උණුසුම් පුවත්

කොරෝනා වෛරස් ආසාදිත කාන්තාව දින 10 ක් තිස්සේ රට පුරා ඇවිදලා……….

Spread the love

චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ඇරඹි මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තෙක් ගමන් කොට ඇති බව අප වෙත තොරතුරු වාර්තාවේ.  මෙරට හමුවූ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිත කාන්තාව පිළිබඳව තොරතුරු වාර්තාවීමත් සමඟම අපගේ නියෝජිතයන් ඒපිලිබදව සොයාබැලීමේදී ඇය දින් 10 තිස්සේ මෙරට සංචාරයේ නිරත කාන්තාවක් බවට හෙලිවී ඇත.

ඇය පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණ දින  10 ක් තිස්සේ මෙරට සංචාරක ඉන්පසු අද දිය ඇය නැවත චීනය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට යමින් සිටියදී ගුවන් තොටුපල ආසන්නයේ දී ඇය දැඩි අසාධ්‍ය තත්වයට පත්වීම නිසා ගුවන්තොටුපල බලධාරීන් ඇයව රෝහල් ගත කොට  I DH  උන රෝහල වෙත මාරු කර යවා තිබෙන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් කියා සිටින්නේ ඇය හතළිස් තුන් හැවිරිදි චීන ජාතික කාන්තාවක් බවත් ඇය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කර තිබීම පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති බවයි මෙම සංචාරයේදී ඇය හෝටල් කීපයක නවාතැන් ගෙන ඇති බවත්,  ඇය සමග සංචාරය නිරත අනෙකුත් පුද්ගලයින් මේ වෙන විට වෙනත් ගුවන් යානයකින් චීනය බලා පිටත්ව ගොස් ඇත.

 ඇයගේ අසනීප තත්ත්වය මත ඇය සමඟ නැවතී ඇති අනිත් පුද්ගලයන් ද වෛද්‍ය පරීක්ෂණයට භාජනය කර ඇති බවත් ඇය නවාතැන්ගෙන ඇති හෝටල් සහ සංචාරක කරන ලද ස්ථාන පිළිබඳ එම ස්ථානවල පුද්ගලයින්ද වහාම වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියි.

අජිත්


Spread the love

Leave a Comment

You may also like