට දුෂිතයන් ගෙන් තොරව එකට සිට ගත හැකි වේදිකාවක් වු උගතුන් ,බුද්ධිමතුන් ගෙන් හා කිසිම හොරකමකට නමක් නොගෑවුන පිරිසක් සිටින වේදිකාවක් මේ වනවිට රටතුල නිර්මානය වී ඇත. ඒ ජනතාව ගේ බලයයි .ඒ බලය ශ්ක්තිමත් නොකර අතීතයේ සේ මෙවරත් මඟුලට , මරණයට එන එකාට ඡන්දය දීමෙන් රටත් ,තමාත් යන්නේම වල පල්ලට යැයි දැන්වත් සිතිය යුතුය.

  මෙහිදී දූෂණයෙන් වංචාවෙන් තොරව ඉදිරියට ගෙන යා හැකි කණ්ඩායම කවරෙක්ද යන්න ඉතාම හොඳින් ජනතාවට මේ වන විට පක්ෂ දේශපාලනයේදී ඕනවට වඩා  ඔප්පු කර ඇත . මේ නිසා ජනතාවට දැන් ඇත්තේ ඔවුන්ගේ වටිනාඡන්දය නැවත සැරයක් ආපස්සට ගැනීමට නොහැකිවන නිසා ඉතාම බුද්ධිමත් සිහිකල්පනාවෙන් තමාගේ පරමාධිපත්‍ය බලය පවරන කතිරය ලබාදීමට සිහිබුද්ධියෙන් කටයුතු කරනු ඇතැයි ජනතාවක් වෙනුවෙන් සෑම විටම පෙනී සිටින පුවත්පතක් වශයෙන් අපි සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටිමු.

07/25


Spread the love

Leave a Comment

You may also like