උණුසුම් පුවත්

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගේ සිද්ධිය කණපිට හැරවීම ශ්‍රි ලංකා කීර්ති නාමයට බරපතල හානියක්

Spread the love

අපරාධයකට ලක් වූ කිසියම් පුද්ගලයෙකු තමා අපරාධ වින්දිතයෙක් වූ බවත් ඒ සම්බන්ධයෙන් තමාට සිදුවූ අපරාධය පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් සිදු කිරීම නිසාම තමා අපරාධකරුවකු බව හඟවනවාකටයුතු කරන එකම රට  ශ්‍රී ලංකාව බවට ලෝකේ හමුවේ මේ වනවිට නිරාවරණය වී අවසන්.

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු  කාන්තාව රාජකාරි නිම වීමෙන් පසුව තමාව පැහැරගෙන ගිය බවට කරන ලද පැමිණිල්ල හා ඒ ආශ්‍රිතව ඈ විසින් දෙන ලද සියළුම සාක්ෂි පිළිබඳ කරුණු  හෙළිවීම නිසා කෝපයට පත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුගේ පුද්ගලික සට්ටැඹියන් ලවා ගානියා නැමති දෙදරු මවක් වු ඇයට ඉතාම නින්දිතාඅකාරයෙන් සැලකීම පිලිබදව ලෝකයේ බොහො රටවල් මේ වනවිට දැඩි අවධානය යොමු කොට ඇත.

කුමන හෝ රටක පුද්ගලයෙකුට කිසියම් අපරාධයක්  සිදු වූ වහාම ඔවුන් කළ යුතු එකම කාර්යය වන්නේ පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමය. ලෝකේ සියලුම රටවල් අනුගමනය කරන සාමාන්‍ය සිද්ධිදාමය එම සිද්ධිය මුල් කරගෙන ශ්‍රී ලංකා රජය  ගානියා නැමති  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනියගේ එම තොරතුරු කණපිට හරවමින් ඇය වෙත ම ඒ සියල්ලම දමා ගසමින් ඇය ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රසාදයට පත් කිරීමට බොරුවක් කරන ලදැයි මේ වනවිට ඇය රක්ෂිත බන්ධනාගාර ගත කොට හමාරය.

ගෝඨාභය රාජපක්ෂට ඇත්තේ ඉතාමත්ම පැහැබර ඉතිහාසයක් නොවන බව අවිවාදයෙන් පිළිගත යුතුය ,ගෝඨාභය රාජපක්ෂ කිසිදු සිද්ධියකට සම්බන්ධ නොවු  අහිංසක සිංහල, දෙමළ ,මුස්ලිම් දරුවන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමූ නින්දිත  නාවික හමුදාවේ නිලධාරීන් සියලු දෙනාම රැක ගත් පුද්ගලයෙකි. එපමණක් නොව ජනමාධ්‍යවේදීන් ඒ වගේම අහිංසක පුද්ගලයින් සුදු වෑන් රථවලින් පැහැරගෙන ගොස් මරා දැමූ පුද්ගලයකු බවට මුළු ලෝකයම නොදන්නවා නොවේ.

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය යුතු ශ්‍රී ලාංකික කාන්තාවක් වන  ගානියා නැමති දෙදරු මවක් වු ඇය  පැහැර ගත්තේ වෙන කිසිදු හේතුවක් නිසා නොව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිශාන්ත සිල්වා පිළිබඳව තොරතුරු දැන ගැනීමට බව අපි ඉතා වගකීමෙන් සඳහන් කරමු ,

නිශාන්ත ද සිල්වා නමැති පොලිස් නිලධාරියා ප්‍රධාන වශයෙන්ම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තම දෙමව්පියන්ට රජයේ මුදලින් ඉදිකරන ලද සොහොන පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කරමින් සාක්ෂි සටන් කිරීම සහ අදාළ සියලුම පර්යේෂණ සාක්ෂි සටහන් කිරීම ගෝඨාභය රාජපක්ෂගේ දැඩි වෛරයට ප්‍රාප්ත වූ සිද්ධියකි.

එපමණක් නොව රාජපක්ෂ පවුලේ සිදුව තිබූ සියලුම අපරාධ වලට සම්බන්ධ අපරාධකරුවන් පිළිබඳව සාක්ෂි සහ සියලුම අධිකරණමය කටයුතු සිදු කල නිසා නිලධාරියා පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔහු පිළිබඳව සොයා බැලීමට තානාපති කාර්යාලයේ සේවය යුතු මෙම ගානියා නැමති දෙදරු මව  පැහැර ගත් බවට මේ වන විට සියල්ල හෙලි වී හමාරය.

