යහපාලන ආණ්ඩුවක් මහජනයා පිහිටවා ගත්තේ කබලෙන් ලිපට වැටිමට නොවේ. අද ජනතාවට සිදුව තිබෙන්නේ එදා පාලකයන්ගේ තිබුණ නරුම පාලනයෙන් වින්ද දුක මෙන් සිය දහස් ගානක දුක් විදිමටය. ඒ බවක් වත් අඩුම තරමින් වටහා ගැනිමට නොහැකි මැති ඇමැත්තෝ ගොන්නකි.
ලංකා ආර්ථිකයේ ප්‍රධානම ආදායම් මාර්ගය විඇත්තේ විදේශ රැකියා වලින් උපයන විදේශ විනිමයයි..ඒත් ඒතුලින් අසාධාරණ ලෙසට ගසා කෑම එදාටත් වඩා යහතින් කර ගෙන යයි. මෙයට ඉදුරාම වගකිව යුත්තේ ශ්‍රිලංකා විදේශ රැකියා කටයුතු අමාත්‍යංශයයි. ලංකාවේ ඇමත්වරු හිටියත් ඔවුන් ජනතාවට කල යුතු සේවාව කුමක්ද නොදනි.කොළඔ 07 කුරුදුවත්තේ මන්දිරවල ජිවත් වෙන අය ගෘහ සේවයට මැදපෙරදිගට යන්නෙ නැත. තම දරුපවුලට යහතින් කාලාබිලා ඉන්න එසෙත් නැතිනම් දරුවන්ට උගන්නන්න ,ගෙයක් දොරක් හදා ගන්න මැද පෙරදිග යන්නේය. ඒ යන්නෙත් දහාතේ ණය වෙලාය.
යහපාලන්යේ දැන් සෙල්ලම ඒ යන කාන්තව මුලික පුහුණුවක් ලැබිය යුතුය. එය ඉතාම වටිනා දෙයකි. ඒත් ඒපුහුණුවට දුප්පත් අහිංසක කාන්තාවන්ගේ තවත් රුපියල් ලක්ෂයක් ගසා කෑමයි. ඒ විතරක් නොව.
රැකියා ඒජන්තකරු සමග අත්සන් කරන ගිවිසුමට අනුව වැටුප ඩිනාර් 90 ක් නම් ඇය විදේශ රටට ගිය විට ඇයට හිමිවිය යුත්තේ ඒ ගිවිසුම් ගත ඩිනාර් 90 වය. ඒත් බොහෝ රැකියා ඒජන්ත කරුවන් සෑම මසකම ඩිනාර් 10 ක් අඩු කොට ඩිනාර් 80 ක වැටුපක් ගෙවයි. මෙය හෙන ගහන අපරාධයකි.
මේවා සොයා බලා ඒ වැරදි නිවරදි කිරිමට ජනතාව 2015 ජනවාරි 08 වෙනිදා සිතුවත් දැන් ජනතාව කියන්නේ උන්ට හපන් මුන් කියාය. තලතා අතුකොරල ඇමතිවරියගේ වගකිම මවු බිමට සල්ලි උපයන කාන්තාවන් රැකබලා ගැනිමයි. මේ පිලිබදව වහාම ඇමතිවරිය මැදිහත්වි සොයා බලා මේ ගසාකන්නන් එලවා දැමිය යුතුය.
කුවේට් ගෘහ සේවිකාවන්ගේ මාසික වැටුපෙන් ඩිනාර් 10 ක් ලංකාමුදලින් රුපියල් 4000 ගසාකන්නේ විදේශ සේවානියුක්ති කාර්‍ය්‍යංශය ද ?