රිෂාඩ් බදුදීන් හා රවුෆ් හකීම් අමාත්‍යවරුන් දෙදෙනා පසුගිය දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා ඉතාමත්ම සාර්ථක වූ බව පක්ෂයේ නම හෙළි කිරීමට අකමැති පුද්ගලයෙක් පවසන ලදී.
මෙහිදී ජනාධිපතිවරයා රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව සඳහා අගමැති මහින්ද රාජපක්ෂ පමණක් විට පෙනී සිටීම විශේෂත්වයක් විය. කිසිදු වෙනත් අමාත්‍යවරයෙකු හෝ වෙනත් කිසිදු අයකු නොමැතිව ජනාධිපති ගෝඨාභය ්ෂ මහින්ද රාජපක්ෂ සමඟ රිෂාඩ් බදුදීන් ,රවුෆ් හකීම් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ඉතාමත්ම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබී ඇත,
මෙහිදී විශේෂයෙන්ම අමාත්‍යවරුන් දෙදෙනා ම ඉල්ලා ඇත්තේ නැගෙනහිර පළාතේ සංවර්ධනය සඳහා පසුගිය කාලයේ කිසිදු කටයුත්තක් සිදු නොවූ බවත් එසේම එම ප්‍රදේශවල අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන් විශාල පිරිසක් විරකියාවෙන් පෙලෙන බවත් ඒ සඳහා ඔවුන්ට රැකියා සම්බන්ධයෙන් සුදුසු කටයුත්තක් කර දෙන මෙන් ද ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
ගෝඨාභය ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කොට වහාම එම විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලබාදීමට සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනයට මෙම මැතිවරණයෙන් පසු විශාල මුදලක් වෙන් කරන බවට ඔවුන්ට පුරුදු වී ඇත.
මේ නිසා රිෂාඩ් බදුදීන් සහ රවුෆ් හකීම් දෙදෙනාම රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා ඔවුන් සමග එක් වීමට ඉදිරි මැතිවරණයෙන් පසුව නිතැතින්ම කටයුතු කරන බවට පොරොන්දු වී ඇත.
මේ අනුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් තවත් සුළු ජාතික ඇමැතිවරුන් රිෂාඩ් බදුදීන් හා රවුෆ් හකීම ඇමති වරුන් ගෝඨාභය සමඟ එක් වීම එ.ජා.ප ට විශාල සුළු ඡන්ද ප්‍රමනයක් අහිමි වීමක් වනවා ඇත.
07/25