මෙම සිද්ධිය පිළිබඳවවර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ සිදුකරන්නේ මැදමුලන රාජපක්ෂ වලව්වට සිදුවන හානියක් නො ව ඔහු සිදුකරන්නේ සමස්ත ජාතියටම සමස්ත ශ්‍රී ලාංකික නාමයට ම සිදු කරන ඉතාමත්ම බරපතල අපරාධයකි, එනම් ලෝකේ දියුණු රටවල් ශ්‍රීලංකාව ඉතාමත් නොදියුණු සහ වහල් මානසිකත්වයකින් සිටින අපරාධකරුවන් රකින අපරාධ වින්දිතයින් අපරාධකරුවන් කරන රටක් බවට හංවඩු ගැසීමට ඉතාමත් හොඳම සාධකයක් සපයා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා .

මේ නිසා අපි ඉතා වගකීමෙන් කියා සිටින්නේ මෙවැනි සිද්ධීන් වලදී වන්නේ ගෝඨාභය රාජපක්ෂ නැමැති පුද්ගලයාට නොව හානිය සිදුවන්නේ ශ්‍රී ලංකා රජයට බවයි, මෙයින් සිදුවන්නේ ස්විස්ටර්ලන්තය, ජපානය , ඇමරිකාව , එංගලන්තය ,  ප්‍රංශය වැනි ලෝකෙ දියුණු  රටවල් වලින් අහිංසක ජනතාව වෙත ලැබෙන බොහෝ වරප්‍රසාද සහ ආධාර පිළිබඳව එම රටවල් දැඩි පියවරවල් අනුගමනය ඉදිරියේදී ඉඩ ඇත .

එක්වතාවකදී ශ්‍රි ලංකාව පිලිබදව ලෝකයාතුල පැවති මතය වෙනස් කිරීමට යහපාලන රජය ක්‍රියාකරතිබුණි. ඒත් රාජපක්ෂලා ගේ මේ නින්දිත හා බිහිසුනු පීඩනයන් ලෝකයේ අනිකුත් රටවල් කිසිසේත් අනුමත නොකරන බව අපි ඉතාම වගකීමේ කියමු. ලෝක ජනතාව ගේ ණයට අරන් එදාවේල කන ජාතියක් බවට රටක් පත්කල කාලක්න්නි පාලකයන් ඒ ආධාර දෙන රටවල්වලටම මේ ආකාරයට කටයුතු කරන්නේ නම් තමාගේ රටේ ජනතාවට කෙසේ සලකනවාදැයි ලෝකයා ප්‍රශ්ණ කරන බව අපි දනිමු .

යම්කිසි පුද්ගලයකුට  අසාධාරණයක් සිදු වූවොත් ඔහු පොලිසියට කළ පැමිණිල්ල  සිදුකරන පුද්ගලයාම තමා අපරාධකරුවෙක් වශයෙන් හඳුන්වා ඔහුම රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේනම් ඒ පිළිබඳව ැනි රටවල් ගැන ලෝකයා ගන්නා පියවරවල් තවත් නොබෝ දිනකින් අපිට ඉතාමත් හොඳින් දැක ගැනීමට ලැබෙන බව නොඅනුමානය.

මේ නිසා අපි ඉතා වගකීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නේ මෙම ස්විස්ටර්ලන්තය, තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ සිද්ධිය පිළිබඳව ඉතාමත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර නීතියේ රැකවරණය සහ නීතිය සාධාරණත්වය ඇයට ලබා ගැනීමට   ඉඩදෙන ලෙසයි.

ඊට ජනාධිපති ලෙසට මැදිහත්ව දෙදරු මවක් වු ඇයට කරන මානසික පීඩනය, කිසිසේත් මනුෂයකුට අනුමත කල නොහැකි ඉතාම තිරිසන් ක්‍රියාවක් බවත්,

මෙයි සිදුවන්නේ රජයේ මුදල් අවභාවිත කල ඔබවැනි අයෙකු ඉදිරියේදි ලෝකයා පිලිනොගෙන ප්‍රතික්ෂේප කිරීමෙන් ඔබට නොව එහි විපාක විදිමට සිදුවන්නේ ජනාධිපති බවට පත් කිරීමට ඡන්දය දුන් නොදුන් සියලු පුරවැසියන්ටම බව අපි මතක් කරමු.

0725


Spread the love

Leave a Comment

You may also like