උණුසුම් පුවත්

දෙයියෝ සාක්කි.. ………….මෙහෙමත් රටක් රටේ නීති හා සාමය ආරක්ෂා කරන පොලිස් වලට ලක්ෂ 57 ක කොසු ඉදල් සහ උදලු තල……….!!

Spread the love

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන අවධියේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ව සිටියේ තම වැඩිමල් සොහොයුරා වූ මහින්ද රාජපක්ෂයි එවකට ගෝඨාභය කාණු කැපවීමට සහ පාත්ති සැකසීමට මංමාවත් සුද්ද කිරීමට යෙද වූයේ යුද හමුදාව නාවික හමුදාව සහ ගුවන් හමුදාව ය.

එක්  නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අප වෙත කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවත් වී ගෙදර ගිය පසු පොලිසිය ඔහු පසුපස ගොස් පැවැත් වූ සූක්ෂම විමර්ශන වල ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට මහාධිකරණයේ නඩු පැවරූ බවත් ඒ නිසා පොලිසියෙන් දිගින් දිගටම රාජපක්ෂ පළිගන්නා  බවයි.

ශ්‍රී ලංකා ජනතාවගේ මුදල් අවභාවිතා කරමින් දෙමව්පියන්ගේ සොහොනක් සෑදීම සඳහා මුදල් වැය කිරීමයි මේ පිළිබඳව පර්යේෂණ සාක්ෂි මත ගෝඨාභය රාජපක්ෂව  නඩු පවරා තිබෙනවා ඒ සාක්ෂි සෙවීමට පොලිස් නිලධාරීන්  ඔහුට විරුද්ධව මහාධිකරණයේ නඩු පැවැරීමට ක්‍රියාකර ඇත

ගෝඨාභය රාජපක්ෂ මුලින් යුද හමුදාව දමා කානු කැට වූ පක්ෂ සිද්ධ කර වූ සියළුම දේවල් පොලිසිය පිට පටවා පොලිසිය ජනතාව තුළ දැඩි අප්‍රසාදයට පත් කිරීමට මේ වන විට සියලු කටයුතු අරඹාඇත පසුගියගිය දිනෙක පැවැති ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියා ඇත්තේ කිසියම් පොලිස් අධිකාරිවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු මේ කාණු පවිත්‍ර කිරීම් සහ මංමාවත් සුද්ද පවිත්‍ර කිරීම පිළිබඳව ඔහුගේ අකමැත්ත ප්‍රකාශ කරන්නේ නම් ඒ නිලධාරීන් විරුද්ධව වහාම  විනය පරීක්ෂණ නොතියාම මුල් සේවයෙන් පහකළ යුතු බවයි.

මෙය ගෝඨාභය වැනි රටක නීතියක් ගැන නොසිතන ඒකාධිපති පාලකයකු ගේ ස්වරූපයයි ඒ නිසා දැන් කළ යුත්තේ පොලිස් නිලධාරීන් ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය පිළිබඳව ඉතා අවදියෙන් සහ සෝදිසියෙන් සිටින බව සමස්ත පොලිස් ප්‍රජාවටම අපි ඉතාම දැඩිව  මතක් කරමු.

එපමනක් නොව ඉදිරියේදී  සෑම අවස්ථාවකදීම තමා  කුමන හෝ හේතුවකින් පොලිස් දෙපාර්තමේන්තුවේ අප්‍රසාදය පළ කිරීමට  නිලධාරීන් කටයුතු කළහොත් ගෝඨාභය රාජපක්ෂ යම් දවසක තදින්ම දැනෙනවා ඇති.

 පොලිස් මූලස්ථානආරංචි මාර්ග කියා සිටින්නේ මේ වනවිටත් ඒ සියලුම කොහු ඉදල් සහ උදලු තල මිලදීගැනීමේ සියලු කටයුතු සිදුකර ඇති. බවයි රාජපක්ෂලා නිල ඇඳුම අඳින  පොලිස් නිලධාරින් ගේ අභිමානය අද ගෝඨාභය මහ ජනතාව ඉදිරියේ විනාශ කොට ඇත.


Spread the love

Leave a Comment

You may also like