වසර 30 ක් පැවති යුධයේ ඉතාම දරුණුම අවස්ථාවේදිවත් මහින්ද මෙපන මුදලක් වැයකොට යුධ නැවක් නොගත්තාය. දැන් රටේ කිසිම යුධයක් නැත. මේවනවිට යහපාලන රජය ජනතාවට දි තිබෙන්නේ එතෙක් රාජපක්ෂලා අහිමි කරතිබු නිදහසයි.
එසේ නොමතිව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති දහාතේ දමාගෙන ,දිවුරපු කිසිම දෙයක් ඉටුකර නැත. එදා මෛත්‍රි කියපුවා අද ඔහුට අමතකය. ඇත්තටම දෙයියනේ රටට මොනවා හරි නැස්පැත්තියක් වෙලාද කියලා දැනගන්නේ පත්තරේකින් හරි ටිවි එකෙන් හරි. යහපාලනයක් ගෙන්න කතාකරපු උදවිය අද පිකටිං හෝ ,මාධ්‍යහමු තිය තියා ජනාධිපති පොරොන්දු වෙච්චා ඉල්ලමින් සිටි.
මේ වනවිට ජනතාව දැඩි ආර්ථික අමාරුකමකට මුහුණ දී සිටි. එදා වේලක් කා තවත් වේලක් නොකා සිටින තත්වයකට පත්ව ඇති ජනතාව ඒයින් මුදවා ගැනිමට කෝටි 4556 ක් වැය කරනවා වෙනුවට මෛත්‍රිපාල ජනාධිපති වරයා ඉතිහාසගතවීමට මේ යුධ නැවක් ගන්න තටමනවාදැයි නොදනි. ජනාධිපති ,අගමැති දෙන්නාගේම යුතුකම විය යුත්තේ ජනතාව ආර්ථික යුද්ධයෙන් ගලවා ගැනිමය.
මහින්ද රට බේරා ගැනීමට නොගත් යුධනැව් ,රුපියල් කෝටි 4556 ක් ගෙවා මෛත්‍රී යුධ නැවක් ගන්න තටමන්නේ කාගේ වුවමනාවටද..?