උණුසුම් පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවති සාකච්ඡාවලින් පසුව දෙමළ ජාතික සන්ධානයේ සහාය රාජපක්ෂ ආණ්ඩුවට

Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානය අතර අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡා ඉතා සාර්ථක වූ බවඅපවෙතට ඉතාම විශ්වාස කටයුතු මාරගයෙන් දැන ගැනීමට ඇත. 

මෙහිදී තමා ඉල්ලීම් දහතුනක් පිළිබඳව අභිනව ජනාධිපතිවරයා දැනුවත් කළ අතර එයින් තමාගේ ප්‍රධාන ඉල්ලීම් නවයක් පිළිබඳව ජනාධිපතිවරයා ඉතා නම්‍යශීලීව කටයුතු කරන බව පෙනී ගිය හෙයින් සහ ඉදිරියේ දී  ඔහු ක්‍රියාමාර්ග ගන්නා බවට එකඟ වූ නිසා දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහයෝගය ඉදිරියේ පාර්ලිමේන්තුව තුළ දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ලබාදීමට එකඟ වී ඇත.

පසුගිය කාලය පුරාවටම දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය සහ පසුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එක්සත් ජාතික සන්ධානය සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කළ උතුරේ ප්‍රධාන පක්ෂ මේ වන විට උතුරේ ඇතිවිය.

තිබෙන සාමකාමී වාතාවරණය තවදුරටත් පවත්වාගෙන යාම සහ ජනතාවට ඉටුවිය යුතු බොහෝ දේවල් ඉටුකරදීමට දෙමළ ජාතික සන්ධානය අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ බව පාරලිමේතු මංත්‍රි සුමදිදරන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත .

ඒ අනුව ඉදිරියේදී සෑම අවස්ථාවකදීම ගෝඨාභය රාජපක්ෂ රජයට සම්පූර්ණ සහයෝගය දෙමළ ජාතික සන්ධානය ලබාදීමට තීරණය කර බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර සිටී

පසුගිය කාලයක් පුරාවටම එක්සත ජාතික පක්ෂයට එල්ලවු ප්‍රධාන චෝදනාවක් වුයේ උතුරේ දෙමළ ඡන්දවලින් බලයට ඒමට දෙමළ ජාතික සංවිධානය සමඟ රට බෙදන ගිවිසුම් ගසා තිබෙන බවකි දැන් පෙනියන්නේ සියල්ලම බලය වෙනුවෙන් බවයි.


Spread the love

Leave a Comment

You may also like