උණුසුම් පුවත්

නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණවර්ධන දෙමුහුන් අධිකරණයකට පාර කපමින් පසුගිය කාලයේ පැහැර ගෙන ගොස් අමානුෂික වධදී අතුරුදහන් කල සිද්ධින් විමර්ෂණයන්ට සහයොගය නොදේ

Spread the love

සුදු වෑන් යෙදාගෙන 2009 වසරේ දි සිදුකල පැහැර ගැනිම් පිලිබද විමර්ෂණය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අද අධිකරණයට දැන්විය.
මිට පෙරදි ද අධිකරණය දන්වා සිටියේ වහාම එම පරික්ෂණවලට වර්තමාන නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහයෝගය ලබාදිය යුතු බවයි. එසේ අධිකරණය දුන් නියොගවලට අවනත නොවන මෙවන් නිලධාරින් උත්සාගනුයේ මෙරටට දෙමුහුන් අධිකරණයන් ගෙන්න ගැනිමටය.
රවින්ද්‍ර විජේගුණරත්න ගැන කුමන අටුවා ටිකාද? මේ සියල්ලගේම එකම පැතුම ගොඨාභය වන්දනාව බව ජනතාව නොදන්නවා නොවේ. කොළඔ සියලුම පුද්ගල පැහැරගැනිම් වලට පිටතින් හා විමර්ෂණ රැකවලා ලෙස කටයුතු කල එවකට කොළඔ දිසාභාර ජේෂඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විසින් මුලික විමර්ෂණ වාර්තාවද වෙනස් කල බව අද දින අධිකරණයේ දි හෙලිවිය.
මෙම පැහැර ගැනිමට මේවනවිට අත්වඩංගුවේ සිටින නාවික හමුදා බුද්ධිඅංශයේ සැකකරු අප්‍රේල් 06 දින තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
ශ්‍රිලංකාවේ සේනාධිනායකයා ලෙසට මෛත්‍රිපාල ජනාධිපතිවරයා කලයුත්තේ මිනිමැරුම් සිදුකල හා ඊට අනුබල දුන් නිලධාරින් රැකගැනිමනොව. එ වනි තිරිසන් ක්‍රියා නිසා ලෝක් අපවාදයකට ලක්ව ඇති ලංකාව ඉන් ගලවා ගැනිමයි.
ජනාධිපති මෛත්‍රිපාලත් මහින්ද ගිය අඩිපාරේම යන බවට දැන් ලෝකයා ටිකෙන් ටික තේරුම් ගනිමින් සිටි. ඒ බව වඩාත් පැහැදිලිවනේ පසුගිය කාලක්න්නි යුගයේ දි මරා දැමු සිංහල, දෙමල, මුස්ලිම් දරුවන් මරණ වල විමර්ෂණ යකට වත් අවම සහයොගයක් නොදෙන නාවික හමුදාපතිවරයාව තවත් සේවා දිගුවක් දි තබා ගැනිමේනි.
ජනාධිපති වරයා ගැලරියේ අත්පුඩි වලට චුන්වි තමන් රණවිරුවන් පාවානොදෙන විරයෙක් විමට ගොස් ඔහු සිදු කරනුයේ රටට ආර්ථික ,දේශපාලන විනාශයකි. කිසිම ශ්‍රිලාංකිකයෙක් රණවිරුවන් බිලිදිමට කැමති නොවේ . එත් කාලකන්නි ගොඨාභයලගේ උවමනාවට අහිංසක මිනිසුන් හා පාසැල්දරුවන් මැරු උන් රණවිරුවන් වන්නේ කෙසෙදැයි දන්නෙත් මෛත්‍රිපාල ජනාධිපති හා ඔහු ගේ උපදේශකයන්ම පමණි.


Spread the love

Leave a Comment

You may also like