1864 මාර්තු 21 වනදින උතුවන් කන්දේ දි සැරයන් සබාන් මියගියේ කැරලිකාර සුර සරදියල්දියල් අත්වඩංගුවට ගැනිමට ගිය විරෝධාර මෙහෙයුමේදිය.
එදා සිටම පොලිස් නිලධාරින් මියගියේ කැරලි කරුවන්ගේම වරදින්. එත් අද පොලිස් නිලධාරින් මිය යන්නෙ. නිකරුනේය. මේ වනවිටත් පොලිස් නිලධාරින් 9 දෙනෙක් පමණ මියගියේ ශාරීරික යෝගියතා පරික්ෂණයක් නිසාය.
මේ කාලකණි පරික්ෂණයක් නිසා අහිංසක දරුපවුල් දෙකක්ම ඊයේත්, අදත් අනාථවිමනම් සිදුවිය. කිසිදු නිසි ක්‍රම වේදයකට නොතියන වෛද්‍ය පරික්ෂණ මේ ජිවිත බිලිගැනිමට හේතු විය. ප්‍රභුආරක්ෂක නිලධාරින් නිතර නිතර බිලිගන්නා මේ පරික්ෂ්ණ වල අරමුණවත් මේවා තියන උසස් පොලිස් නිලධාරින් නොදනි.
තම රැකියාව ආරක්ෂා කරගැනීමට අද මේ නිලධාරින් තම ජිවිත ගැන නොතකා මේ පරික්ෂණ වලට උදේ පාන්දරම එන්නේත් බොහෝ විට නොකා නොබිය. පොලිස්පති කලයුත්තේ තම නිලධාරින් ගේ ජිවිත බිලින්නා මේ අටමගුල් නතර කොට පොලිස් නිලධාරින්ට ක්‍රමවත් ශාරීරික අභියාස පුහුණුවක් ලබාදිය යුතුයි.
අද අහිංසක පොලිස්නිලධාරි ගේ ජිවිත බිලිගන්නා පොලිස්යේ උසස් නිලධාරිටම කවදා හෝ මේවාට වන්දි ගෙවිමට සිදුවෙනවා නොවනුමානය
153 වන පොලිස් විරුසමරු දිනයේ දි අහිංසක දරුපවුලක් අනාථ කරමින් නිකරුනේ පොලිස් සැරයන්වරයකු බිලිගනි.