උණුසුම් පුවත්

දුරකථන වලට රහසේ සවන් දීමට ගෝටාභයගෙන් හමුදා ඒකකයක්

Spread the love

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන හමුදා ජුන්ටාවේ තවත් පියවරක් ඉදිරියට තබමින් ගෝඨාභය ජනාදිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ තෝරා ගත් පුද්ගලයින්ගේ සහ මාධ්‍ය කරුවන් ගේ දුරකථන වලට රහසේ සවන් දීමට අවශ්‍ය කණ්ඩායමක් සූදානම් කොට ඇත.

මෙම දුරකථන තෝරා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සෑම පක්ෂ-විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ හා සමානවම ඔවුනට ඔත්තුකරුවන් කවුදැයි යන්න හඳුනාගැනීමට ද මෙයින් ගෝඨාභය ජුන්ටාව සූදානම්ව සිටි.

ශ්‍රී ලංකා මාධ්‍ය ජාත්‍යන්තරයට ගෙන යනු ලබන පුවත් පිළිබඳව සහ එම පුවත් සපයන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ජනමාධ්‍ය වලට තොරතුරු සපයන්නන් පිළිබඳව ඉතා රහසිගතව මෙම දුරකථන සංවාද වලට ඇහුම්කන් දෙන හමුදා භටයින් විසින් තොරතුරු සැපයීමට බැඳී සිටින බව අප වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.

අපගේ ඔත්තුකරු පවසන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වන යුද හමුදා ජෙනරාල්  මෙම ජුන්ටාව ක්‍රියාත්මකවේ .  මේ තුළින් ජනමාධ්‍යවේදීන්ට රජය පිළිබඳව සහ ජනාධිපති ධුරය පිළිබඳව තොරතුරු දෙන්නෙ කවුද පිළිබඳ  සොයා බලා එම පුද්ගලයින් හට තාඩන පීඩන කිරීමට හෝ නොඑසේ නම් තොරතුරු සපයන්නන් හට පහරදීමට හෝ අතුරුදහන් කිරීමට මේ සදහා ජාතික බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් සලේ යටතේ මේ රහසිගත කණ්ඩායම ක්‍රියාත්මක වනවාඇත. ගෝඨාභය හමුදා ජුන්ටාව මේ වන විට සියලු සැලසුම් සකස් කොට අවසන් ඇත.

 ජනාධිපති වූ වහාම පසුදාම T.R.C සභාපති පත් කරන ලද්දේ  ඔහුගේ හමුදා ජුන්ටාවේ ඉතාමත්ම හිතයි පුද්ගලයෙකු පත්කොට ඇත. මේ තුළින් රටේ සමස්ත ජනතාවම දැඩි මානසික අවපීඩනයකට ලක්ව ඇත  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කරන ලද පුරවැසියන්ගේ කියවීමේ නිදහස, හා භාෂණය, සහ අදහස් ප්‍රකාශ කිරීමේ, මූලික අයිතිවාසිකම් මෙමගින් උල්ලංඝනය වන බව අප වෙත තොරතුරු ලබාදුන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කියා සිටින ලදී

එසේම මෙයින් සිදුවන්නේ ශ්‍රී ලංකා මාතාව වසර ගණනාවක් රාජපක්ෂ පාලනය යටතේ ගෙවූ කාලයට වඩා ඉතා අන්ධකාර සහ ඉතාමත්ම භීෂණයකි මානසික පීඩනයක් යටතේ ඉදිරි කාලයේ දී ජිවිතය ගෙවීමට සිදුවන බව මෙයින් පෙන්වා දී ඇත

මේ නිසාම ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙත තොරතුරු සපයන්නේ කවුද ඒ පිළිබඳව හා මාධ්‍ය ආයතනවලට සම්බන්ධ සියලුම පුද්ගලයින් පිළිබඳව ගෝඨාභය ජුන්ටාව දැඩි විමසිල්ලෙන් සිටින බව අප වෙත ඉතාමත් විශ්වාසවන්ත තොරතුරු සපයන්නේ කියා සිටී.

ශ්‍රි ලංකාව තුල සිට ක්‍රියාතමක වන මාධ්‍ය ගෝඨාභය ජනාධිපති ගේ රජය කුමණ ආකාරයේ මිනිස් අයිතිවාසිකමක් කඩ කලත් කිසිදු මාධ්‍යක ඒවා හෙලි නොකර ස්වයංවාරනයක් ඔවුන්ම පනවා ගෙන ඇත.

මේ නිසාම රජයේ සියළු තොරතුරු වෙබ් මාධ්‍යට ලබාදෙන්නන් හා ඊට උදව්කරන්නන් පිලිබදව තොරතුරු සොයන බව මේ වනවිට අපවෙතට වාරතා වීඇත.

07/25


Spread the love

Leave a Comment

You may also like