උණුසුම් පුවත්

පොලිස් ස්ථානාධිපති තනතුරු මින් ඉදිරියට පළාතේ දේශපාලකයාගේ අනුමැතිය මතයි……..!!

Spread the love

 

දේශපාලකයා ගේ ලිපිමත පොලිස් ස්ථානාධිපති තනතුරට පත්කිරීම වහාම නතර කලයුතුයි.

 පසුගිය දශක කිහිපයම මහින්ද රාජපක්ෂ පාලනය තුළ දී පොලිස් ස්ථානාධිපතිවරුන් පත්වූයේපළාතේ දේශපාලනඥයාගේ ලිපියක් මුල්කරගෙනය ඒ බවට සාක්ෂි දරණ  පොලිස් මූලස්ථානයේ පිරිස් සහ සංඛ්‍යාලේඛන අංශය තුළ මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් තමාගේ පොලිස් වසමට ඉල්ලා ඇති පොලිස් ස්ථානාධිපති ිළිබඳව ලේඛනගත කොට ඇත.

 එම ලිපි සියල්ල තුලින්ම කියා ඇත්තේ  තමාට අවනත තමාගේ පාක්ෂිකයන්ගේ ඕනෑම ප්‍රශ්නයකදී තම පාක්ෂිකයාගේ පැත්ත ගන්නාස්ථානාධිපතිවරුන් පත්කරන හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා හැර අනිත් සියළුම පොලිස් ස්ථාන පොලිස්පතිවරුන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ම මුළුමනින් ම දේශපාලනය කළ බවට ඕනෑ තරම් සාක්ෂි ඇත.

 එවැනි වකවානුවක් තුළදී පසුගිය දශකය තුළ පොලිස් ස්ථානාධිපති වරුන්ට පමණක් නොව පොලිස් ස්ථානවලට කඩාපැන්න මහජනයා දිගින් දිගටම පහර දුන් අවස්ථා පමණක් නොව අසූචි පවා පොලිස් ස්ථාන වලට විසි කළ සිද්ධීන් අනන්තවත්  ජනමාධ්‍ය තුළින් දැකගත හැකිවිය.

එවැනි කනගාටුදායක අතීතයක් තිබියදීත් නැවත වරක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැමිණ රාජ්‍ය සේවකයින් නියම මාවතට ගෙන ගෙන යනවා යැයි කිව්වේ මෙයාකාරයෙන් පළාතේ දේශපාලකයාගේ අසුජි ඇද්දවීමට දැයි දැන් පොලිසිය ලවා අසුජි ඇද්දවීමට දැයි දැන් අපට සැකයක් ඇත .

 ශ්‍රි ලංකා පොලිසිය දේශපාලණයෙන් මුදාගැනීමේ අන්තර් ජාතික සංවිධානය ලෙසට අපි ඉල්ල සිටින්නේ වහාම මෙවනි ආකාරයට පොලිස් ස්ථානාධිපති තනතුරු ලබාදීම අත්හිටුවන් ලෙසත්, ඒවනි දේශපාලණ පතිකිරීමක් තුලින් ප්‍රදේශයක නිතිය හාසාමය කිසිසේත් පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් උදාවන බවකි.

එසේ නොවුණහොත් මහින්ද රාජපක්ෂ යුගයේදී මහජනයා පොලිස් ස්ථානවලට පැමිණ දිගින් දිගටම අසූචි වලින් පහරදී දේපළ හානි කිරීමට ඇති පසුබිම මෙන් සැකසීමෙන් සිදුවන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ම ජනතාවගේ දැඩි අප්‍රසාදයට සහ වෛරය සාර්ථක පාත්‍රවීම බව අපි වැඩිදුරටත් මතක් කරමු  .

 එසේම අප සංවිධානය මේ පිළිබඳව ඉදිරියේදී අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමට ද කටයුතු කරන අතරම පොලිස්පතිවරයා මීට වඩා  කශේරුකාවක් ඇති ස්ථාන පුද්ගලයෙකු ශයෙන් ස්ථානාධිපතිවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ස්ථානාධිපති පත්කිරීමේදී ඔහුගේ දක්ෂතාවය හා හැකියාවට සහ අපරාධ විසඳීමට මහජනතාව සමග සුහදත්වය ගොඩනැගීමට හැකි පුද්ගලයින් තෝරා පත්කළ යුතු බවට අපි පොලිස්පතිවරයාට ද නිර්දේශ කරමු.

 අද වනවිට  පොලිස් කොමිෂන් සභාව මහළු මඩමකි. ඉන් ජනතාවට කිසිදු සෙතක් නොවන් බව අපි අවස්ථා ගනනාවකදීම පෙන්නාදුනිමු.  නැවත සැරයක් අලුත් තරුණ ජවයකින් ආරම්භකොට පොලිසිය ස්වාධීන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යාමටඅවශ්‍ය කටයුතු කරන මෙන් ගරු ජනාධිපති තුමන් ගෙන් ඉල්ලාසිටිමු. ස්තුතියි,

 මෙයට,

සභාපති,

ශ්‍රි ලංකා පොලිසිය දේශපාලණයෙන් මුදාගැනීමේ අන්තර් ජාතික සංවිධානය,

එක්සත් රාජධානිය,

හිටපු පොලිස් පරික්ෂක.

අජිත් ධර්මපාල,

22/02/2020.

 

 


Spread the love

Leave a Comment

You may also like