උණුසුම් පුවත්

අනුරාධපුරෙන් කුඩු එලවා දමන්න ගිය SSP ව ඇමති චන්ද්‍රසේන බදුල්ලට පියුන් කෙනෙක් කොට එලවාදමයි.

Spread the love

 

අනුරාධපුර පුජනීය නගරය ගනිකා මඩම් හා මත් කුඩුවලින් ඉතාම ගහනව පැවති යේ මීට මාස 03 කට ඉහතදීය . කඩ 50 රවුම්පාර ප්‍රදේශ වල මත් කුඩු වලට ඉතාම ප්‍රසිද්ධ තැන් කීපයක් විය .ඒ නිසාම මොනරාගල සිට අනුරාධපුරයට කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයෙකු පැමිණියත් ඒ වනවිටත් ජනතාවට පොලිසිය තිත්ත කදුරුවී තිබුනේ පොලිසිය දැනුවත්වම පලාතේ දේශපාලන බවබලවතා වු එස්.එම්.චන්ද්‍රසේන ගේද ආශිර්වාදයෙන් පොලිස් ආරක්ෂාව යටතේ මේ කුඩු ජාවාරම් සියල්ලම ඉතාම හොදින් කරගෙන යාම නිසාය.

ඒත් ජනතාව කිසිසේත් නොසිතු පරිදි කොට්ඨාශ භාර නිලධාරියා වචනයේ පරිසමාර්තයෙන්ම අවංක නිති ගරුක නිලධාරියෙකු විය මුදල් පසුපස යන පොලිස් නිලධාරින්ව ඉතාම සුක්ෂමව හදුනා ගෙන ඒ සියල්ලටම වැට බැන්දේ දේශපාලන හෙන්චයියන්වද භීතියට පත් කරමිනි.

ඒත් සමඟම කුඩු ජාවාරම්කරුවන් ,ගංජා හේන්, කසිප්පු තිප්පොලවල සියල්ලම දිනපතාම වැලලී ගියේ ප්‍රදේශයේ නිති ගරුක ජනතාව අමන්දානන්දයට පත්කරවමිනි. ඒත් රටේ නිතිය සම්පාදනය කරන ඇමති වරුන් ගෙන් ඉතාම විශිෂ්ඨ සහායක් ලැබුනේ තරුණ ජවයක් ඇති නියෝජ්‍ය ඇමති හේමසිංහගෙන් හා දුමින්ද දිසානායක ගෙන් පමණි.

ඒත් ප්‍රභලම ඇමති වුයේ එස්.එම්.චන්ද්‍රසේනය ඔහුට  SSP සුජිත් වෙදමුල්ලව වහකදුරු විය . ළඟ එන ඡන්දයට වියදම් කිරීමට සිටි,කුඩුකාරයන් ,කසිප්පුකාරයන් මහාපරිමාන ගංජා හේන් උන්සියල්ලම ආණ්ඩුවේ බංගලාවට ගාල කරද්දී චන්ද්‍රසේන ගේ මඩියත් දිනපතාම හිස්විය .

මේ නිසාම චන්ද්‍රසේන එකවරම හේමසිංහ ඇමතිවරයා විදේශගතවෙනතුරු බලා වහාම ක්‍රියාත්මක විය. එස්.එම්. චන්ද්‍රසේන නතර වුයේ පොලිසියේ අනාථ නිවාසයට ගොස් දේශපාලන බලය පෙන්නුවිට ( ජාතික පොලිස් කොමිෂන් සභාව ) අනාථ මඩම සසල විය.

චන්ද්‍රසේන ඇමති වෙනුවෙන් පෙරට පැමිණි  “මහළුන්  ” කිසිදු හිරිකිත්යක් නැතිව අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලව පියුන් කෙනෙක් කොට බදුල්ලට එලවා දැමීය.

මේ සියල්ලම නාටක පෙල ගැසෙද්දී පොලිස්පති වික්‍රමරත්න මරනින්දේය. තමන් ගේ නිති ගරුක නිලධාරින් වෙනුවෙන් පෙනී නොඉසිටින ඒකම රාජ්‍ය ආයතනය ශ්‍රි ලංකා පොලිසියයි.

අනුරාධපුර කුඩු එලවීමට ගිය කොට්ඨාශ භාර සුජිත් වෙදමුල්ලට ඒසේ වීනම් පොලිස් කොස්තාපල්වරුන් ගැන කුමණ කතාදැයි අසන්නේ විනය ගරුක නිලධාරින් පමනක් නොව සමස්ථ ජනතාවම ප්‍රශ්ණකරයි.

ගෝඨාභය ජනාධිපති රාජ්‍ය සේවකයාට නිදහසේ තම රාජකාරි සිදු කිරීමට හදන වටපිටාව මේ වනවිට අනුරාධපුරයේ එස්.එම් චන්ද්‍රසේනලා හදමින් සිටින බවත් තවත් වසර 05 කින් එහි සැප ගෝඨාභය ජනපතිටත් ලැබෙනු ඇතැයි අනුරාධපුර ජනතාව ඉතාම පිලිකුලෙන් ප්‍රකාශකරයි.

අජිත්….


Spread the love

Leave a Comment

You may also like