උණුසුම් පුවත්

කසිප්පු වලින් රා වලට ඇත්තටම මෙය ජාත්‍යන්තර පත්වීමක්……………..!!.

Spread the love

  සංචාරක ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ සංචාරක ප්‍රවර්ධන ජාත්‍යන්තර සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වශයෙන් පසුගිය ජනවාරි පළමුවැනි දින ඉතාලියේ මිලානෝ නුවර පොහොට්ටු ශාඛාවේ වර්තමාන සභාපති ධුරන්දර වැස්සකට තබා පින්නකටවත් පාසැලකට ගොඩ නොයදුන එකම සුදුසුකම අධ්‍යාපනය නොලබීම මතම රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ උවමනාවෙන් වසර 37 ක් ඉතාලියේ පදිංචි අශෝක ඩෙරික් හෙට්ටිආරච්චිට මෙමතනතුර පිරිනමා ඇත.

පොදුජන පෙරමුණ ශාඛාවේ සභාපති  අශෝක හෙට්ටිආරච්චි   වසර 37ක් පමණ ඉතාලි ජීවිතයට ුරුපුරුදුව ඉතාමත් උද්යෝගයෙන් රාජපක්ෂ පාලනය ගොඩ නැංවීමට කටයුතු කළ අයෙකි,  ඔහු ඉතාලි ඔහුගේම පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකයින් හඳුන්වන්නේ අපේ පහනෙන් එළිය බලපු ඩෙරික් කියායි අඩුම තරමින් සාමාජිකයෙකුට තේ උගුරක් වත් අරන් නොදෙන මොහු පිළිබඳව  ඇසීමෙන් පසු මොහු පිළිබඳව කියා සිටියේ මෙය  කලක් කසිප්පු පෙරූ අයෙකු කසිප්පු නවතා දමා මම දැන් කසිප්පු නැවැත්තුවා මෙතැන් ඉඳන් ඔයා රා  පෙරන්න යනුවෙන් රා පෙරා සංචාරක ප්‍රවර්ධන ජාත්‍යන්තර සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වශයෙන් පත්වීමක්  දුන්නාදැයි ඉතාලි ජනතාව ප්‍රශ්ණ කරයි.

වසර 37ක් පමණ ඉතාලියේ ජීවත්වෙන එරික් අශෝක හෙට්ටිආරච්චි සංචාර ප්‍රවර්ධනය කෙසේ වෙතත් වැස්සකටවත් පින්න කටවත් අඩුම තරමින් පාසැල් නොගිය පුද්ගල ීවොත් ඔබ පුදුම නොවෙනම ඇත.  මන්ද එවැනි පුද්ගලයින් සිටිනවා නම් සිටින්නේ කසිප්පු පිළිබඳව නම් දැරූ අරුන්දික ප්‍රනාන්දු සමග බව රටම දන්නා නිසාය සිංහල භාෂාවේ වචනයක් තමාගේ අත් අකුරින් ලියා ගැනීමට නොහැකි ඩේවිඩ් අශෝක හෙට්ටිආරච්චි සංචාරක ප්‍රවර්ධනයට ඉංග්‍රීසි කතාකරමින් ඉංග්‍රීසි ලියමින් කරනු ලබන්නේ කුමන සම්බන්ධීකරණයක් දැයි ප්‍රශ්න කරන්නේ ඉතාලියේ වෙසෙන ඔහුගේම ශාඛා සමිතියේ පුද්ගලයන්ය .

මෙය හරියට කසිප්පු නවත්තා ඇති අරුන්දික ප්‍රනාන්දු කාලාන්තරයක් තිස්සේ ඉතාලියේ කරක් ගසන වේලාවලදී යහමින් කන්න හා බොන්න දී යහන් ගතවීමේදී ඉතාලියේ හා ලාංකික සීරිමාන්සත් ඇදේ ඉදන් කෑමට අඩුනැතුව දීමනිසා බව තතු දත්තෝ කියයි.

සංචාරක ප්‍රවර්ධනය කෙසේ වෙතත් තමාට අඩුම වශයෙන් ඉංශ්‍රිසියෙන්ලිපියක් ලියා ඒ රටේ අවශ්‍යතාවයකට යොමු කිරීමට තබා තමාගේ රටේ  සිංහල භාෂාවෙන් වත් ලිපියක් ලියා තැපැල් කිරීමට නොහැකි මොහු කරන්න සංචාරක ප්‍රවර්ධනය කුමක්දැයි ජනතාව ප්‍රශ්න කරයි. අරුන්දික ප්‍රනාන්දු සැපයූ සියලු දේවල් වලට කළගුණ සැලකීමක් වශයෙන් රටේ ජනතාවගේ සල්ලි කාබාසිනියා කිරීමට ගෝඨාභයට ඇන්දවීමක් බව මිලානෝ සිටින පොහොට්ටු පක්ෂ  සාමාජිකයින් අප වෙත කියා සිටින ලදී.

ගෝඨා ගේ වියත් මගෙන් සිදුවන්නේ මෙවනි පත්කිරීම්නම්, එයත් තවත් රටට විනාශ මගක් නොවනුමානය. මෙයින් සිදුවන්නේ රටේ සල්ලි නිකරු නේ හිතමිතුරන් අතරේ බෙදා හැරීමකි.මෙම එක් ලේකම්වරයෙකුට වැටුපක් ලෙසට රුපියල් 67,800 ක් ලැබෙන බව ශ්‍රිලංකා සංචාරක මංඩලයෙන් දැනගත හැකිවිය.

(ඉහත ඡායාරුපයේ  ජාත්‍යන්තර පත්වීම ලද සුන්දර මොහොතේ අරුන්දික හා ඩෙරික් අශෝක )

විශේෂ ස්තුතිය පොදුපෙරමුණ ඉතාලි ශාඛාවේ අයට….

06/2000


Spread the love

Leave a Comment

You may also like