උණුසුම් පුවත්

මාස 10 පටන් පොලිස් රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරයේ වායු සමීකරණ අක්‍රියයි පොලිස් සුභසාධන අධ්‍යක්ෂක ඌරුමස් සොයා රට වටේ යයි.

Spread the love

ශ්‍රිලංකාවේ 89,000 කට ආසන්න පොලිස් නිලධාරින්ට හා යුද්ධ යෙන් දෙපා ,දැස් අහිමි සියල්ලටම ඇති එකම නාරාහෙන්පිට පොලිස් රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරය මීට මාස 10 පටන් වසා දැමා ඇත.

යුද්ධය දිනු රණ විරුවන්ට බෙහෙත් පෙත්තක් කලට වෙලාවට නොලබීම පිලිබදව ජනතාව සොයන් නැතින් වුවත් යුධ යෙනුත් ගසාකාපු උන්ව රජකරවන්න තටමන අසික්කිත ජාතියක් ශ්‍රි ලාංකිකයන් කීවොත් එය සත්‍යකි.

තම තාරුණ්‍ය රටේ කුඩුකාරයන් ,මංකොල්ලකරුවන් වැටලීමට ගොස් මෙන්ම පසුගිය යුද්ධයේදී පුජාකල බව දැන් ජනතාවට අමතකය. එයිනුත් අන්ත අසරණව අපා දුක් විදින්නේ ශ්‍රිලංකා පොලිසියේ සමස්ථ ආබාධිතයන්ය. මේ වනවිට ඇති එකමශල්‍යාගාරය ත් මාස 10 තිස්සේම වසා දමා ඇත්තේ වායු සමණය කිරීමේ යන්ත්‍රය අකර්ය වීම නිසාය.

රෝහල් අධ්‍යකෂක වරයා පවා පොලිස් සුභ සාධන ඒකකයට දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ පොලිස් සුභ සාධන අධ්‍යක්ෂක ගේ කැමැත්හ වී ඇත්තේ රට පුරා ඇති පොලිස් විවේකාගාර ව්ලට ගොස් ඌරු මස් සේවීම බව පොලිස් දෙපාරතමේතුවේම ඉහල නිලධාරින් අපවෙතට කිටාසිටින ලදි.

සුසුම්නාව ක්‍රියා නොකිරීම නිසා දැනට ආබාධිතව රොද පුටුවලට වී සිටින බොහෝ පොලිස් නිල්ධාරින්ට ඉතාම අත‍යාවශ්‍ය ඖෂධයක් වු වේදනා නාශක බෙහෙත් පෙත්තක් මිලට ගැනීම මගහැර ඊට සමාන වෙනත් ඉන්දියාවේ නිශ්පාතිත ඉතාම බාල බෙහෙතක් ලබාදී අහිංසක නිලධාරින්විශාල වේදනාවක් විදිමින් සිටින බ්වවත් පොලිස්පති නොදනීම ඉතාම නින්දිතය .

පොලිසියේ ඉහල පුටුවල වැජබෙන අයෙකු ගේ වායුසමනය කිරීමේ යන්ත්‍රයක් අක්‍රිය වු විට වහාම ඒවා ගලවා අළුතින්ම සවි කිරීමටත් පොලිස් රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරයගාරයේ මෙසේ අක්‍රිය වීම නොදන්නේ නම් රටේ ජනතාව පිලිබදව ජනතාව ගේ ආරක්ෂාව පිලිබදව පොලිස්පති නොදන්නවා යැයි කීම අපි එක හෙලාම පිලි ගනිමු.

නොමැරී මැරී සිටින පොලිස් ආබාධිත ,තුවාල ලැබු මේ අහිංසක නිලධාරින් පිලිබදව දැන්වත් සොයා බලන ලෙසට අපි පොලිස්පති ගෙන් ඉතාම කාරුණිකව ඉල්ලමු.

 

නලීන්0725


Spread the love

Leave a Comment

You may also like