වෙනත්

දිවංගත ගාමිණි දිසානායක මහතා ගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් එකල සිටි තරුණ නායකයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ අත්දැකිම්……

Spread the love

කිර්තිමත් හා කැපි පෙනෙන දේශපාලන චරිතයක් වු දිවංගත ගාමිනි දිසානායක මහතාගේ 75 ජන්ම දිනය අදට යෙදි තිබුනි . මා ශිෂ්‍යකු අවදියේ සිටම ප්‍රියකල දේශපාලන නායකවු ගාමිනි 1970 පාර්ලිමේන්තුවට පැමින මෙරට දේශපාලනයේ උඩරටින් බිහිවු තරුණ නායකයකු ලෙස ජනතා ප්‍රසාදයට පත්වු අයෙකි 1977 ආන්ඩුවේ මහවැලි සංවර්ධන ඇමැතිවරයා ලෙස ඉටුකල මහා සේවාව ජනතාව ගේ මතකයෙන් අමතක කල නොහැක අපේ රටේ ආනාගත නායකයකු ලෙස මහජනතාවගේ මහත් බලාපොරොත්තුවක් ගාමිනි කෙරෙහි තිබුනි
මා ගාමිනි දැන හදුනා ගත්තේ කැලනිය විශ්ව ව්ද්‍යාලයේ ශිෂ්‍යකු ලෙසය එකල අප සමවාදි ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කරන අවදියේය පසුව මා පාර්ලිමේන්තුවට පිවිසිමට පසුව ඉතා සමිපව කටයුතු කලේය
ජනාධිපති ආර් පේමදාස මහතාට එරෙහිව දෝශාභියෝගය ගෙන එමට මුල් නොවුනේ නම් මෙරට ජනාධ්පති ගාමිනි වනු ස්ථිරය.ගාමිනි යනු විශාල දැක්මක් ඇතිව කටයුතු කල නායකයෙකි ඔහු වැනි හෝ ඔහුට සමකල හැකි
දේශපලකයන් අද නැත ජනතාවට සමිපව මෙන්ම රටට ආදරය කරන නායකයන් අපට අහිමි වුයේ LTTE ත්‍රස්තවාදය නිසා බව අප අමතක නොකල යුතුය
ගාමිනි දිසානායක මැතිදුනි ඔබගේ අගය එදාට වඩා අද අපට දැනේ

 


Spread the love

Leave a Comment

You may also like