උණුසුම් පුවත්

අද සිට අති විශේෂ ගැසට්ටුවකින් පොලිස් බලතල ත්‍රිවිද හමුදාවට ගෝඨා රටම භිෂණයකට ඇද දමන බව සහතිකයි. තවමත් යුධ මානසිකයෙක් බව ලොවට පෙන්නයි.

Spread the love

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයකින් අද දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පුරාම පවතින සියලුම පරිපාලන දිස්ත්‍රික්කයන් හා ඊට යාබද සියලුම පළාත් ප්‍රාදේශීය යන් කෙරෙහි බලපාන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,  ශ්‍රී ලංකා නාවික හමුදාව , හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ස්ථානගත කිරීමටත්හා පොලිස් පරිපාලනයට යොදවන බව දැනුම් දී ඇත.

ඒ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පරිපාලන පොලිස් කටයුතු සඳහා යුද හමුදාවට නීති හා සාමය ආරක්ෂා කිරීමට ගුවන් හමුදාව  ,නාවික හමුදාව පවරන ලබන අති විශේෂ ගැසට් පත්‍රය අංක 2154/54    2019 දෙසැම්බර් 21 දින නිකුත් කරන ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාව හමුදා ජුන්ටාවක් බවට පත් කිරීම අනිවාර්යයෙන් සිදු කරන බව මීට පෙර අවස්ථා ගණනාවකදී අපි මාධ්‍යයක් වශයෙන් රටේ ජනතාවට හෙළි කළෙමු

ඒත්69 ලක්ෂයක් ජනතාව අපේක්ෂා කළ පරිදි ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සමෘද්ධිය ගෙන ක්‍රියා කරනු ඇතැයි දැඩි විශ්වාසයක් පැවැතුණි .එනිසාම ගෝඨාභය රාජපක්ෂට  69 ලක්ෂයක ජනතාවක් ඉතාමත්ම සාමකාමී මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කොට ඔහු ජනාධිපතිවරයා වශයෙන් පත්කරන ලදී .

එහෙත් ගෝඨාභය රාජපක්ෂ නමැති හිටපු හමුදා මේජර්වරයා ගේ යුද මානසිකත්වයෙන් ඔබ්බට ගිය රටක පරිපාලනය හා පැවැත්ම ජනතාවගේ ජන ජීවිතය විශේෂයෙන්ම නූතනයේ පවතින මානව හිමිකම් ගැන කිසිදු තැකීමක් නොකරන බව ඉතා හොඳින් පෙනී යයි .

1948 නිදහසින් පසුව 2019 තෙක් කිසිදු රාජ්‍යය නායකයෙක් කවමදාවත් යුදහමුදාවට නිතිය හා සාමය ආරක්ෂාවට   ක්‍රියාකර නැත . එසේ නොවන්නේ රටක ත්‍රිවිධ හමුදාව අත්‍යවශ්‍ය කාරණයකදී ස්ථානගත කිරීමට යොදවන්නේ යුදහමුදාවට නීතිය හා සාමය හැසිරවීම නීති හා සාමය පිළිබඳ නීති රෙගුලාසි අණපනත් පිළිබඳ කිසිදු තැකීමක් හෝ දැනීමක් නොමැති නිසාය.

විශේෂයෙන්ම ලංකා පොලීසිය සහ පොලිස් නීතිය පිළිබඳව යම් තරමකට ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ දී අධ්‍යයනය ලබා පිටව යන විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් යෙදවීමට එදා ජේ.ආර්.ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග,  ප්‍රේමදාස , සහ මහින්ද රාජපක්ෂ  ,ක්‍රියා කළේ ඒ නිසාය .

වැනි තුන්වැනි ලෝකයේ රටවල්වල නොදියුණු මානසිකත්වයක් ඇති ජනතාවක් සමගත්‍රිවිද හමුදාව  කටයුතු කිරීම අතිශයින්ම භයානක කාර්යයට ශ්‍රී ලංකාවේ ඕන තරම් උදාහරණ අපට පෙන්වා දියහැක. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා සිටියදී පැවැති ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයින්ට  හමුදා බලඇණියක් යොදවා එක්වරම වෙඩි තබා මරා දැමීමට කටයුතු කළ කල අතරම එහිදී පාසල් සිසුන් දෙදෙනෙක් සමග පුද්ගලයින් පිරිසක් මිය ගියහ.

ඊට අමතරව කටුනායකරොෂාන් චානක, එසේම අහිංසක ධීවරයකු වු ඇන්තනි ප්‍රනාන්දු හමුදාව ලවා වෙඩිතබා මරාදැමීම වැනිකාලකන්නි අවස්ථාවන් පිලිබදව අපි සිහිපත් කරමු.

එසේ තිබියදීත් ජනතාව ගේ මුලික අයිතිවාසිකම් ගැන නොසිතාම  අහිංසක ජනතාව මරාදැමීමට හෝ බිය වැද්ද වීමට මෙසේ ත්‍රිවිද හමුදාව යොදවා ඇත.

0725

 


Spread the love

Leave a Comment

You may also like