වසර හැත්තෑ එකක් තිස්සේ ශ්‍රි ලංකාව පාලනය කළ දේශපාලකයින්ගේ එනම් තට්ටු මාරු දේශපාලනයේ තරම මේ වන විට තුම්මුල්ල හන්දියෙන් දිස්වෙමින් පවතියි. අඩි තුනකට වඩා ඉහළට නැගුණු වතුර පිරි මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.
වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති තුම්මුල්ල හන්දිය සහ ඒ අවට ජලය යට වීම පිළිබඳව මහජනයා කුමක් කීවත් ඒ එසේ කියන මහජනයාම වරෙක කොල , පාටත් ,තවත් වරෙක් නිල්පාටත්, ආණ්ඩු බිහි කිරීමේ ශාපය ඉතාම කැමැත්තෙන් අද භුක්ති විදිමින් ඉතා සතුටින් ඉපිල ගොස් දකින ,දකින බිතිවල අතීත ශ්‍රි විභූතිඅය මවමින් සිටියි,
රටේ තවත් තැනක කිරි වීදුරුවක් දරුවාට දෙන්න නැතිව හඩා වැලපෙන මවුවරුන්ය, එහෙම රටක් …. එත් කිසිකලකත් තට්ටු මාරු දේශපාලනයෙන් ඔබ්බට ගොස් විකල්පයන් නොසයන ජාතියක්….
කසේරුකාවක් නැති මහ උන් පොලිසියේ සිටින තාක් කිසිදාක මෙවන් කැපකිරීම් කරන නිලධාරින් ඇගයීමකට ලක් නොවන බව සහතිකයි. එවන් නිර්භීත පොලිස් නිලධාරියෙක් කරන සේවය ඇගයීමට ලක් නොකරන ජාතියක් ඉන්න රටක් ……..ශ්‍රි ලංකාව.
මේ ඡායාරුපය එව් මාගේ යෙහෙලිය ගංගා නදීට ස්තුතිය…..